Pages

Showing posts with label කෙටි වචන සහ දිගු අරුත්. Show all posts
Showing posts with label කෙටි වචන සහ දිගු අරුත්. Show all posts

Monday, July 1, 2019

නා කපන වැස්සට
නතර වුණා පියස්සට
තද ‌තේක්ක 
දොරක් ළග 



කාලය

එක කාලෙක එයා කිව්ව 
මං පරක්කු වැඩියි කියල
දැන් ටිහකට කලින් කිව්ව
මං ඉක්මන් වැඩියි කියල 


Monday, February 15, 2016

කරුණාකර මෙය 2023, පෙබරවාරි 14 දා කියවන්න !


නුඹේ
භාෂණය
ලේඛනය
හා
ආදරය
"මට"
නොවෙද්දිත්,
මගේ
මුළු
පපුකැවුත්තම

"නුඹට"...



Thursday, January 21, 2016

නුඹ වෙන් වූ දා....

එදා...
වෙරළට ගොඩ ගැසූ
මියගිය තල්මසා
බැලීමට බොහෝ පිරිසක්
පැමිණ සිටියා...




Monday, December 14, 2015

ශීත ඝෘතුව (වසන්තය???) නිමාවන්නට පෙර....




උණුසුම්ම උණුසුම්
හැඟුම් ගොන්නකින්
පිරෙව්වාට මගේ හදවත 
ස්තුති කරන්නද
කොහොම උඹට...
උඹ නං හැබෑම
හිතුවක්කාරියක් තමා,
මගේ අල්තීනායි!



පරෙස්සම් වෙයන්
මුන් උඹව විකුණාවි!


එන්නට
බැරි වේවි මට...
අස්වයා පිටින් තියා පයින්වත්,
මොකද මං
දුයිෂෙන් නොවෙයි!





Tuesday, March 11, 2014

උත්තානය...



කීවෙහිය නුඹ,
                            '' පුලුවන්නම් ඉන්ට
                            දින සීයක් රෑට
                            මගේ ඇඳ යට
                            කැමති වෙමි නුඹට.''

*  *  *  * *  *  *  *  *  *  *  *

අනූනව වැනිදා රෑ දොළහට
මා පසුතැවෙන'යුරු බලන්ට
නුඹ හිස පෙවීහිය ඇඳ යටට.

*  *  *  * *  *  *  *  *  *  *  *

කීවෙමි මම,
                            '' නුඹ එපා මට.''



Friday, March 7, 2014

ගණං මිසුයි , විද්‍යා මිසුයි






වැඩිපුරම හිත ගියෙ මට
වටකුරු
හින්දු අරාබි ඉලක්කම්වලට
වැඩිපුරම අත ගියෙ මට
උස දිගැටි
ආවර්තිතා වගුවට



Thursday, December 5, 2013

කැම්පස් !






රජ උයනේ සිරි නරඹමින් සිටි
ආගන්තුක මොහොතක
බමරුන් සිඹි
මලක් පෙන්වූ ඔබ,
       "මල් පෙති
        පොඩිවී
        තැලී
        කිලුටුවී ඇතැයි ද
එහෙයින්,
        ඉන් පලක් නැතැයි "ද
කී ඔබ,
අද...

පෙති මත
නිලමැස්සන්
හෝහපුටුවන්
කෝඳුරුවන්   
වැසූ
මලක් ළ'මැද මත තියාන
මා ඉදිරියේ රඟන අපූරුව.

Friday, September 20, 2013

මා ධාරාණිපාත වරදක් කළා...

1 ට වඩා 2
විශ්වාස කළා,
1 ට පස්සෙ 2 
කියල
අමතක කළා.

...කළා වරදක් ධාරාණිපාත මා
















Monday, December 17, 2012









ලෝක විනාශය

ඔයත්, ඔයාගේ වැඩත් හරියට
හඳුනා නොගත් ආකාශ වස්තු වගේ මට !















Wednesday, September 26, 2012

විප්ලවය


හඳ ගිහින්
ගෙවීගෙන ගෙවීගෙන
ආවත්
ආපහු වටකුරුවට...
මගේ සෙරෙප්පුව
යනව විතරයි 
ගෙවීගෙන ගෙවීගෙන...



Tuesday, August 14, 2012




මනාපයි !



කපන්න කපන්න
මල ලියලන්නෙ
උඹටමයි
රා මදින්නෝ...












Wednesday, July 25, 2012

කෙටි වචන සහ දිගු අරුත්





අල්තාරයට...   








මා
සෑහෙන්න
විශ්වාස කළා
නොසෑහෙන්න
ආදරේ කළා

ඒ ඔක්කොටම වඩා
ඔබෙන් පිට වූ හුස්ම
මා උරා ගත්තා

ජමීලා
මැටි අශ්වයයි පන් මිටියයි
ළඟ තාම හුමිටි තබනවා
මා



Thursday, May 3, 2012

පුන්සඳ
හරියට
ගෑනියෙක්ගේ
උඩු තොලේ හරි
යටිතොලේ හරි
කොහේ හරි තොලක
උපන් ලපයක්
තියෙනවා වාගේ...

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.