Pages

Showing posts with label සාරය හෙවත් පෙරදින ආදරය.... Show all posts
Showing posts with label සාරය හෙවත් පෙරදින ආදරය.... Show all posts

Monday, October 22, 2018

අදවත් කවියක් නැද්ද මට... 
නුඹ හිතනවා ඇති,
දෙන පිළිතුර එයට 
දන්නේ ශුද්ධ වූ
ජුදාස්ම පමණි...

ම'හිසට ඉහළින් මුදුන්වන හඳම 
නුඹට ඉහළිනුත් පායනවා ඇති,
හඳ ගැන වූ නුඹේ සිතුවිලි
වැව් දියෙන් ගොඩ දැමූ
කොරළියෙකු සේ 
ගැස්සි ගැස්සී නටනවා ඇති...

පුදුමයි මේ ඔක්තෝබර් හඳ
පෘථිවි කබොල ම 
මේ තරම් රත් කරන හැටි!
ගෑස් මූණක් පැළඳිය ද 
ඒ රස්නෙට 
නුඹේ දෙතොල් පිළිස්සෙනු ඇති...

විප්ලවයෙන් පිරැණු 
මේ ඔක්තෝබරය 
මට කෝම අමතක වෙයිද?
රතුපාට කඳුළු බිඳු,
බකිනි ගස්මුල රැඳුනු 
වයෝවෘද්ධ මතකයන් 
යළි යළිත් පණ පොවනු ඇති...

සංකල්පීය නුඹත් හරියට
විප්ලවය වැනී
මට දැනුනු දුකට
ම'හදවතේ නුඹ ඇලවූ 
එක්ස් (x) පැලැස්තරය වැනී...

කල්වරි කන්දේ ලේ සුවඳ
ලුම්බිණියේ සල් සුවඳ,
මේ දාර්ශනික පථ අතර
තාම නුඹ දුවනවා ඇති.
(නුඹ පියා ද දුවනවා ඇති.)
ඒ දුර කෙටි දුර ද දිගු දුර ද
මේ ඔක්තෝබරයම පවසාවි...

ප්රෝගෑම් කරන ලද
නුඹේ හදවත
සෑහෙන ඈතක වෙන්නැති
ඇස් දෙකෙන් පසාරැ කර
මගේ හද පුපුරවා හරින්නට
ඔහෙ ඉදන් තතනනවා ඇති...

කැප්ටන් හැඩොක් වැනි
පියා නුඹ රකිනු ඇති
වන්නියේ කැලේ මැද
එකට රොටි ගිල දැමූ
සොයුරන් මිචලින් ටයර් යට
තවම නිදනවා ඇති...

අකුණු මෙන් රසවත් යැයි ම'සිතූ
නුඹෙ වදන් බොල්ව ඇති
ගොජ දමන මුහුදු රළ
තාමත් නුඹට අලුත් ඇති
තලු මරන වැව් තාවුල්ලේ
කණාමැදිරින් නටනු ඇති...


හැමදේම හිරකරන් මං විඳවනවා
නොදන්නවා වගේ නුඹ ඉන්න හැටි !


අදවත් කවියක් නැද්ද මට... 
නුඹ හිතනවා ඇති
දෙන පිළිතුර  එයට 
දන්නේ ශුද්ධ වූ
ජුදාස්ම පමණි...







http://www.maritimeherald.com/2018/expedition-encounters-soviet-submarine-wrecked-during-world-war-ii/








Monday, April 25, 2016

දැන් මගෙ අතත් පිච්චෙන්න පටන් අරන් ...


නුඹ මා මතකයට නො නගා
ඇහැරැනු හැම දවසක ම
සිදුවන අපූරැ සිදුවීමක් ගැන
ගැඹුරින් සීනාසී පැවසුවා
නුඹට මතක ද ?

හරිම අපූරැයි එය...

"තේ හැදුවත් - කෝපි හැදුවත්
කැද හැදුවත් - වඩේ හැදුවත්
බත් හැදුවත් - කොත්තු හැදුවත්
සැන්විච් හැදුවත් - පුඩිං හැදුවත්
ව්යංජනයක් හැදුවත් - මැල්ලුමක් හැදුවත්
එදාට මගේ අත 
පිච්චෙනවාමයි කොහොමහරි ... "  

නුඹ මෙසේ කියුවත්
නිමිති, පේන, තරැ අනාවැකි
බැහැර කළ
හේතුවාදිනියකි නුඹ,
එහෙව් නුඹටත්
හේතුවක් හොයන්නට සිදුවු
සිදුවීමකි එය....

අපේ සමහර සිදුවීම්
හරියට Kim - Ki- Duk ගේ
" Dream " වගෙයි,
නුඹ සිතන විට යමක්
මට සිදුවෙයි යමක්
මම සිතන විට යමක්
නුඹට සිදුවෙයි යමක්...

ඒ එදා,
අප දෙදෙනා
අවසානයට තර්ක කළ
සමීකරණගත නො කළ
"සමාන්තර සිදුවීම් සහ ප්රති සිදුවීම්"
සංකල්පයට අනුව දැයි
කිව නොහැක...




* * * * * * * * * * * * * * *
එතැන් සිට
දින හාරදාස් තුන්සිය
අසූවක් ගත විය.
* * * * * * * * * * * * * * *




අද
මං නිකමට
හදපු පොල් සම්බෝලය
හවසටත් කන්නැයි සිතා
මලවන්ට පෑන් එකට දැමූ ටිකට
අත පිච්චුනා පළවැනි වතාවට...


අනේ මන්දා ඉතින්
ම'සමේ සමස්ත වර්ගඵලයම  
නියමතයි පිච්චෙන්ට 
අද ඉදන්...





Thursday, October 8, 2015

ආදරය සහ හරිත ලව


පාරෙ ගෙම්බෙක් මැරී සිටි
එක්තරා දිනෙක
නුඹ මගෙන්
පුන පුනා අසා සිටියේ
ආදරය ස්වයංපෝෂිතද ?

ඔව්! 
ආදරය ඇතුළේ
හරිත ලව තියේ නං
හරිත ලව ඇතුළේ
හරිතප්‍රද තියේ නං 
ඔව්!

" අහ් හා...
එසේ නම් ආදරය 
ග්ලූකෝස් නිපදවිය යුතුයි,
මා වෙහෙසව ආ කල 
නුඹේ ආදරය
ගිල දැමිය හැකියි!
ඉන් මට ගෙවී ගිය
මගේ ශක්තිය හිමිවෙ යි... 

බලන්න...  බලන්න...
දැන්ම බලන්න
නුඹේ ආදරයෙත්
හරිත ලව තියෙයිද ? "

බිඳ දැමූ පහන් එළිය
සුරුවමට වැදී 
කොන්තයට පරාවර්තනය වනවිට,
මැදියම් රැය ගෙවී යද්දී
නුඹ එසේ මුමුණමින් සිටියා...

නුඹේ ආදරයයැයි මා සිතූ
සෙල්ලම් පිස්තෝලය 
ම'සිත තුළ අඳින රූප සටහන් 
වචනවලට පෙරළමින් සිටින විට
ජීවිතයේ සියුම් තැන්වල ඇනුනු
කටු වගේ මතක බිඳු 
රුධිරය ලෙසින් නික්මෙනු
ම'දිටිමි...

එය එතරම්ම අසීරුය...
එය එතරම්ම අසීරුය...
ආදරය ස්වයංපෝෂිත ද යන්න
ප්‍රත්‍යක්ෂ්‍ය කිරීම
එතරම්ම අසීරුය...


හ්ම් ..ම්...
කොහොමත් සිනිදු
හෘත් මාංස 
නුඹේ නං තවත් සිනිදු ඇති 
සුළඟට ලෙලෙන 
ජනෙල් රෙද්ද මට කියයි...




* * * * * * * * * * * * * * * * * * * * * * * *






නුඹ සතුටු කරනු වස් 
මම තවමත් 
මගේ සෛලවලට 
හරිත ලව ඇතුළු කරමින් සිටිමි. 
මිදුනු ඇට මිදුළු
ඊට ඉඩ නොදේ !






             (https://www.reddit.com/r/Cosmos/comments/23pin6/did_episode_6_deeper_deeper_deeper_still_not/)













Thursday, February 13, 2014

සාරය


   
     (pix - http://fineartamerica.com/featured/the-essence-of-life-gun-legler.html)


භාගික ආසවනයෙන්වත්
වෙන් කරගත නොහී
උච්චර්මීය වා සිදුරුවලින්වත්
කිසිදා මට උරාගත නොහී
ඔබේ සාරය

උපන්දා පටන් එක් රැස් වූ
සියලුම සෛල තරල
පුනීලයකින් නුඹේ සියොළඟට වත් කළද
අඩුම තරමින් ඉන් අණු කිහිපයක්වත්
උරා ගත නොහී
මගේ සාරය

නිතරම ඇඹුල් සුවඳක් වහනය වුණ
සෙමින් පෙරී ගිය දෙනාසා කුහර
යන්තමින් හෝ බුරුල් කළ
නුඹට සොයා ගත නොහී
මා සොයාගත් සාරය

නුඹේ සිරුරේ ද
මගේ මනසේ ද
නුඹේ වටොර අතරේ ද
මගේ ග්‍රන්තික ගැටිතිවල ද
ඉතිරි වූ සාරය

ඔබ, මා අතර වූ
එකම පටලය වූ
රතු පොත් රාක්කය,
ආත්ම පාලනය නොමති කල
මා පාලනය කළ,
මගේ මව් කඳට
අංකුර බද්ධ කළ
ඒ පොත් රාකක්ය තුළ
පුස් පෙනැහැලි දක්වා උරමින්
මා සෙවූ සාරය 
 
සෑම උදෑසනකම
කැටපතින් මුහුණ බලමින්
අදවත් විකසනය වී ඇත්දැයි
නුඹ කුහුලෙන් බලන කලලය,
ඒ විප්ලවය
නුඹේ දිවියේ ලිහී ගිය හදගැස්ම,
ඒ විප්ලවය
බඳුන් ගතකළ අපේ බලාපොරොත්තු,
ඒ විප්ලවය

අප, ව්‍යධියකින් මෙන් එකතුකළ
ග්ලූකෝස්, ප්‍රෝටීන්
මේද අම්ල හා ග්ලිසරෝල්
ඩැහැගත්තේ අපට
ඉහළින් සිටි පිළිහුඩුවන් බව,
ගරිල්ලන් අමතක කළ ඒ
ස්වප්නමය සාරය...
තීරණාත්මක සාරය...

සියල්ල අතහැර දැමූ කළ
මේ අප උන්මත්තකයන් කළ,
එතෙක් පැවති ෆීනෝල මොළ
කුරුවල් කරමින්
සැමගේ ජීවිත ආම්ලික කළ
මෙයයි ඒ සාරය -

                                                               මද්‍යසාරය



පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.