Pages

Monday, June 17, 2013

කුරුටු ගාන CR පොත - පිටු අංක 80

14.06.2013
රාත්‍රී 11.55
සුළං බොහොම තදයි...


]පනින්නටවත් සීමාවක් නොමැති
අසීමාන්තිකයාගේ රැය[


ඒක  අඳුරු රැයක් !
ඇඹලයින් ද
මා කෙරෙන් ඉවතට ගිය.



මා  ද , ම'සිතුවිලි ද
අඩුම ආයුෂ කලක් ඇති
මැයි මැස්සෙකු වූ
මැයි මාසයේ,
ඒක කුණාටු රැයක් !

පංගුකාරයින්ට
ආවේස නොවෙච්ච
ම'දිවිය,
පංගුකාරයින්ට දෙනු රිසින්
සැරසුණු,
රැවටුණු
ඒක  මූසල රැයක් !

සිතුවිලි බර
හදවතට දැනෙන'තරේ
නුඹ මගේ
ඇහි පිහාටු ගනිමින් සිටි
ඒක දිරාපත්වන රැයක් !

විකාර රූපී වුවමනාවන්ට
එරෙහිව, මගේ සෛල සටන් කළ
කාබන්ඩයොක්සයිඩ්
වැඩිපුර පිටකළ
එපා උන තැනකදී
රස්නෙ පහරක රස්නෙ
නිතඹට දැනුනු 
ඒක  අකාබනික රැයක් !


ඇත්තටම හෝ
අනවශ්‍ය දෙයකට
දර-දිය අදිමින් සිටි
ආකර්ෂණයක් පමණකැයි කියූ
ඒක නිව්මෝනියා රැයක් !

රිදවීම-නොරිදවීම
රැවටීම-නොරැවටීම
ඇත්ත-නැත්ත
අසීමාන්තික-සීමාන්තික
විකර්ෂණය-ආකර්ශනය
අතරේ දෝලනය උන
මා,
අවලම්භ බට්ටෙකු වූ
ඒක මංමුළාකාරී රැයක් !


 සඳකට හෝ කිසිදු තරුවකට
සිඹින්නට බැරි ලෙස
පෘතුවි කබොල මත
ඝනව වැඩි
නවද ගස් දෙකක
දැවටී වැඩෙන
රැසකිඳ වැලක්
ඉන්ම, සුවපත් වන රැයක් !

මහපොළොවේ කාන්දම් බලයට
හැමදා විරුද්ධ උනු මා
හැමකෙකුගෙන්ම විකර්ෂණය වී
නුඹ ගැබේ සදහටම
නිදන්ගත වූ
මේ මොහොතේ පටන්
ඒක සොඳුරු රැයක් !












 




 

Monday, June 10, 2013

මළවුන්ගේ දවස

ලෝකයම රවුම් බව
තේරුණා  මට...

ගැස්මක් තිබිය
යුතුම බව හදවතට
දැනුනා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.


සෞන්දර්ය !
ජීවිතයේ හැම වැරද්දක්ම
මකන කෝව බව
උගත්තා මම...

නළලේ තිලක
ඇඟිල්ලෙන් තියන බව
දැනගත්තා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.


බැඳීම් වීදුරු වගේ බව
ඒවාට අත කැපෙන බව
පසක් වුවා මට...

පැමිණි පසු නුඹ ම'වෙතට.

නම දොරට අමතරව
තවත් දොරක් ඇරියා මම...

පැමිණි පසු නුඹ ම'වෙතට.






මේ දේවලට කාලය ගෙවෙත්ම
අපි එහෙ-මෙහෙ ගියා නොදැනීම.


* * * * * * * * * * * * * * * * * * * * * * *

නුඹ ගියේ ඉරිදා...
නමුත්,
මම ගියේ සිකුරාදා...











 

 


Wednesday, June 5, 2013

නැත. 

දිනෙක
මට වඩා විප්ලවකාරී
කවියෙකු
සිනාසෙන්නෙකු
මගපෙන්වන්නෙකු
හඬන්නෙකු
මිනිසෙකු
නුඹට හමුවනු ඇත...

නුඹ මා අතහරිනු ඇත.

එත්,
දෙනාසාපුට
තුලින් රිංගූ
නුඹේ ෆෙරමෝන
මා නුඹ පසින්
ඇදගෙන යනු ඇත...



* * * * * * * * * * * * * *

නැත. 




Tuesday, June 4, 2013

වල දැමූ මතක ගොඩ ගමි.
ගොඩ ගත්  මතක වල දමමි !   




අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනක්
ම'සිතින් රැගෙන
කම්හලේ දොරටුව මුලදී
ඔබ හමුවුණෙම්...

සිතුවිලි තුන
එකිනෙක පරයමින්
රඟන්නට පටන් ගති...
ඔය දෑස්
බලා සිටියාදැයි
අදටත් මම අසමි...
කට කට ගා
මගේ කෘන්තක
ගැටෙන විට
ඔබ දෙපසට ගස්සා ලූ
කොන්ඩාකරල් දෙකේ බර
මගේ හද ගැඹුරටම දැනුනි...

එක සිතුවිල්ලක්
මට පහල වූයේ ,
රිදියට ගලායන
ගංදෑලේ
නිදමින් හුන් විටදී ය...

දෙපයේ පැටලෙන
සීතල වතුර මකුළු දැල
ඍජුව ම 'නෙත් හැරවුයේ
හිස් අහසටයි...

කළුගඟට ඉහළින්
තත්පරයට මීටර ගණනක වේගෙන්
චන්ද්‍රිකාවක් ඇදී යයි...

       "තාත්ත වේගවත් රියැදුරෙක්...
                          මාත් රේස් පැද්දොත් නරකද ?"


මගේ ඒ වියරුව
සල්ලි කඳු ගොඩ ගසනවා
නිසැකය...

* * * * * * * * * * * * * * *

සිතින් දැකි
දෑසින් නොදැකි
හොල්මන් සමග
දොඩමළුවන්නට
වුවමනා විය මට ...
දූව පන්සල පාරේ සොහොනේ
නෝනිස් මුදලාලිගේ
බෑණාගේ සොහොනේ වල
මට ඊට උදව් විය ...

අඩි ගණන් උසට
මිනී  පිච්චුන එතන
හතර ගාතය විසිරුවා
උඩුබැලිව
අහස දෙස බලා හිඳින මොහොතේ
හඳ, මා මුවට
වචන වට්ටමින් සිටියේය...
දෙවැනි සිතුවිල්ල සිතට නැගින.

                              "දොස්තර කෙනෙක් වුණානම් මරු !
        පැලෙන්න හම්බකරතහැකි "


මේ මොහොතේ පසුතැවෙන
ජීව විද්‍යාව මට තුරුලු  විය.
මං  ජීව විද්‍යාවට තුරුළු වීමි.

* * * * * * * * * * * * * * *


කාලයාගේ අවෑමෙන්
නිතර නිතර ප්‍රශ්න තුනක්
අහන්නට වීමි ඇගෙන්...

                               "අඳුරත්, තෙරක් නොපෙනෙන අහසත්
                          හඬ ගසන්නේ
                මට ද? නුඹට ද ? "


                "හඳත්, ගැඹුරු ළිං පතුළත්
           හඬ ගසන්නේ
මට ද? නුඹට ද ? "


          "ඉක්කාවත්, ඔක්කාර රසයත්
     වෙන්කළ හදවත ඉකිගසන්නේ
මට ද? නුඹට ද ? "


අදටත් පිළිතුරු නොදුන්
මේ නටබුන් ප්‍රශ්න
බොහොම සංයමයෙන් යුතුව
හදවත කනිනවා
දැනේ තදට මට...

එක හුස්මට
පොත් කියවන කාලෙක
රතු පොත් රාක්කයක්
තුරුලු කරගෙන
මියගිය තාත්තගේ
ඇඳ  පුලුස්සන්නට පෙර,
පුතකු ලෙස ඒ මත
අවසානයට වතිරුනෙමි...

මුදුන් වහලයේ
මුදුන් උළුකැටවල
කුමේර බිඳී ඇති ගුල්වලින්
අහස මට දිස් විය...
එවෙලේ මට තුන්වැනි
සිතුවිල්ල පහල විය...

"උඹට පිස්සුද?
ද්‍රව්‍යාත්මක සංකල්පයක බරට එරෙහිවන
ගර්ෂණය සොයන්නේ?
මුලාව සහ වංචාව
භෞතිකව සූත්‍ර ගත කරන්නට
පුළුවන් උපායක්
ඉගෙන ගන්නේ !"












අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනත් 
ම'සිතින් දරාගෙන
කම්හලේ දොරටුව මුලදී

ඔබ මා ද
මා ඔබ ද
මග හැර ගියෙමු.
 





















Friday, May 31, 2013

සිඹින්නට ඕනෙමයි
ඔබේ ඔය
නිදිකුම්බා නෙතු යට රත...

පෑලදිග දිගහැරෙන
රත් පැහැයට
ම ගේ මුවේ ගුරු පැහැය
එක්කොට
සංකලනයෙන් එන පාටින්
නුඹට තියමි තිලක...

වැහි පොදටවත් නොසේදෙන
ඒ  තිලකය නුඹ
ඈත විල්ලුවේ උසම තැන හිඳ
තෙත මාත්තු කරන'යුරු
මේ දැනුත් දැනේ මට...
 

හැමවෙලේම ම' වටේ කැරකෙන
නුඹේ රවුම් රවුම්
රස්නෙ හුස්ම ටික
හදවතේ සීතල හර්ත් පේෂීන්
තව තවා පණපවන අපූරුව.

* * * * * * * * * * * * * * * * * * * *

අනේ බිරින්දේ !
උඹේ සිනිදු හා ලොම් ටික
කොයිවෙලෙත් කිතිකවනවා
මගේ සියොළඟ... 









 

Thursday, May 30, 2013

වෙසක්


ඒයි ! දුයිෂෙන්,

බලපන් ! අපි අර හදපු
වෙසක් තොරණෙ
බල්බ් ඔහේ පත්තු වෙනව....

බලපන් !  දුයිෂෙන්,

මගෙ  මාමයි නැන්දයි දෙන
දන්සැලේ  පෝලිම.


- අල්තිනායි

Thursday, January 3, 2013

ඔයත් හරියට
බම්බලපිටිය දිගට 
කැළඹෙන, පහළින් ගල්ගොඩට
මුහුද... අර මුහුද 
වාගෙමයි මට
කිව්වා ඔබ දවසක...
                                       
 
ඔව් ! ඔව් ! මමත්                                 
ඒ මුහුද වගේමයි.
                              

ඇවිත් හැමෝම
කරන - කියන
කිතිකවන - ලෙවකන
සියලු දේ බලාන
ඉන්නවා... ඉන්නවා...
තොල කට විකාගෙන.


                            වෙන මොනා කරන්නද ?
               
    
 
                                                

Monday, December 24, 2012

Between pushing cement sales and causing a lifetime of tears



Between pushing cement sales and causing a lifetime of tears

  • By  Dilshan Boange
  • Sunday, 23 December 2012 00:00
Manoj Dharmawardhane Manoj Dharmawardhane
A pioneer of modern advertising David Ogilvy says that advertising is a business of words. Therefore writers are spinal to the industry that ‘creates’ communication for the purpose of selling products. The designation given to a person who writes lines for a press advertisement or scripts a TV advertisement is ‘copywriter’. The copywriter is a person who no doubt needs to bank on creativity to make the product appealing while knowing what facts need to be conveyed to the potential buyer.

Writing can be both for the purpose of art as well as commerce. A ‘writer’ who works as a copywriter surely can have a duality in this sense when he reaches inwards to tap his creative pulses and create expression that serves the respective purposes. “A good copywriter can, with a single line, sell a ton of cement. Still, a good writer by putting to words a chain of emotions can make a sensitive person cry a lifetime.” This was how the difference between the two roles of ‘scripting’ was illustrated to me by Manoj Dharmawardhane, a copywriter at Leo Burnett Solutions, who has worked as a copywriter for the past five years, but found his drive for creative expression that serves commerce, rooted in his passion- a writer, an artiste of words. Having worked at the agencies ‘Clinch’, ‘Cameron Pale and Medina’ and ‘Holmes Pollard’ before joining his present place of work, Manoj now feels that he is at a point in his career where the scope of exposure to brands and the diversity of experience in working with products are at a peak.

Having read Mass Com for his BA from Kelaniya University, Manoj also holds diplomas in journalism and electronic media and started his career as a journalist and has explored his inner passions to become a writer although he is yet to achieve the status of a published writer and qualify as an ‘author’ in the realm of literature.

“As school kids we have ambitions of becoming doctors, engineers accountants, but not many really think of a career related to an artistic field at that point. While I had those ideas I also had a dream of becoming a writer someday. There is that inner passion and dream in kids as they grow up to become a writer someday.” This was how Manoj spoke of his career choices. His passions to become a writer, in terms of fiction writing, propelled him to write short stories and make a submission in 2007 to the competition held by the Sri Lanka Writers Association. The result had been the first attempt and saw his short story ‘Ruhunu Kumari’ being nominated simply to be critically struck down by the judges as an example of what a short story should not be! Some of the observations made by the panellist had been as Manoj recalled that writers need not force themselves to find plots, because stories can be seen around us in the world we inhabit.
Manoj believes a writer must be attentive and sensitive to the world around and find creative ways to recreate the world through writing. Perhaps his senses were better honed afterwards because his entry ‘Nawathumakin arambi kathawa’ (The story that began from an ending) was adjudged the best short story by the Sri Lanka Writers Association in 2010.  A personal milestone surely in his journey in authoring, he said, he has presently a collection of short stories he has readied for publication, but still hasn’t set himself to the process of taking it from a manuscript to a book.

“No one specifically taught me to write in a certain way or how to become a writer. Our lecturers at campus shared their experiences and outlooks as writers, and that of course helped. The other thing is reading. I’m an avid reader. It’s almost like an obsession for me.” Russian, African, Indian, Latin American fiction has had an impact on him. Manoj believes that any writer, be if for art or commerce must diversify in reading, and see the difference of expression across cultures.

What marks the differences between a writer and a copywriter, seeing as how Manoj occupies both these spaces? His answer was that a writer develops and brings forth expression more philosophically as opposed to a copywriter who must look at aspects of psychology. “A copywriter’s work is supposed to offer a solution to a specific problem in marketing. A writer sees his writing as something that transcends the immediate present and looks to the future.” Manoj observed while giving an illustration to show how the thinking and output of a writer and a copywriter works. “A writer’s thinking and output is like what happens when light goes through a concave lens. It expands and spreads to a vast distance. The writer analyses intensely and elaborates. The copywriter gives a line for a campaign. He condenses and brings things to one crucial pinpoint. It’s like what happens with a convex lens.”

Listening to Manoj it was clear to me that what defines him is the pulse of the writer, more than the designation he bears. And he fully acceded to it. “We are all born with a certain stock of creative ideas. But it runs out at some point unless we regenerate it through new experiences. I believe it applies to both writers and copywriters. Watching films, theatre, enjoying nature is essential for this purpose. But I also believe that not every writer can become a copywriter while not every copywriter can be a writer.” There is in those words an indication of how the two roles serve ends that are moulded with different ‘character substance’, and decide the degree and limit of the ‘individual’s vision’ allowed in the final outcome.

Monday, December 17, 2012









ලෝක විනාශය

ඔයත්, ඔයාගේ වැඩත් හරියට
හඳුනා නොගත් ආකාශ වස්තු වගේ මට !















Thursday, November 22, 2012



උද්ධමනය
මට
දැනෙන හැටි ...


ඉස්සර
වඩේ

දහයට පහයි !
දැන්
විස්සට පහයි  !

Wednesday, September 26, 2012

විප්ලවය


හඳ ගිහින්
ගෙවීගෙන ගෙවීගෙන
ආවත්
ආපහු වටකුරුවට...
මගේ සෙරෙප්පුව
යනව විතරයි 
ගෙවීගෙන ගෙවීගෙන...



Tuesday, September 11, 2012

විමුක්තිය !

ආහ් !
මකා දැමුවා මං
දිව කකාරවන
නුඹේ නමේ අවසන් අකුරත් !

පුදුමයි,
ඇදිල කියවෙන
ඒ මහප්‍රාණ අකුර
මකා දමන්නට
සොයමින් සිටි යතුර
කියා දුන්නෙත්
ඒ අකුරු ඇමින වූ
"ලුනා" මයි !




lunatic

  

Tuesday, August 14, 2012


පාන්



නුඹ ඉල්ලන්නෙ පාන්
මගේ කඩේ නැත්තෙත් පාන්
එසේනම්  කළ යුත්තෙ තමන්
තියෙන තැනකින් ගැනීමයි පාන්...

හැබැයි,

අර කඩේ නෑ පාන්
කියන එක නවතපාන් !



මනාපයි !



කපන්න කපන්න
මල ලියලන්නෙ
උඹටමයි
රා මදින්නෝ...












Friday, July 27, 2012

ගැහැනිය සහ පිරිමියා


පිරිමියා සහ ගැහැනිය
ස්වාභාවිකව වෙන් කළ නොහැකි
පරමාදර්ශ දෙකකි.

අස්වාභාවිකව

වෙන් කළ හැකි
පදගතාර්ථ හෝ
පද දෙකකි.

පිරිමියා මහෞෂධය.

ගැහැනිය ද්වඟුල ප්‍රඥාය.

නමුත්,

ඉංගිලිසියේ ඇත්තේ
අකුරු දෙකක
වෙනසකි.

කිසි දිනෙක,

ගැහැනිය තම ඇස්
තම ඇසින්ම
නොදකින්නීය.
පිරිමියා
තම ඇස්
සියැසින් තියා මනසින්වත්
නොදකින්නේය.

උහු ඒවා වනති, හදති.

විඳිති, රස බලති.
නමුත්
ඒ සියල්ල කැටපතකිනි.

පිරිමියා වරදක් කළොත්

එය තිලකයකි.
උදාහරණ බොහෝය;
තහනම් ගසේ ගෙඩි කෑම,
ජීවියකුට වෙඩි තැබීම හෝ ඝාතනය ,
හුඹස් කැඩීම,
නූපන් දරුවන් මැරීම
ඉන් සමහරකි.

ගැහැනිය වරදක් කළොත්

එය කැළලකි.
සුදු සමේ රතු බිබිලි වැනිය,
මුහුණ මැද වූ තඩි ඉන්නෙකු වැනිය.
උදාහරණ බොහෝය;
තහනම් ගස සොයා ගැනීම,
එහි ගෙඩි කැඩීමට පෙළඹවීම,
සර්පයින් සමග සෙල්ලම් කිරීම,
ආසාවකට දරුවෙකු වැදීම,
උන් තිඹිරිගෙයි අතරමං කිරීම
ඉන් සමහරකි.

ගැහැනිය තමා ගැහැනියකැයි

තවම නොදනී.
පිරිමියා තමා පිරිමියෙකැයි
තවම නොදනී.
දෙබිඩි දිවියකට තුරුල්ව
ගැහැනිය පිරිමි වැඩත්,
පිරිමියා ගැහැනු වැඩත්
කරනුයේ එබැවිනි.

Wednesday, July 25, 2012

කෙටි වචන සහ දිගු අරුත්





අල්තාරයට...   








මා
සෑහෙන්න
විශ්වාස කළා
නොසෑහෙන්න
ආදරේ කළා

ඒ ඔක්කොටම වඩා
ඔබෙන් පිට වූ හුස්ම
මා උරා ගත්තා

ජමීලා
මැටි අශ්වයයි පන් මිටියයි
ළඟ තාම හුමිටි තබනවා
මා



Tuesday, June 5, 2012

මායාවතියේ...










ඉර හඳ ඉරා දමන්නට
වෙර දරා ස්නායු  සිඳගත්
හද සිත්තරාගේ සායම් බඳුන
පෙරළා එකවර හද වර්ණ කරගත්
මායාවතියේ...


මන්නාරම් පතොක් පඳුරක
දළඹු  කටු අතරෙ
සැරිසරන කළු කුහුඹුවන්
ගන්නට නොහැකිසේ නිය'ගින්
ගල්පිළිමයකි ඔබ
ඉර හඳ මැරෙනකල්


දළ සටහනේ ඇඳි හදවත් සැකිල්ල
වාත්තු කරන තුරු  ලොමින්
හදට නිස්කලංකව කම්පන ගලා එයි
ඔබ කොහේ හෝ සුවෙන් නම්
මායාවතියේ ...

Thursday, May 3, 2012

පුන්සඳ
හරියට
ගෑනියෙක්ගේ
උඩු තොලේ හරි
යටිතොලේ හරි
කොහේ හරි තොලක
උපන් ලපයක්
තියෙනවා වාගේ...

Monday, March 26, 2012

අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය - [ඇලෙක්සි අර්බුසෝෆ්]






වාල්යා- සර්ජී....

සර්ජි- ඇයි?

වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.

සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ අලස බවක් එහෙම දැනෙනව ද? එහෙම නැත්නම් ජීවිතේ පාලුයි කියල හිතෙනව ද?

වාල්යා- පිස්සු කතා කරනව. මට එහෙම දෙයක් දැනෙන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙලා නෑ.

සර්ජි- තව ටික කලක් ඔහොම ගියාවෙකො. පොඩ්ඩො දෙන්න ටිකක් ලොකු වුනාට පස්සෙ අපි ඒ දෙන්නව ළමා පාසලකට දාමු. ඊට පස්සෙ ඔයාට වැඩිදුර ඉගෙන ගන්න හරි රස්සාවක් කරන්න හරි යන්න පුළුවන්.

වාල්යා- (විරාමයකට පසු අලසව) මම මොන වගේ රස්සාවක් කරනවටද ඔයා කැමති?

සර්ජි- කොන්ක්‍රීට් දානව වගේ වැඩක්. මේ කාලෙ ඉතාම වැදගත් වෙන්නෙ කොන්ක්‍රීට්.

වාල්යා- (එය පහත් කොට සලකමින්) කොන්ක්‍රීට්? මට ඕනෙ වෙලාවක කැෂියර් වැඩේ කරන්න පුළුවන්.

සර්ජි- එපා වාල්යා. ඔයා හිතන හැටි වැරදියි. (හැඟීමෙන්) මිනිහෙක් සන්තෝස වෙන්නෙ මොකක් හින්දද? තමුන් වැදගත් වැඩක් කරනව, තමුන්ට වඩා විශාල දේක තමුන් කොටස් කාරයෙක් වෙලා ඉන්නව කියන හැඟීම තමයි මිනිහෙකුට සතුට ලබා දෙන්නෙ.

වාල්යා- ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ.

සර්ජි- මට හරියට තේරෙන්න් නෑ ඒක විස්තර කරන්නෙ කොහොමද කියල. සමහර රස්සාවල් තියනව ඒවයින් මිනිස්සු ඉස්සර හිටියට වඩා ලොකු, වඩා හොඳ මිනිස්සු බවට පත් වෙනව. (මුදු ලෙස) ඔයා කොන්ක්‍රීට් වැඩ කරන්න අකමැති නම් ඔයාට පුළුවන් පස් හාරන යන්ත්‍රයෙ වැඩ කරන්න. ඉස්සෙල්ල අත් උදවු කාරයෙක් හැටියට පටන් අර ගන්නව. ඊට පස්සෙ රාත්‍රී පාසලට ගිහින් පුහුණු වෙනව. මම හිතන්නේ මේ වගේ වැඩකට ඔයාට හැකියාවක් තියනව කියල. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි සහකාර ෆෝමන් කෙනෙක් වාගෙ තත්ත්වයකට උසස්වීමක් ලබන්න. මට දැන ගන්න ලැබුණා වොල්ගා වේල්ලෙ වැඩ කරනවලු තරුණ ගෑණු ළමයෙක්. එයා තමයිලු පස් හාරන යන්ත්‍රය සම්පූර්ණයෙන් ම භාරව ඉන්නෙ. ඒක පුදුමයක් නෙවේ ද?

වාල්යා- (තරහෙන්) හොඳයි මගෙ වියදම් හොයාගන්න මා ලව්ව රස්සාවක් කරවන්න. ඕනෙ නම් මං කෙලින් ම යනවා සාප්පුවට. එතන හැමෝම මාව අඳුනනවා. මට තනියකුත් නෑ.

සර්ජි- වාල්යා!

වාල්යා- කෑ ගහන්න එපා. ළමයි දෙන්න ඇහැරෙයි.

සර්ජි- එහෙනං නවත්තගන්න ඔය කතාව.

වාල්යා- හොඳයි. සාප්පු රස්සාවෙ ඇති වැරැද්ද මොකද්ද? මම කැමතියි ඒක දැන ගන්න. මම ඒ රස්සාවෙන් හොඳ සල්ලියක් හොයා ගත්තා.

සර්ජි- (පුදුම වී) මොනව කිව්ව?

වාල්යා- ඔයා හිතුවද මම ලැබෙන පඩියෙන් ජීවත් වුනා කියලා. පිස්සු! එක එක්කෙනාගෙන් ඉතුරුවෙන කොපෙක්ස් දෙක තුන එකතු උනාම හවස් වෙන කොට හොඳ ගානක් මගෙ සාක්කුවට වැටෙනව.

සර්ජි- (කෑ ගසමින්) වාල්යා! (හඬ බාලකරමින්).. වාල්යා (ඇගේ හිස පිරිමදී) (තැන්පත් වෙමින්) වාල්යා!

වාල්යා- මට සමා වෙන්න සර්ජි. (ඈ දණින් වැටේ) මට සමාවෙන්න....

සර්ජි- එපා වාල්යා (ඈ නඟා සිටුවා ආදරයෙන් වැළඳ ගනිමින්) ඔය වගේ වැරදි වැඩ කරන්න හිතන්නවත් එපා.

වාල්යා- මට හරිම මහන්සියි සර්ජි. මට දවස තිස්සෙම ළමයි දෙන්නගෙ වැඩ කරන්න තියෙනව. ඊට පස්සෙ රෑ කෑම උයන්නත් තියනව. පිඟන් කෝප්ප හෝදන්න, ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන්න තියනවා. ඉතින් ඔයා වොල්ගා නදියෙ ඉන්න ගෑණියක් අගය කළාම... මට හරියට හිත රිදුන....

සර්ජි- (හිස පිරිමදිමින්) ඇති. ඇති. මම ආයෙන් වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින් අඬන්න එපා. මම මෝඩයෙක් කියල මට හිතෙනව. ඒත් මම ඔයාට කොච්චර ආදරේ ද කියල කියන්න බෑ වාල්යා. ඒක පුදුමයි.

වාල්යා- (කඳුළු අතරින් සිනාසෙමින්) පුදුමයි.

[-අන්ගාරා ගඟ ගලා බසී]

සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සි අර්බුසෝෆ් ගේ "It Happened in Irkutsk" නමැති නාට්‍යයේ පූර්ණ පරිවර්තනය- "අන්ගාරා ගඟ ගලා බසී" (2005- රන්ජිත් ධර්මකීර්ති- සරසවි ප්‍රකාශන) නාට්‍ය පිටපතෙන් උපුටා ගත් කොටසකි. මෙම නාට්‍යය මගින් පශ්චාත් විප්ලවීය රුසියානු සමාජය විවරණය කෙරෙන අතරම යොවුන් ප්‍රේමය පිළිබඳ දයාර්ද්‍ර බැල්මක් හෙලයි.

මෙම පරිවර්තිත පෙළ ඇසුරින්, රන්ජිත් ධර්මකීර්ති නිෂ්පාදනය කළ "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යය මුල් වරට 1978 වසරෙ දී වේදිකා ගත කෙරිණි. වාල්යාගේ චරිතය සුනේත්‍රා සරච්චන්ද්‍රත් සර්ජිගේ චරිතය නිශ්ශංක දිද්දෙණියත් රඟ පෑ අතර අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණයේ අනෙක් මුල්ල වූ වික්ටර්ගේ චරිතය නීල් අලස් රඟපෑවේය. මියැසි මෙහෙයුම ප්‍රේමසිරි කේමදාසගෙනි. ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලද මෙම නිෂ්පාදනය ඉමහත් ප්‍රතිචාර ලබමින් වාර ගණනාවක් ලංකාව පුරා රඟහල් වල වේදිකා ගත කෙරිණි.


ඇලෙක්සි අර්බුසෝෆ්
පරිවර්තනය - රන්ජිත් ධර්මකීර්ති












Wednesday, December 28, 2011

ඝනකම (thickness)



බැඳලා අවුරුදු තිස් පහකට පස්සෙ
(තාත්ත මැරිල පෝය තුනක් ගෙවෙන අස්සෙ)
අපේ අම්ම කිව්ව
අහපු කතාවක්
තාත්ත එයාගෙන්
හම්බවෙච්ච පළමු දවසෙ....

"ඔයා කෙල්ලෙක්ද ?
        ගෑනියෙක්ද ?"

අම්ම දුන්නෙ කෙටි-පටු උත්තරයක්,

"දෙන්නම එකයි.
වෙනස
අත්දැකීමෙයි
වින්දනයෙයි! "

සති දෙකක්වත් ගියේ නෑ,
අපේ තාත්ත,
          අම්මව බැන්ද ෴

Wednesday, November 9, 2011

block






  බ්ලොක් කරනවා
විකුණනවා... විකිණෙනවා...

බ්ලොක් කරනවා
නිදියනවා... නිදිවදිනවා...

බ්ලොක් කරනවා
හිඟනවා... යදිනවා...

බ්ලොක් කරනවා
හැමෝම
එනවා... යනවා...
මදිවට,
හැමිනෙන්නත් එනවා


මහපාරේ




Friday, October 28, 2011

 නොරිස්සීම



ඈත සීතල
ගිරි මුදුනක
උසම උස වනස්පතියක
තැනූ නිවසක
පාලු බව නැති,
මෘදු වදන් ඇති,
දිවිසැරිය සරිකළා
කුරුලු ජෝඩුවක්...

නිදහසේ සුවසේ
තුඩින් තුඩග
පිනි බිඳිති තවරමින්...

උඳුපියලි, මල් පෙති
නිදිකුමුදු මල් රේණු
රැගෙනවිත් දෙදෙනාම
තැනූහ මල් මාල...

වසත් කාලය සමරමින්
කුරුලු තෙම පිබිද
කිරිලියට දුනි
දිවියට අරුත...

තුන් මසකින් පමණ
කූඩුව පුරාම
කිචි බිචි හඬින්
පිරුණා මුළු නිම්නයම...

සතුට ඉතිරෙයි
හිම කැබිලිති මෙන්...

කුරුලු ජෝඩුවට
වැඩද වැඩි විය,
බරද වැඩි විය.

යාලු යෙහෙලි - පුංචි පැංචි
පැටවුන් දඟ කරනා හැඩ
රස වින්දහ සියලු සත්තු...

කාලය ගත වී යද්දී 
වැසි වැටුණා මොර සුරන
පැරණි නිවස අබලන් වී
හොඳටම ලං වුණි කැඩෙන්ට...

කිරිලිට බිය පැංචා ගැන
කුරුලු තෙමෙත් බියෙන්ම හිඳ
නව නිවසක් තනනා හැටි
කතිකා කර ගති දෙදෙනම...

හිමිදිරියෙම වටකුරු වුණු
පිනි බිඳුවක් බීගන්නට
මල් රොන් පිස ගෙන එන
ඉල් වැස්සෙන් පණක් ලැබූ
සුළඟට පිටුපා යන්නට
සිද්ධ වුණා කුරුල්ලාට
නිවෙසක් හදනට
තැනක් සොයන්නට...

එදා රෑත් වැසි වැටුණා
කූඩුව තව තව බිඳුණා
කිරිලිට ඉවසුම් නැතිවී
කුරුලු තෙමේටම කෙටුවා...

කුරුලු තෙමේ පිටව ගියා
පසුදින උදයෙම එන්නට...

සැම තැන වතුර පිරී
පැලුණු ඉරි පිරී ඉතිරී
වැව් දිය, ගං දිය ඉතිරී
සැම සතුන්ම ප්‍රබෝධවී...

පසු දිනයේ වනය පුරා
තුරු හිස් ගස් බෙනද පුරා
නිවහනකට තැනක් සෙවූ
කුරුල්ලාට මග වැරදුන...

දින හතරක් දෙනෙත් ආයා
පුංචි එකා දෙස බලලා
කඳුළු බිංදු දහස් ගණන්
ඇගේ නෙතින් ගලා ගියා...

කුරුල්ලාට සිදු වූ දෙය
කිසිවකුවත් දන්නේ නැත,
ගස්වැල් සුළඟට කිව්වා
සුළඟට අමතක වූවා...

කෙසේ නමුත් ගෙයක් හොයන්
කුරුල්ල පැමිණේවී කියා
නිවසක් තනලා දෙන්නට
අරන් යන්න ඒවි කියා
සිතා සිටිය හැටි එනකොට
මතකය අමතකව ගියා...

෴    ෴     ෴  ෴    ෴     ෴ 

වනය පුරා හැමතැනකම
නිවෙසට තැනකුත් හොයනව
කුරුලු ගොයෙක් ඒ අතරෙදි
තටුවක් ඉරලා දානව...

තටුවට බරපල හානි
සිදු වූවද ආපසු එන
අදහස ඇත නෑරම ඔහු
සෙමෙන් සෙමෙන්
තුරු මුදුනින්
ලතාවලින් ජවය අරන්
ගමන් කළා අහස කුසින්...

දින සති ගෙවිලාම ගියා
තමුන්ට හුරු සුවඳක් වෙත
කුරුලු තෙමේ කිට්ටු වුණා...

කඳු මුදුනේ ඇති ගහ යට
පරඩෙල් ගොඩකුත් තියෙනව
ගහ මුදුනේ පොඩි කූඩුව
කලින් ලෙසම සිනහ වෙනව...

රූං කියා යන්න ඕන
නමුත් අතක් බිඳ වැටිලා
සෙමෙන් සෙමෙන් කඳු මුදුනට
සේන්දු වනාවා දැනුනා...

පාළු සුවඳ පමණක්මයි
ඉතිරිව තිබුණේ නිවසේ
දරුවයි ඇයගේ රුවමයි
දෙනෙත් නිතර සොය බැලුවේ...

සුසුම් හුඟක් උණුසුම් වී
දෙනෙත් නිලංකාර වුණා
ඈත අහස දෙස බලමින්
දුක දෙවියන් හට කීවා...

ඈත අහසෙ ඈතම තැන
දෙදෙනකු පියඹා යනවා
පුංචි තිතක් කොමා දෙකක්
ලෙස දෙන්නව පේනව....

කුරුලු තෙමේ කඩා වැටුණ
දෙනෙතින් ගලනා කඳුලැලි
කඩා වැටෙන්නේ කොහෙදැයි
දකින්නට කියා සිත්වී
සෙමෙන් සෙමෙන් බිම බැලුවා...

උඳුපියලිය පිළිස්සිලා
මල් සියල්ල මිලිනවෙලා
දිය සීරාවට මොනවද
බොර පාටක් එකතුවෙලා...

දැස තෙමිල හින්දාදැයි
තෙමෙන දෙනෙත් පිස දැම්මා
පිස දාන්න පිස දාන්න
කඳුලැලි තව තව ගැලුවා...

සිරුරේ බර නිදහස් වනු
එකවර ඔහුහට දැනුණා
පරිසරයේ සියලු සද්ද
එක මොහොතක් නතර වුණා.












 


Monday, August 15, 2011

                                         " මා තේරුම්ගත නොහැකි  වූ හැම කෙනාටම මා මැජික් ය. "

                                           එමනිසා    මම,
                                           මැජික්කාරයෙක්මි.
                                           මායාකාරයෙක්මි.
                                           පිසාචයෙක්මි.
                                           තොරොම්බල්කාරයෙක්මි.
                                           විකටයෙක්මි.
අවසාන වශයෙන්,
..... ඇඳගත්තෙක්මි.
ඇන්දීමට යටත්වන්නෙක්මි.

            + + + + + + + + + + + + ++ + + + + + + + + + + + ++ + + + + + + + + + + + ++

                                           මාව ඇන්දුවා කියල
                                           ඔයාට ලැබුණේ මොනවද?
                                           මේ දවස් ටිකට.


 

          ෴෴      ෴෴      ෴෴      ෴෴   ෴෴      ෴෴  

තව විදිහකට කියමි
මෙයම,


 
 
 
 
 
මෘත ක්ලේබර  =  රැවටීම

(අ)පිරිසිදු කතුන්ගේ ලිංගය
නොහොත්
පපු කැවුත්තක් නැති
ගෑනියෙක සමග ධාතු හුවමාරුව
හෙවත්
මෝචරිය !









 




 

Tuesday, August 9, 2011



                       පාගලා පාගලා
                       ගිය පසු
                       පොළොවෙන් නැගෙන
                       සුසුම් ගඳ රසමුසු
                       දැනගන්න විඳගන්න
                       නිදිවැරිය  යුතුවේ.......


                                                    පෑගුණ පොළොවටම 
                                                    හඳ එළිය වැටුණාම
                                                    නැගෙන තද රස්න
                                                    සිරුරක් තුළින් විඳගන්න
                                                    නිදිවැදිය යුතුවේ.......


හෝටන් තැන්න !
 










Friday, July 22, 2011

රෑබදුල්ලා


හරියටම හඳෙන්
කපා දැමුවා සේය අඩක්...

ගාටමි, පයින් ගාටමි.

යකඩ යකාගේ කළු දුම් වැදී
ගුඩු පොලක් වූ මම
ගාටමි, පයින් ගාටමි
නිවහනට...

මුළු රාත්‍රියම හා වටපිටාවම
වවුලන්ට - කිරි, මා, කොටිකන්
හිමිය
අයිතිය...
හැම කෙහෙල්මලකම
හැම කතුරුමුරුංගා මලකම
හැම කොට්ටම්බා ගෙඩියකම
හැම පලයකම
අයිතිය
උන්ටය, උන්ගේ බිරින්දෑවරුන්ටය, දරුවන්ටය.

රැයේ ඇවිදින මගේ
හැඳුනුම්පත විමසන්නේ
ගොළුබෙලන්ය,
හන්ගොල්ලන්ය,
කුණකටුවන්ය.

තරු රෑට නිදතියි කියන්න්නෝ
මුසාවාදයෙහි ගැලෙති...

තරු පාර නොපෙන්වති.
බලාගෙන මහා පොලොව දෙස,
අහර බුදිති.
නිදති.
තව තව දේ කරති.

ඔවුන් විඳින්නේ දිවියකි.
එහෙයින්,
නිනව්වක්  නැත අප ගැන.


+ + + + + = + + + + + + +

මහා පොළොවේ භුමි ගඳ (ඇතෙමෙකුට සුවඳ )
සැබවින් දැනෙන්නේ
රෑටය...
සැබෑම සොහොන් ගඳ ( මට නම් සුවඳ )
නියමෙට දැනෙන්නේ
රෑටය.

Tuesday, June 21, 2011

පහතරැටියාගේ උඩරට සිතුවිලි

කුරුටු ගාන C R  පොත
පිටු අංක 22




පහතරැටියාගේ  උඩරට සිතුවිලි
 


කුමක් හෝ කාරණයක් උඩ මා උඩරට රාජධානියට අතිශය සමීප බව මගේ මස්තිෂ්ක තරලවලට හොඳින් දැනේ. 
 එනමුත්, මා උඩරැටියන්ට විහිළු කරන්නේ 
" උඹල තමයි සිංහල ජාතිය පාවා දුන්නේ " යනුවෙනි. 
මඟුල් මඩුව අශික්ෂිත තැනක් සේ මට හැඟුණත් මට එය බලන්නට ආසය.
කෘත්‍රිම බෝගම්බර වැව අපේ කරපික්කඩ වැවට සාපේක්ෂව ශිශුවකු වුවත් එය බැලීමට ආසය.
වැවේ බැම්මෙන් හැරී උඩහට යද්දී අමුතු හැගීමක් දැනෙන්නේ. හරියට කාලෙක ඉඳන්  හුරුයි  වගේ.
ඇතැම් අවස්ථාවල උඩරටට ඇතුළු වන ඇතැම් කපොලු ළඟදී මගේ රෝමෝද්ගමනය වෙයි.


මේ විරුද්ධාභාසය කුමක් දැයි තෝරා බේරා ගන්න නොහැකි වූ තැන මාගේ උපකල්පනය වූයේ, එක්තරා ජන්මයකදී මා උඩරට රාජධානියේ වාසය කර ඇති බවයි.
ඇතැම් දිනවල කඩුගන්නාව පහුකරන විට දකින කඳු වලල්ල උඩරට ශ්‍රී විභූතිය මගේ රස නහරවලට කාවද්දයි. ඒවා මට හුරුවාක් මෙනි. කඩු සටන් මතක් වෙයි. දුනු හී  මතක් වෙයි. උඩු කය නිරුවත් යෝධ මස්පිඩු ඇති සිරුරක් මතක් වෙයි. ප්‍රතිකාලුන්ගේ තොප්පි හා තුවක්කු බට මතක් වෙයි.


 කෙසේ නමුත් මේවනවිට මම උඩරැටියන් සමග ලෙයින් මිශ්‍ර වී හිඳිමි.


මේ හැමදේමත් එක්ක දෙවැනි රාජසිංහ රජුගේ ප්‍රශස්ති ගායනා ද මට මතක් වෙයි. ඔහුගේ ශ්‍රී විභූතිය සහ තේජස වර්ණනා කිරීමට ලියූ "ශ්‍රී නාමය" හි සඳහන් මේ ගායනා අපූර්වත්වයකින් මා ප්‍රහර්ෂයකට ගෙනයයි.
(මේවා ගායනයේදී ගස් ගල් පවා සන්සුන්ව රජු වෙත පක්ෂපාතී වුයේ යයි උඩරට වැසියෝ කියති.)



සීත සුළං සමගින් පිපි මල් ලොව
මිහිරි සුගන්ධ ඔතා සුවසේ
ඇත වනන්තරයේ සිට පාවෙන
ගීත අසා කොවුලා සුවසේ...



දෑත වනා ලෙලවා බඳ කෝමල
ලාලනයෙන් ඇදෙමින් සුවසේ
ගීත ගයන්න ගයා සැනසෙන්න
වසන්තිය ලාලනියේ සඳසේ...



චන්දනා ගරු පංක විලේපන
වීන්දනා නාමෙන් කියතා පා
බන්ධනා නිල්වන් දද  මින්සිරි
නන්දනා විඳිමින් සුරකී පා... 





පුංචි විස්තර ටිකට මගේ නෝනට ස්තුතියි !

Monday, June 20, 2011

s = U t + 1/2 a tª

 අපි හදමු බෝට්ටුවක් !

෴    ෴     ෴ 

මං හැදුවා ඔරුවක්
මං විතරක් !

එක රුවලයි
එක කොල්ලෑවයි 
ඒකත් කොට්ටම්බා කොටයකින්....

ඈ කිව්වා යමු කියා
ඒ ඔරුවෙන් හඳට
නෑ... ප්ලුටෝ වෙත
ප්ලුටෝගෙන් ඈත්ව
ඊරෝස් වෙත
අඩුම තරමින්
ඒ ළඟට...

ආලෝක වර්ෂ තුන්දාහක වේගෙන් 
මං කඹරුවා හබලෙන්
පුරා අවරුදු හතරක් ...

බැලින්නම්
අවරුදු හතරකට කලින්
මගේ ඔරුවෙන්
කොල්ලෑව ගලෝගෙන
ඇ යන්න ගිහින් ...
කොල්ලෑව ගලවගෙන ගිහින් ...

මගේ ස් වූවා දීප්තිමත්
ක්ෂණික අකුණක් මෙන්...

වැටුණා ඇගේ ඔළුවට
ඒ අකුණේ උණු වතුර
පෙරලා ඒ මග දිග
ඇ එව්වා මට
වැරදුණු සූත්‍රයේ යතුර

s = U t + 1/2 a tª


s -  ආදරයේ මාත්‍රාව
u -  හැගීම්

t -    කාමය
a -  ප්‍රාග්ධනය
 

Thursday, June 16, 2011

ආටිමිස්



ආටිමිස්


වරක් පොසොන් සඳ
රත්තිගේ ගොම ගොඩට
එළිය දෙන විට
මා  නුඹේ ගැබේ සිටියා
තුන් මස්ව...

ගිං  ගඟේ පතුලට වැදී
එ'සඳ කිරණ පරාවර්තනය වී
පැමිණ දැවටුණාදෝ මන්දා
කටු අකුලක
හිතෙනවද නුඹට....

කහට අඹ මල්
නිමක් නැතිව පා කරන
බෝල් හුළං පහරක
රැඳුණු මගේ ඇසේ තෙත
කණාමැදිරි එළියට
දිළිසෙනවාද නුඹට...

දිය බන්ඩි දණ්ඩට 
ගල් කූර පැරදෙන විට
කළු ගඟ පාමුල
කිරල මුල් අතරෙ හිඳ
අයෙත් දෙවරක් චක්කරේ උගන්වන්නට
ඕනෙද නුඹට....

වාරකන් කාලෙටත් ලැබෙන
කාසිපෙත්තන් බැදල
හබුරු දලු මාළුවක් එක්ක
අනල කවන්නට
ආසයිද නුඹට...

දැදුරු ගංතෙර මෙපිටට
කොටු වුණු අපේ රොටිතැටි ලොවට
උඩින් වැනෙමින් තිබු
හද්දින්නත්  තරු
ගණන් කර කර 
ගණන්  කර කර
හතෙන් වැඩ්  කර
හිතෙන් රත් කර 
මම  තනපු
මගේ ඇමීබා ලොව
තෙවැනි ඇටිකිත්තාගේ කටින් 
අච්චාම්මා.. අච්චාම්මා... යි ඇසෙනවාට
කැමතියිද නුඹ...

කාසි ඇලුණු ලෑන්මාස්ටරයේ
කටු කටු රෝදවලට
තැලී පොඩිවී යන
නුඹේ නිදිකුම්බා ලොව මත
ටයර් කට්ට විතරක්මයි
හිතෙනවාද  නුඹට...

ගෙන්දගම් ගඳට විරුද්ධව
දුම් ගසමින් පදම් කළ
රබර් රොටි නැති
හඳේ ආවටවල
නුඹ ඉන්නවා ඇතියි
හිතෙනවා මටද

හැකරල්ලකුටවන් කකුල් දාහක් ඇති
නුඹේ හිතුවක්කාරකමට
ගිගුරුම් දුන්නත් මම

   ආදරෙයි ! ආදරෙයි ! මැරෙනකම් නුඹට ......   


                

Monday, May 23, 2011

Collision by Manoj Dharmawardhane

Collision

The typical organism inhabits a material world that is abounding with collisions.
Collisions, between the attraction of energy and the release of energy, and collisions between the living and the non-living.

Life is a gel (mixture) that is made up of these collisions. It begins as a collision. And ends as a collision. And in between these two collisions, is a collection of even more collisions.

In other words, in a material world brimming with collisions, begin and end periods of living collisions.

Even though these collisions can be clearly seen to be happening on a surface level, and below, we don’t see them. Though they are countless in number, we don’t give them any attention at all.

The Buddha has said “ siyalu sanskara dharmayo nasena suluya”

It’s normally known as  “Anathmawadha” . It says that everything is changed. Nothing imortal.
It is the core of this deep philosophy which he explained.

“Collision” attempts to demonstrate this philosophy.

The philosophy of collisions that occur in the material world.
If an individual understands this phenomena, he will begin the first actions that will reduce his journey in Sansara. 

 

People may come,people may go, but I have to continue

idearavan

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.