A pioneer of modern advertising David Ogilvy says
that advertising is a business of words. Therefore writers are spinal to
the industry that ‘creates’ communication for the purpose of selling
products. The designation given to a person who writes lines for a press
advertisement or scripts a TV advertisement is ‘copywriter’. The
copywriter is a person who no doubt needs to bank on creativity to make
the product appealing while knowing what facts need to be conveyed to
the potential buyer.
Writing can be both for the purpose of art
as well as commerce. A ‘writer’ who works as a copywriter surely can
have a duality in this sense when he reaches inwards to tap his creative
pulses and create expression that serves the respective purposes. “A
good copywriter can, with a single line, sell a ton of cement. Still, a
good writer by putting to words a chain of emotions can make a sensitive
person cry a lifetime.” This was how the difference between the two
roles of ‘scripting’ was illustrated to me by Manoj Dharmawardhane, a
copywriter at Leo Burnett Solutions, who has worked as a copywriter for
the past five years, but found his drive for creative expression that
serves commerce, rooted in his passion- a writer, an artiste of words.
Having worked at the agencies ‘Clinch’, ‘Cameron Pale and Medina’ and
‘Holmes Pollard’ before joining his present place of work, Manoj now
feels that he is at a point in his career where the scope of exposure to
brands and the diversity of experience in working with products are at a
peak.
Having read Mass Com for his BA from Kelaniya University,
Manoj also holds diplomas in journalism and electronic media and started
his career as a journalist and has explored his inner passions to
become a writer although he is yet to achieve the status of a published
writer and qualify as an ‘author’ in the realm of literature.
“As
school kids we have ambitions of becoming doctors, engineers
accountants, but not many really think of a career related to an
artistic field at that point. While I had those ideas I also had a dream
of becoming a writer someday. There is that inner passion and dream in
kids as they grow up to become a writer someday.” This was how Manoj
spoke of his career choices. His passions to become a writer, in terms
of fiction writing, propelled him to write short stories and make a
submission in 2007 to the competition held by the Sri Lanka Writers
Association. The result had been the first attempt and saw his short
story ‘Ruhunu Kumari’ being nominated simply to be critically struck
down by the judges as an example of what a short story should not be!
Some of the observations made by the panellist had been as Manoj
recalled that writers need not force themselves to find plots, because
stories can be seen around us in the world we inhabit.
Manoj believes
a writer must be attentive and sensitive to the world around and find
creative ways to recreate the world through writing. Perhaps his senses
were better honed afterwards because his entry ‘Nawathumakin arambi
kathawa’ (The story that began from an ending) was adjudged the best
short story by the Sri Lanka Writers Association in 2010. A personal
milestone surely in his journey in authoring, he said, he has presently a
collection of short stories he has readied for publication, but still
hasn’t set himself to the process of taking it from a manuscript to a
book.
“No one specifically taught me to write in a certain way or
how to become a writer. Our lecturers at campus shared their
experiences and outlooks as writers, and that of course helped. The
other thing is reading. I’m an avid reader. It’s almost like an
obsession for me.” Russian, African, Indian, Latin American fiction has
had an impact on him. Manoj believes that any writer, be if for art or
commerce must diversify in reading, and see the difference of expression
across cultures.
What marks the differences between a writer and
a copywriter, seeing as how Manoj occupies both these spaces? His
answer was that a writer develops and brings forth expression more
philosophically as opposed to a copywriter who must look at aspects of
psychology. “A copywriter’s work is supposed to offer a solution to a
specific problem in marketing. A writer sees his writing as something
that transcends the immediate present and looks to the future.” Manoj
observed while giving an illustration to show how the thinking and
output of a writer and a copywriter works. “A writer’s thinking and
output is like what happens when light goes through a concave lens. It
expands and spreads to a vast distance. The writer analyses intensely
and elaborates. The copywriter gives a line for a campaign. He condenses
and brings things to one crucial pinpoint. It’s like what happens with a
convex lens.”
Listening to Manoj it was clear to me that what
defines him is the pulse of the writer, more than the designation he
bears. And he fully acceded to it. “We are all born with a certain stock
of creative ideas. But it runs out at some point unless we regenerate
it through new experiences. I believe it applies to both writers and
copywriters. Watching films, theatre, enjoying nature is essential for
this purpose. But I also believe that not every writer can become a
copywriter while not every copywriter can be a writer.” There is in
those words an indication of how the two roles serve ends that are
moulded with different ‘character substance’, and decide the degree and
limit of the ‘individual’s vision’ allowed in the final outcome.
Tuesday, March 11, 2014
Friday, March 7, 2014
ගණං මිසුයි , විද්‍යා මිසුයි
වැඩිපුරම හිත ගියෙ මට
වටකුරු
හින්දු අරාබි ඉලක්කම්වලට
වටකුරු
හින්දු අරාබි ඉලක්කම්වලට
වැඩිපුරම අත ගියෙ මට
උස දිගැටි
ආවර්තිතා වගුවට
උස දිගැටි
ආවර්තිතා වගුවට
or reload the browser
Monday, March 3, 2014
කේන්තිකාරයකුගේ හදවත
කකියවන මා හදවත
නිල මැස්සන්ට හඬගසයි....
මියැදෙන්නට මෙන්;
පහල සානුව පුරා වැවුණු
ගාඩ්නියා මල් සුවඳ
ජීවිතය කියාදෙන්නට තැතනුවද
කොනිති ගහයි මා හද,
පූර්ණ චන්ද්‍රග්‍රහණයට හඬ ගසයි...
හුස්ම නොගන්නට මෙන්;
පාලු පාලම උඩදි මුණ ගැහුනු
කුකිසෝගෙ ළමැද
මැදවන හද ගැස්ම
මට යමක් දෙන්ට තැත් කරයි...
පුපුරු ගසයි මා හදවත
ලාවා පිටදමන්නට මෙන්;
ගම් මායිමේ කෙළවරටම වැටුණු
පින් එක ගැලවූ මගේ ග්‍රෙනේඩය
හදවතට තුරුලු කරගත්
තල්ගස් මනාලිය....
යාන්ත්‍රික ශ්ලෝක මුමුනමින් හඬයි
මතකය මකන්නට මෙන්;
ඉකිබිඳින මා හදවත
කැකෑරෙන වා සුලියකට හසුවෙයි...
ආසවෙන් මෙන්.
නිල මැස්සන්ට හඬගසයි....
මියැදෙන්නට මෙන්;
පහල සානුව පුරා වැවුණු
ගාඩ්නියා මල් සුවඳ
ජීවිතය කියාදෙන්නට තැතනුවද
කොනිති ගහයි මා හද,
පූර්ණ චන්ද්‍රග්‍රහණයට හඬ ගසයි...
හුස්ම නොගන්නට මෙන්;
පාලු පාලම උඩදි මුණ ගැහුනු
කුකිසෝගෙ ළමැද
මැදවන හද ගැස්ම
මට යමක් දෙන්ට තැත් කරයි...
පුපුරු ගසයි මා හදවත
ලාවා පිටදමන්නට මෙන්;
ගම් මායිමේ කෙළවරටම වැටුණු
පින් එක ගැලවූ මගේ ග්‍රෙනේඩය
හදවතට තුරුලු කරගත්
තල්ගස් මනාලිය....
යාන්ත්‍රික ශ්ලෝක මුමුනමින් හඬයි
මතකය මකන්නට මෙන්;
ඉකිබිඳින මා හදවත
කැකෑරෙන වා සුලියකට හසුවෙයි...
ආසවෙන් මෙන්.
Thursday, February 13, 2014
සාරය
(pix - http://fineartamerica.com/featured/the-essence-of-life-gun-legler.html)
භාගික ආසවනයෙන්වත්
වෙන් කරගත නොහී
උච්චර්මීය වා සිදුරුවලින්වත්
කිසිදා මට උරාගත නොහී
ඔබේ සාරය
වෙන් කරගත නොහී
උච්චර්මීය වා සිදුරුවලින්වත්
කිසිදා මට උරාගත නොහී
ඔබේ සාරය
උපන්දා පටන් එක් රැස් වූ
සියලුම සෛල තරල
පුනීලයකින් නුඹේ සියොළඟට වත් කළද
අඩුම තරමින් ඉන් අණු කිහිපයක්වත්
උරා ගත නොහී
මගේ සාරය
පුනීලයකින් නුඹේ සියොළඟට වත් කළද
අඩුම තරමින් ඉන් අණු කිහිපයක්වත්
උරා ගත නොහී
මගේ සාරය
නිතරම ඇඹුල් සුවඳක් වහනය වුණ
සෙමින් පෙරී ගිය දෙනාසා කුහර
යන්තමින් හෝ බුරුල් කළ
නුඹට සොයා ගත නොහී
මා සොයාගත් සාරය
නුඹේ සිරුරේ ද
මගේ මනසේ ද
නුඹේ වටොර අතරේ ද
මගේ ග්‍රන්තික ගැටිතිවල ද
ඉතිරි වූ සාරය
ඔබ, මා අතර වූ
එකම පටලය වූ
රතු පොත් රාක්කය,
ආත්ම පාලනය නොමති කල
මා පාලනය කළ,
මගේ මව් කඳට
අංකුර බද්ධ කළ
ඒ පොත් රාකක්ය තුළ
පුස් පෙනැහැලි දක්වා උරමින්
මා සෙවූ සාරය
සෑම උදෑසනකම
කැටපතින් මුහුණ බලමින්
අදවත් විකසනය වී ඇත්දැයි
නුඹ කුහුලෙන් බලන කලලය,
ඒ විප්ලවය
නුඹේ දිවියේ ලිහී ගිය හදගැස්ම,
ඒ විප්ලවය
බඳුන් ගතකළ අපේ බලාපොරොත්තු,
ඒ විප්ලවය
අප, ව්‍යධියකින් මෙන් එකතුකළ
ග්ලූකෝස්, ප්‍රෝටීන්
මේද අම්ල හා ග්ලිසරෝල්
ඩැහැගත්තේ අපට
ඉහළින් සිටි පිළිහුඩුවන් බව,
ගරිල්ලන් අමතක කළ ඒ
ස්වප්නමය සාරය...
තීරණාත්මක සාරය...
සියල්ල අතහැර දැමූ කළ
මේ අප උන්මත්තකයන් කළ,
එතෙක් පැවති ෆීනෝල මොළ
කුරුවල් කරමින්
සැමගේ ජීවිත ආම්ලික කළ
මෙයයි ඒ සාරය -
මද්‍යසාරය
or reload the browser
Friday, November 1, 2013
ප්‍රතිබිම්බ
හොඳට ඉර පායපු දවස්වලට කලපුවට වටෙන ප්‍රතිබිම්බ හරිම අපූරුයි. කරු මුල්, කයිරු මුල් අතරෙ කදුරු ගෙඩි පාවෙමින් තියෙන මොහොතක ටික කාලයක් ආපස්සට යන්න මට ඕන වුණා.
ඒ කිවුල් වතුර, ප්‍රතිම්බ සහ ජීවිතය ගැන ගොඩක් දේ මගෙ ඔළුවට ගෙනත් අතහැරියා. මේ, ඒ දේවල්වල සංක්ශිප්තයක්.
දිය නිසල නම් ප්‍රතිබිම්බ නිසලය.
දිය සසල නම් ප්‍රතිබිම්බ සසලය.
ඇතැම් විට නිසල සෙවණැලි අලංකාරය,
ඇතැම් විට සසලව බිඳීයන සෙවණැලි ඇලංකාරය...
තාත්වික මෙන්ම අතාත්වික ප්‍රතිබිම්බ වෙයි.
ජලයේ ඇති ප්‍රතිබිම්බ
ගැඹුරුය, ගුප්තය.
කොයි මොහොතේ හෝ
කැළඹී බිඳී යා හැක...
එක් අතකින්,
ජීවිතය පුරාද ප්‍රතිබිම්බ බොහෝ වේ.
සමහරක් උඩුකුරුය,
සමහරක් යටිකුරුය.
ජීවිතය තුළ
වරෙක හමුවන්නේ
උත්තල දර්පණය,
වරෙක
අවතල දර්පණය.
සෙවණැලි
ආලෝකය ඇති හැමතැනම ඇත.
වරෙක වතුර මත
වරෙක සයුර මත
විවිධ වස්තූන්ගේ
ප්‍රතිබිම්බ වැටී තිබෙනු පෙනේ.
සමහරවිට අපි
අමාරුවෙන්
තලයක
යම් මතුපිටක
ප්‍රතිබිම්බයක්
තනාගන්නට දඟළමු.
එය
අසාර්ථකවීද
අපි මානසිකව වැටෙමු,
ජීවිතය දුකම යැයි සිතමු,
ජීවිතය යනු
කිසි දිනෙක
ප්‍රතිබිම්බයක් ලබා ගත නොහැකි
වස්තුව'කැයි සිතමු.
වෙන'තකට,
අපේ සෙවණැල්ල
අපේ ප්‍රතිබිම්බයයි.
උඩු හෝ යටිකුරු ප්‍රතිබිම්බය
අදාළ වස්තුවටයි.
නමුත් සෙවණැල්ල
අප ම ද?
තව'තක්
ප්‍රතිබිම්බය හැදෙන්නට
ආලෝකය අවශ්‍යය.
දර්පණයක් අවශ්‍යය.
වර්තනයක් අවශ්‍යය.
අදාළ,
නාභි දුරක් තිබේ.
ප්‍රතිබිම්බ දුරක් තිබේ.
වස්තු දුරක් තිබේ.
නාභි දුර වෙනස් වනවිට
වස්තු දුර වෙනස් වේ.
ප්‍රතිබිම්බ දුර වෙනස් වේ.
ප්‍රතිබිම්බ ස්වරූපය වෙනස් වේ.
එමනිසා ප්‍රතිබිම්බ වෙනස් වේ !
මෑත කාලීනව හැදුනු මගේ ප්‍රතිබිම්බ බොහෝ ඉක්මනින් බිඳී ගිය අතර ඊට ආසන්නතම හේතුව ලෙස මා දකින්නේ මගේ වැරදි අවබෝධයයි. විශ්වාසය නමැති ගල් කුල හරිම බර බව බිඳී ගිය ඒ ප්‍රතිබිමබ මා හට කියා පෑවේය. කොහොමත් බිඳෙන ප්‍රතිබිම්බ ඉන් විගසින් බිඳෙන බව මට පසක්`විය.
Wednesday, October 2, 2013
මොළය රවටනා ගුප්ත රසයක් ...
ඈත අහසේ කෙටුණු කවියක්
ඈත දියඹේ බිඳුණු රළයක්
ඈත ඇදෙනා ඔට්ටපාලුවක්
මෑත දිලෙනා ඈත තරුවක් ...
ගිනි කඳු මැදින්
ඕවිටි උඩින්
උල්කා මතින්
ගිනිපෙළි යටින්
ග්‍රහකයක වේගෙන්
උත්තර ද්‍රැවයට ඇදෙන
සෙන්ධවයන් මෙහෙයවන
නුඹ වරපටක් ...
හද විදුලියේ කම්පන ගඟක්
පතුළ නොපෙනෙන උමං නළයක්
මොළය රවටනා ගුප්ත රසයක්
ම'දෙපයින් එරෙන වගුරු භුමියක් ...
Friday, September 20, 2013
මෝයට කිලෝමීටර භාගයක් දුරින්...
ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ සුන්දරම කාලයක් කියල එකක් තියෙනව.ඒක වාස්තවිකයි. මටත් තිබුණ.
ඒක හරිම වෙනස් කාලයක්. හරියට හිම මිදිල එක එක හැඩ ගන්න කාලෙ වගේ.
කලපුවට එහායින් තිබුණ මුහුද හරි සිනිඳුවට රළ නගපු කාලයක්. එක එක හැඩ ගත්තු මඩ කොට, රබර් ඇට, බට්ටො වැල්ලට ගොඩ ගහපු කාලයක්.
ඒ කාලෙ හැම මුහුදු රළක්ම මට දීපු පණිවිඩයක් තිබුණ,
"මිනිස්සුන්ට ජීවිතේ වෙන්නෙ සිදුවීම් දෙකයි.
එක්කො,
1.මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නව.
නැත්නම්,
2.මිනිස්සු ජීවිතේ හරිගස්ස ගන්නව. "
මේ ගැඹුරු කාරණය මට ටික ටික වැටහුනා. හරියට මුහුදු රළ අඟලෙන් අඟල ඉස්සුනා වගේ.
හරියට මුහුද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා වගේ. හරියට බෝට්ටුවලට වැදෙන රළ, රළු වුණා වගේ. හරියට මඩිය ගොඩට ගන්න ඕන මිනිස්සු ගාණ දෙගුණ වුණා වගේ. හරියට මං මුහුදෙන් ඈත් වුණා වගේ....
ඒ ඈත්වීමත් එක්ක මං මධ්‍යස්ථය, එනම් මා තේරුම් ගන්න උත්සාහ ගත්ත. මං කඳුකරයට ආදරය කරන්නට පටන් ගත්ත.
ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි මට වෙරළබඩ තැනන්ට එන්න හම්බුනේ. මං හරියටම ගියා අන්තිමට මාව මුහුදෙ ගිලෙන්න ගිය තැනට. මෝයට කිලෝමීටර භාගයක් දුරින් මට මරණයේ අත්දැකීම් කැටිකර දීපු තැනට.
දැන් මං රළට මෙහෙම කියනව....
"3. මිනිස්සු ජීවිතේ වරද්දගෙන හරිගස්ස ගන්නව, හරිගස්සගෙන වරද්ද ගන්නව."
මට හුස්ම ගන්න, වේගෙන් වාතය නාස් පුඩු තුළට ගන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව.
මුහුද සාමාන්‍ය විදිහට රළ බින්දා....
රළ බිඳෙන කාණුවේ නිදාගත්ත මගේ ඔළුවට උඩින් රැළි පිට රැළි ගියා....
වෙනදා වගේමයි. ඒ කියන්නෙ මං කීදේ හරිම සාමාන්‍යයි.
ජීවිතේට එන හැම කාලයක්ම සුන්දර නෑ.
ඕනෑම මනුස්සයෙකුට ජීවිතේ සුන්දරම කාලයක් කියල එකක් තියෙනව.ඒක වාස්තවිකයි. මටත් තිබුණ.
ඒක හරිම වෙනස් කාලයක්. හරියට හිම මිදිල එක එක හැඩ ගන්න කාලෙ වගේ.
කලපුවට එහායින් තිබුණ මුහුද හරි සිනිඳුවට රළ නගපු කාලයක්. එක එක හැඩ ගත්තු මඩ කොට, රබර් ඇට, බට්ටො වැල්ලට ගොඩ ගහපු කාලයක්.
ඒ කාලෙ හැම මුහුදු රළක්ම මට දීපු පණිවිඩයක් තිබුණ,
"මිනිස්සුන්ට ජීවිතේ වෙන්නෙ සිදුවීම් දෙකයි.
එක්කො,
1.මිනිස්සු ජීවිතේ වරද්ද ගන්නව.
නැත්නම්,
2.මිනිස්සු ජීවිතේ හරිගස්ස ගන්නව. "
මේ ගැඹුරු කාරණය මට ටික ටික වැටහුනා. හරියට මුහුදු රළ අඟලෙන් අඟල ඉස්සුනා වගේ.
හරියට මුහුද අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වුණා වගේ. හරියට බෝට්ටුවලට වැදෙන රළ, රළු වුණා වගේ. හරියට මඩිය ගොඩට ගන්න ඕන මිනිස්සු ගාණ දෙගුණ වුණා වගේ. හරියට මං මුහුදෙන් ඈත් වුණා වගේ....
ඒ ඈත්වීමත් එක්ක මං මධ්‍යස්ථය, එනම් මා තේරුම් ගන්න උත්සාහ ගත්ත. මං කඳුකරයට ආදරය කරන්නට පටන් ගත්ත.
ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි මට වෙරළබඩ තැනන්ට එන්න හම්බුනේ. මං හරියටම ගියා අන්තිමට මාව මුහුදෙ ගිලෙන්න ගිය තැනට. මෝයට කිලෝමීටර භාගයක් දුරින් මට මරණයේ අත්දැකීම් කැටිකර දීපු තැනට.
දැන් මං රළට මෙහෙම කියනව....
"3. මිනිස්සු ජීවිතේ වරද්දගෙන හරිගස්ස ගන්නව, හරිගස්සගෙන වරද්ද ගන්නව."
මට හුස්ම ගන්න, වේගෙන් වාතය නාස් පුඩු තුළට ගන්න ඕන වුණේ ඇයි කියල මං තාම හිතනව.
මුහුද සාමාන්‍ය විදිහට රළ බින්දා....
රළ බිඳෙන කාණුවේ නිදාගත්ත මගේ ඔළුවට උඩින් රැළි පිට රැළි ගියා....
වෙනදා වගේමයි. ඒ කියන්නෙ මං කීදේ හරිම සාමාන්‍යයි.
ජීවිතේට එන හැම කාලයක්ම සුන්දර නෑ.
ප. ලි.
[මේ වෙද්දි, මුහුද සහ මම අතර අවුරුදු ගාණකට කලින් සිටි ඇය (මගේ අතීතය නමැති උසාවියෙ හැමදාමත් අසන ජීවිත නඩුවේ විත්තිකාරිය ) දැන් ඉන්නෙ පූර්ව මව් සමයේ මම හිතන්නෙ.]
[මේ වෙද්දි, මුහුද සහ මම අතර අවුරුදු ගාණකට කලින් සිටි ඇය (මගේ අතීතය නමැති උසාවියෙ හැමදාමත් අසන ජීවිත නඩුවේ විත්තිකාරිය ) දැන් ඉන්නෙ පූර්ව මව් සමයේ මම හිතන්නෙ.]
Tuesday, September 10, 2013
පළිගැනීම
16.08.2013
කළු ගංමෝය...
රාත්‍රී 10.00
කළු ගංමෝය...
රාත්‍රී 10.00
තරු අඩු, කණාමැදිරියන් වැඩි රැයක්!
ඊයෙ අඳුර වැටීගෙන එන වෙලේ මං ගියා මුහුදු වෙරළට. අවුරුදු ගාණකට කලින් ඇය මා දමා ගිය තැනට. මං ගියෙ හිස් අතින්, කොන්ඩෙ පීරමින්. මුහුදු හුළං සැරට මගේ කෙස් එහෙ-මෙහෙ වෙන්න පටන් ගත්තා. එදා, ඈ මා දමා ගිය දවසෙ මට පේන පේන හැමදේම එහෙ-මෙහෙ වෙන්න ගත්ත. කෙස් කෙළින් වුණා. සම මතුපිට තිබුණ රෝම ස්තරය පිච්චෙනව වගේ දනුන. ඒ ගඳ ආව.
එදා, මහ මුහුදට හොඳටම තරහ ගියා. එකක්, එයාගෙ වතුරෙ ලුණු රහ ගැන එයාට ලැජ්ජ හිතුන හින්ද. අනික, වෙනද වගේ මං මුහුද දෙසට පීනගෙන ගිහින් එයාගෙ කන්‍යාභාවය අහෝසි නොකරපු නිසා. එදා, මහ රෑ වඩදිය ගලනකං මගේ ඇඟිළි තුඩුවල කන්‍යාභාවය නං අහෝසි වුණා.මගේ කටේ දත්වලින්. අන්තිමට අඟිළි තුඩු ඉදිමෙනකන්ම.
අවුරුදු 13ක් ගත වුණා. අද වනතුරුත් මහ මුහුද, එයාගෙ කොට සායවත් මගේ හංපඩ ඩෙනිමවත් දක්කෙ නෑ.
අදත් මුහුදට හොඳටම තරහ ගියා. මොකද, මං එයාව බලන්න හිස් අතින් කොන්ඩෙ කසකස ගිය නිසා. ඇය හිතුවෙ මං ගල් බෝතලයක් හරි මොනා හරි රට බීමක් අරන් එයි කියල. ඒ වැඩේ වැරදුනා. වෙනදට වඩා සැර රැළි මගෙ ඔළුවටත් උඩින් ගියා. කන් දෙකම වැලිවලින් පිරුණා. වෙනද කකුලෙ හැපිච්ච ගල් මාළු, සිප්පි වෙනුවට ඉකිරියොයි, බෙලි කටුයි මට වද දුන්නා.
කමක් නෑ...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...
Wednesday, September 4, 2013
අතහැර දැමීම...
නිල්පාට පියළි ඇලවූ
කඳු පන්තියේ
උසම කඳු මුදුනට ගිහින්
බිමට දමන්නට කලින්,
තව වරක්වත්
සිතන්නට තිබුණා නුඹට
ඒ වීදුරු බෝලය ගැන, හිතින්...
සුමට වීදුරු හදන්නෙ
රළුම රළු
කළුම කළු
උණුම උණු
වැලිවලින් කියල
නුඹට අමතකයි.
ඒක එහෙමයි,
පස්සෙ ලස්සන ගොඩක් දේ
හදන්න කලින්
අමුයි, රළුයි, ගොරහැඩියි...
කාගෙ ආරකින් ද මන්දා,
නුඹෙ වැඩේම උනේ
වීදුරු බෝලෙ
නාභිය සෙවීමයි...
ඒ නාභි දුර සූත්‍රයක දමාගෙන
ළතැවුලේ බර සෙවීමයි...
බැරිම තැන,
බිඳ බලන්නට තැතනීමයි...
දැන් තේරෙනව ද?
අපාරගම්‍ය නො'පණ
වීදුරු බෝලයකට වුව ද
ගැහෙන හදවතක් තියෙන්න පුළුවනියි...
සුදු ආලෝකය
වෙන් කළත්, නො'කළත් වර්ණ හතකට
පාට විභේදනය කළත් නුඹේ හැඟීම්වලට
ඒ වීදුරු බෝලය
දන්
කුඩු වී ගිහින්...
කඳු පන්තියේ
උසම කඳු මුදුනට ගිහින්
බිමට දමන්නට කලින්,
තව වරක්වත්
සිතන්නට තිබුණා නුඹට
ඒ වීදුරු බෝලය ගැන, හිතින්...
සුමට වීදුරු හදන්නෙ
රළුම රළු
කළුම කළු
උණුම උණු
වැලිවලින් කියල
නුඹට අමතකයි.
ඒක එහෙමයි,
පස්සෙ ලස්සන ගොඩක් දේ
හදන්න කලින්
අමුයි, රළුයි, ගොරහැඩියි...
කාගෙ ආරකින් ද මන්දා,
නුඹෙ වැඩේම උනේ
වීදුරු බෝලෙ
නාභිය සෙවීමයි...
ඒ නාභි දුර සූත්‍රයක දමාගෙන
ළතැවුලේ බර සෙවීමයි...
බැරිම තැන,
බිඳ බලන්නට තැතනීමයි...
දැන් තේරෙනව ද?
අපාරගම්‍ය නො'පණ
වීදුරු බෝලයකට වුව ද
ගැහෙන හදවතක් තියෙන්න පුළුවනියි...
සුදු ආලෝකය
වෙන් කළත්, නො'කළත් වර්ණ හතකට
පාට විභේදනය කළත් නුඹේ හැඟීම්වලට
ඒ වීදුරු බෝලය
දන්
කුඩු වී ගිහින්...
Friday, August 30, 2013
ඔප්පු කිරීම !
උනා දැමීමි මගේ
කොටු කොටු කමිසය විගස,
තැබුවෙමි ම'ළය
මැෂිනය මත
හදවතේ ෆොටෝ කොපියක් ගන්ට...
කොටු කොටු කමිසය විගස,
තැබුවෙමි ම'ළය
මැෂිනය මත
හදවතේ ෆොටෝ කොපියක් ගන්ට...
ඒ විදින කිරණ
පපුව පසාරු කර
නොයන බැවින්
තැබුවෙමි වෙන මැෂිනයක
පපුව පසාරු කර
නොයන බැවින්
තැබුවෙමි වෙන මැෂිනයක
පපුව හරහා විදුලිය ගොස්
ඇතුළෙ දේ පිටට පෙන්වන...
අදහාගත නොහැකි තැන
ගල් ගෙඩියක් ඇති බව
හද තිබිය යුතු තැන,
පිහි දෙකක් ගෙන
විවර කෙරුවේ
මගෙ පපු කැවුත්ත...
මේ බලන්න,
අනේ! මගෙ හදවතිනුත්
උණු උණු ලේ
විදින අපූරුව.
..............................................
දැන්වත් සතුටුනම්
පෙනහැලි, අග්න්‍යාශය
අක්මාව සහ ඉතුරු
පොඩි දේවලුත්
එළියට ඇද
එම්බාම් කරන්න
ම'සිරුර.
Monday, August 26, 2013
ම'ළය ඉපනැල්ල සේ දැවෙයි...
"මා එක්ක'විත් බොහෝ දේ
නැති කරගත් බව "
ඔය වහෙන් ඔරෝවෙන්
මට දැනෙයි
ම'ළය ඉපනැල්ල සේ දැවෙයි...
නැති කරගත් බව "
ඔය වහෙන් ඔරෝවෙන්
මට දැනෙයි
ම'ළය ඉපනැල්ල සේ දැවෙයි...
මා සමග නෑවිත්
දොස්තරෙකු හෝ නැවියකු සමග
ගියානම්
නුඹ මව්පියන් ද තුටින්,
සහෝදරියන් ද තුටින්,
ඊටත් වඩා නුඹ සතුටින්.
සැමදෙයකින් ම
ගලවා-රැකගන්නට
රෝමන් ප්‍රේමියකු
සේ පපුව පුම්බාගත් මං
අද මෙසේ පසුතැවෙන්නේ
උදරය පුම්බාගත්
හැලගෙම්බෙකු සේයි
මට හැඟෙයි...
දොස්තරෙකු හෝ නැවියකු සමග
ගියානම්
නුඹ මව්පියන් ද තුටින්,
සහෝදරියන් ද තුටින්,
ඊටත් වඩා නුඹ සතුටින්.
සැමදෙයකින් ම
ගලවා-රැකගන්නට
රෝමන් ප්‍රේමියකු
සේ පපුව පුම්බාගත් මං
අද මෙසේ පසුතැවෙන්නේ
උදරය පුම්බාගත්
හැලගෙම්බෙකු සේයි
මට හැඟෙයි...
නුඹට ගොඩක් දේ දෙන්ට
මම, මා දියකර හරිමින් සිටියෙමි.
ඒ ටිකට,
නුඹට ඕනෑ ගොඩක් දේ
නුඹෙන් ගැලවී ගොස් ඇතිබව
මං දැක්කෙ දැනුයි!
ඒකට,
දෙන්න පුලුවන් නම් උඹට
සමාව දියන් මට...
මම, මා දියකර හරිමින් සිටියෙමි.
ඒ ටිකට,
නුඹට ඕනෑ ගොඩක් දේ
නුඹෙන් ගැලවී ගොස් ඇතිබව
මං දැක්කෙ දැනුයි!
ඒකට,
දෙන්න පුලුවන් නම් උඹට
සමාව දියන් මට...
එළවළුවක් එක්ක
බතක්
නැත්නම් රොටියක්
කන්ට
මා සමග හිඳි
නුඹට සිදුවිය...
ඒත් අමතක නොකරන්න
දැනුවත්ව හෝ වැරදීමකින්
යන්ට සිටි තැනට
ගියානම් නුඹ
අග බිසවකි
මේ වනවිට නුඹ...
බතක්
නැත්නම් රොටියක්
කන්ට
මා සමග හිඳි
නුඹට සිදුවිය...
ඒත් අමතක නොකරන්න
දැනුවත්ව හෝ වැරදීමකින්
යන්ට සිටි තැනට
ගියානම් නුඹ
අග බිසවකි
මේ වනවිට නුඹ...
වැටී සිටින්නට
මගෙම බිම් අඟලක් නොමැති,
ම'පයින් තද කරන්නට
තිරිංග ද නොමැති,
මසක් පාසා සරසන්නට දුහුල් ද
ගෙනෙන්නේ නැති
ම'දිවිය ගෑනියකුට, දරුවකුට
නො'වටිනා බව
අරුමයක් නැති...
මගෙම බිම් අඟලක් නොමැති,
ම'පයින් තද කරන්නට
තිරිංග ද නොමැති,
මසක් පාසා සරසන්නට දුහුල් ද
ගෙනෙන්නේ නැති
ම'දිවිය ගෑනියකුට, දරුවකුට
නො'වටිනා බව
අරුමයක් නැති...
ජීවිතය යදින්නට නොහැක.
එය හරියට
කැටපත ඉදිරියේ
මා, මගෙන්ම යදින්නාක් වැන්න.
උප්පත්තියෙන්ම මා
දුලබ මිනිස්ගති
රැගෙන'විත් බව
වරෙක හිරිමල් කෙල්ලක
කියුවිට එහි ගැඹුර
නොතේරුණි.
නමුත්,
මිනිස්කම්වලින් පමණක්
බඩ පිරෙන්නේ
හිත පිරෙන්නේ
නැති බව
දැන්නම් හොඳින් තේරුණි.
ම'දිවිය
නොවටිනාමුත් කාට
වටියි මට ...
මන්ද,
දෙවියකු වන්ට
මට වුවමනා නැත.
මිනිසකු වී
උපදින චක්‍රය බිඳිනට
මට වුවමනා ඇත.
Tuesday, July 23, 2013
නිදන්න ! එළිවෙන්න තව කල් තියෙයි...
ෂ්... ෂ්... ෂ්...
පළගැටියනි
කෑ නොගසන්න,
ඉතින් ඈ ඇහැරෙයි...
තොල් පොටවලින් මොනවදෝ
මුමුනමින්
මගේ නිල්මිණ
ම'උකුලේ නිදයි.
තවම රෑ දෙකයි
පාන්දර එළියට තව දුරයි
නිදන්න !
එළිවෙන්න තව කල් තියෙයි.
කන් පෙත්තෙන් පහල
ආසාවට.. හීනියට.. හපනවිට
නින්දෙන්ම ඔලුව වනමින්
රස්නෙ හුඟාරියක් පිට කළවිට
අනේ මා උකුල
හිමාලය කර දෙන්ට
පුලුවන්නම්... නුඹට.
පළගැටියනි
කෑ නොගසන්න,
ඉතින් ඈ ඇහැරෙයි...
තොල් පොටවලින් මොනවදෝ
මුමුනමින්
මගේ නිල්මිණ
ම'උකුලේ නිදයි.
තවම රෑ දෙකයි
පාන්දර එළියට තව දුරයි
නිදන්න !
එළිවෙන්න තව කල් තියෙයි.
කන් පෙත්තෙන් පහල
ආසාවට.. හීනියට.. හපනවිට
නින්දෙන්ම ඔලුව වනමින්
රස්නෙ හුඟාරියක් පිට කළවිට
අනේ මා උකුල
හිමාලය කර දෙන්ට
පුලුවන්නම්... නුඹට.
හා... හා... හා...
එපා අස් අරින්න
මට නුඹ තුළට
කිමිදෙන්න.. ඉඩදෙන්න..
නුඹඇඟේ රස්නය හැකි පමණ
මට උරා ගන්නට ඉඩදෙන්න.
රස්නෙ හුස්මක් පිටකර
නුඹේ හිස මගෙ උකුලට
කඩාවැටෙන විට
මහා රූස්ස ගසක්
කියතකින් හෙලන
හඬ මට ඇසේ
බර මට දැනේ...
එපා අස් අරින්න
මට නුඹ තුළට
කිමිදෙන්න.. ඉඩදෙන්න..
නුඹඇඟේ රස්නය හැකි පමණ
මට උරා ගන්නට ඉඩදෙන්න.
රස්නෙ හුස්මක් පිටකර
නුඹේ හිස මගෙ උකුලට
කඩාවැටෙන විට
මහා රූස්ස ගසක්
කියතකින් හෙලන
හඬ මට ඇසේ
බර මට දැනේ...
කම්මුලක් රත්වෙනකොට
මූණ හරවා අනෙක් කම්මුල
මාරු කරන නුඹේ මූණ
මා කවදත් කැමති
මුහුදට සමකරමි...
පටහැනි නොවුණත් මගෙ හිතට
හඳට නුඹ හොරෙන් පෙන්වමි.
නින්ද ඕනෑ වුණත් ම'නෙතට
නිදි වරමි. නුඹ නිදි කරවමි.
මට පේන මානයෙන් එපිටට
හඳ ඈත්ව යයි...
කමක් නෑ රත්තරන්
නිදියන්න ! එළිවෙන්න තව කල් තියෙයි...
මූණ හරවා අනෙක් කම්මුල
මාරු කරන නුඹේ මූණ
මා කවදත් කැමති
මුහුදට සමකරමි...
පටහැනි නොවුණත් මගෙ හිතට
හඳට නුඹ හොරෙන් පෙන්වමි.
නින්ද ඕනෑ වුණත් ම'නෙතට
නිදි වරමි. නුඹ නිදි කරවමි.
මට පේන මානයෙන් එපිටට
හඳ ඈත්ව යයි...
කමක් නෑ රත්තරන්
නිදියන්න ! එළිවෙන්න තව කල් තියෙයි...
උඳුපියලිය මතට බාන
පිනි වැස්ස
නුඹේ හිරිගඩු පුප්පන විට,
තව තවත් පටු වී
මා උකුලට කූටාලු වන
මේ ආත්මීය අලුයම !
කවදාවත් නොගෙවේ නම්...
පිනි වැස්ස
නුඹේ හිරිගඩු පුප්පන විට,
තව තවත් පටු වී
මා උකුලට කූටාලු වන
මේ ආත්මීය අලුයම !
කවදාවත් නොගෙවේ නම්...
Friday, July 19, 2013
පව !
ලෙඩ ගොඩක් අඳුන ගත්තට පස්සෙ
හුස්ම නාල්ලා හිටියා
මගේ ප්‍රේමය...
මලකුණ විකුණුවා මං
රන් ව් ඇට හතරකට...
ඒ මරණයට වගකිවයුත්තිය
දමා තිබුණා නඩුවක් උසාවියක,
ඇගේ පයේ වැදී විසිවුණු
ඒ කුණ
අයිතිය ඈට, නොව මට...
රන් වී ඇටවලිනුත්
දෙකක් අයිතිලු ඈට...
අවසාන කාලෙදි රජයේ රෝහලෙන් ලැබුණු
පරණ සේලයින් බෝතලය ද
විකුණුවා ඈ
බෝතල් - පත්තර කාරයෙකුට...
සේලයින් බට ටික දුන්නා දරුවට
ලී බුල්ඩෝසරයේ වැඩට...
මුල්ම කාලේදී ලැබුණු
කිහිලිකරුවට වාරුවෙන්
ගාටන්නේ පව්සාන්ගේ කඩයට
වී ඇට හතර විකුණන්ට...
ඌ ද පවසන්නෙ මට
ගත හැක්කේ වී ඇට තුනක් පමණක් බව...
එතකොට,
අනෙක් වී ඇටය
විකුණන්නේ
කාට ?
ලෙඩ ගොඩක් අඳුන ගත්තට පස්සෙ
හුස්ම නාල්ලා හිටියා
මගේ ප්‍රේමය...
මලකුණ විකුණුවා මං
රන් ව් ඇට හතරකට...
ඒ මරණයට වගකිවයුත්තිය
දමා තිබුණා නඩුවක් උසාවියක,
ඇගේ පයේ වැදී විසිවුණු
ඒ කුණ
අයිතිය ඈට, නොව මට...
රන් වී ඇටවලිනුත්
දෙකක් අයිතිලු ඈට...
අවසාන කාලෙදි රජයේ රෝහලෙන් ලැබුණු
පරණ සේලයින් බෝතලය ද
විකුණුවා ඈ
බෝතල් - පත්තර කාරයෙකුට...
සේලයින් බට ටික දුන්නා දරුවට
ලී බුල්ඩෝසරයේ වැඩට...
මුල්ම කාලේදී ලැබුණු
කිහිලිකරුවට වාරුවෙන්
ගාටන්නේ පව්සාන්ගේ කඩයට
වී ඇට හතර විකුණන්ට...
ඌ ද පවසන්නෙ මට
ගත හැක්කේ වී ඇට තුනක් පමණක් බව...
එතකොට,
අනෙක් වී ඇටය
විකුණන්නේ
කාට ?
Wednesday, July 10, 2013
අහම්බෙන් වගේ...
ඉපනැල්ලේ පිදුරු බිම්මලක
පුසුඹ දැනෙන විට
රබර් කට්ටියේ තට්ටයට
හඳ, එළිය වක්කරන විට
වඩදිය පොල්රුප්පාවම
තෙමන විට
ඔබ සිහි වුණා
අහම්බෙන් මට...
ගුල් හැදුනු බිත්තියේ
කටුමැටි
කුරුටු ගාමින් සිතුවිලි
මුදාහැරී හැටි
බිඳෙන ලුණු රළ
මුමුණනා හැටි
සිහිවේ මා කවියෙක් වූ හැටි...
කිරි කවඩි ඉහිරෙන
ඒ මුහුදු වෙරළේ
තාමත් රුවල් ඔරු
දියඹ හා නැටවේ
ඩෙල්ටාව පසු කරන
හැම, නේක වාරේ
මගේ මතකයේ
දිය බුබුළු නැංවේ...
[ගඟ මුහුදට වැටුණු තැන...]
Monday, July 1, 2013
චීන මැටි බඳුන
ඒක,
චීන මැටි බඳුනක්
ටැංග් රාජ වංසයට අයත්.
මට ලැබුණේ
කිමිදෙද්දි
මම රිංගපු
මුහුදුබත් වූ
බ්‍රාවෝ වර්ගයේ
නැවෙන්.
ලොකු කටගැස්මක් නෑ...
මහා ලොකු පෙනුමකුත් නෑ...
ඒත්,
සමහර තැන්
හරිම ගොරෝසුයි
සමහර තැන්
හරිම සුමුදුයි
බොහෝ තැන් හරිම සුමටයි...
ඇතීනා ගේ ද
දන්නේ නෑ.
මගේ අතපයට හරියන
හන්දිවලට දරා ගන්න ඇහැකි
උඩ දාල අල්ලන්න හැකි
බිම දිගේ රෝල් කරන්න පුළුවන්
අතේ එල්ලන් යන්න පුළුවන්
කරේ තියන් යන්න පුළුවන්
විදිහේ බඳුනක් ඒක.
ඇරත්,
මට හිතෙන්නේ
කකුල් දෙක මැද්දේ උනත්
තියාගන්න පුළුවන්.
නමුත්,
හරිම පුදුම වෙනසක්
ඒකෙ තියෙනවා...
අඳුරෙත් ඒක දිලිසෙනවා.
හරියට,
බැස්කවිල් දඩ බල්ලාගේ
ඇස්වල ගාපු
පොස්පරස් වගේ.
උඩ දාල අල්ලල
සෙල්ලම් කරන්න හිතෙනවා
බිඳුනත් කමක් නෑ කියල,
හැබැයි බිම වට්ටලා නෙමෙයි.
ඒක
වටිනවා...
ඊටත් වඩා
එක හරියට,
වේලාසනින් ආපු නැති
වසන්තයක් වගෙයි !
* * * * * * * * * * * * * * * * * * *
චෑහ් !
මං නැති ටිකේ චීනෙක් ඇවිත්
ඒ මැටි බඳුන
ගෙනිහින්...
Monday, June 17, 2013
කුරුටු ගාන CR පොත - පිටු අංක 80
14.06.2013
රාත්‍රී 11.55
සුළං බොහොම තදයි...
14.06.2013
රාත්‍රී 11.55
සුළං බොහොම තදයි...
]පනින්නටවත් සීමාවක් නොමැති
අසීමාන්තිකයාගේ රැය[
ඒක අඳුරු රැයක් !
ඇඹලයින් ද
මා කෙරෙන් ඉවතට ගිය.
මා ද , ම'සිතුවිලි ද
අඩුම ආයුෂ කලක් ඇති
මැයි මැස්සෙකු වූ
මැයි මාසයේ,
ඒක කුණාටු රැයක් !
පංගුකාරයින්ට
ආවේස නොවෙච්ච
ම'දිවිය,
පංගුකාරයින්ට දෙනු රිසින්
සැරසුණු,
රැවටුණු
ඒක මූසල රැයක් !
සිතුවිලි බර
හදවතට දැනෙන'තරේ
නුඹ මගේ
ඇහි පිහාටු ගනිමින් සිටි
ඒක දිරාපත්වන රැයක් !
විකාර රූපී වුවමනාවන්ට
එරෙහිව, මගේ සෛල සටන් කළ
කාබන්ඩයොක්සයිඩ්
වැඩිපුර පිටකළ
එපා උන තැනකදී
රස්නෙ පහරක රස්නෙ
නිතඹට දැනුනු
ඒක අකාබනික රැයක් !
ඇත්තටම හෝ
අනවශ්‍ය දෙයකට
දර-දිය අදිමින් සිටි
ආකර්ෂණයක් පමණකැයි කියූ
ඒක නිව්මෝනියා රැයක් !
රිදවීම-නොරිදවීම
රැවටීම-නොරැවටීම
ඇත්ත-නැත්ත
අසීමාන්තික-සීමාන්තික
විකර්ෂණය-ආකර්ශනය
අතරේ දෝලනය උන
මා,
අවලම්භ බට්ටෙකු වූ
ඒක මංමුළාකාරී රැයක් !
සඳකට හෝ කිසිදු තරුවකට
සිඹින්නට බැරි ලෙස
පෘතුවි කබොල මත
ඝනව වැඩි
නවද ගස් දෙකක
දැවටී වැඩෙන
රැසකිඳ වැලක්
ඉන්ම, සුවපත් වන රැයක් !
මහපොළොවේ කාන්දම් බලයට
හැමදා විරුද්ධ උනු මා
හැමකෙකුගෙන්ම විකර්ෂණය වී
නුඹ ගැබේ සදහටම
නිදන්ගත වූ
මේ මොහොතේ පටන්
ඒක සොඳුරු රැයක් !
Monday, June 10, 2013
මළවුන්ගේ දවස
ලෝකයම රවුම් බව
තේරුණා මට...
ගැස්මක් තිබිය
යුතුම බව හදවතට
දැනුනා මට...
පැමිණි පසු නුඹ ම'වෙතට.
සෞන්දර්ය !
ජීවිතයේ හැම වැරද්දක්ම
මකන කෝව බව
උගත්තා මම...
නළලේ තිලක
ඇඟිල්ලෙන් තියන බව
දැනගත්තා මම...
පැමිණි පසු නුඹ ම'වෙතට.
බැඳීම් වීදුරු වගේ බව
ඒවාට අත කැපෙන බව
පසක් වුවා මට...
පැමිණි පසු නුඹ ම'වෙතට.
නම දොරට අමතරව
තවත් දොරක් ඇරියා මම...
පැමිණි පසු නුඹ ම'වෙතට.
මේ දේවලට කාලය ගෙවෙත්ම
අපි එහෙ-මෙහෙ ගියා නොදැනීම.
* * * * * * * * * * * * * * * * * * * * * * *
නුඹ ගියේ ඉරිදා...
නමුත්,
මම ගියේ සිකුරාදා...
ලෝකයම රවුම් බව
තේරුණා මට...
ගැස්මක් තිබිය
යුතුම බව හදවතට
දැනුනා මට...
පැමිණි පසු නුඹ ම'වෙතට.
සෞන්දර්ය !
ජීවිතයේ හැම වැරද්දක්ම
මකන කෝව බව
උගත්තා මම...
නළලේ තිලක
ඇඟිල්ලෙන් තියන බව
දැනගත්තා මම...
පැමිණි පසු නුඹ ම'වෙතට.
බැඳීම් වීදුරු වගේ බව
ඒවාට අත කැපෙන බව
පසක් වුවා මට...
පැමිණි පසු නුඹ ම'වෙතට.
නම දොරට අමතරව
තවත් දොරක් ඇරියා මම...
පැමිණි පසු නුඹ ම'වෙතට.
මේ දේවලට කාලය ගෙවෙත්ම
අපි එහෙ-මෙහෙ ගියා නොදැනීම.
* * * * * * * * * * * * * * * * * * * * * * *
නුඹ ගියේ ඉරිදා...
නමුත්,
මම ගියේ සිකුරාදා...
Tuesday, June 4, 2013
වල දැමූ මතක ගොඩ ගමි.
ගොඩ ගත් මතක වල දමමි !
ගොඩ ගත් මතක වල දමමි !
අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනක්
ම'සිතින් රැගෙන
කම්හලේ දොරටුව මුලදී
ඔබ හමුවුණෙම්...
සිතුවිලි තුන
එකිනෙක පරයමින්
රඟන්නට පටන් ගති...
ඔය දෑස්
බලා සිටියාදැයි
අදටත් මම අසමි...
කට කට ගා
මගේ කෘන්තක
ගැටෙන විට
ඔබ දෙපසට ගස්සා ලූ
කොන්ඩාකරල් දෙකේ බර
මගේ හද ගැඹුරටම දැනුනි...
එක සිතුවිල්ලක්
මට පහල වූයේ ,
රිදියට ගලායන
ගංදෑලේ
නිදමින් හුන් විටදී ය...
දෙපයේ පැටලෙන
සීතල වතුර මකුළු දැල
ඍජුව ම 'නෙත් හැරවුයේ
හිස් අහසටයි...
කළුගඟට ඉහළින්
තත්පරයට මීටර ගණනක වේගෙන්
චන්ද්‍රිකාවක් ඇදී යයි...
"තාත්ත වේගවත් රියැදුරෙක්...
මාත් රේස් පැද්දොත් නරකද ?"
මගේ ඒ වියරුව
සල්ලි කඳු ගොඩ ගසනවා
නිසැකය...
* * * * * * * * * * * * * * *
සිතින් දැකි
දෑසින් නොදැකි
හොල්මන් සමග
දොඩමළුවන්නට
වුවමනා විය මට ...
දූව පන්සල පාරේ සොහොනේ
නෝනිස් මුදලාලිගේ
බෑණාගේ සොහොනේ වල
මට ඊට උදව් විය ...
අඩි ගණන් උසට
මිනී පිච්චුන එතන
හතර ගාතය විසිරුවා
උඩුබැලිව
අහස දෙස බලා හිඳින මොහොතේ
හඳ, මා මුවට
වචන වට්ටමින් සිටියේය...
දෙවැනි සිතුවිල්ල සිතට නැගින.
"දොස්තර කෙනෙක් වුණානම් මරු !
පැලෙන්න හම්බකරතහැකි "
මේ මොහොතේ පසුතැවෙන
ජීව විද්‍යාව මට තුරුලු විය.
මං ජීව විද්‍යාවට තුරුළු වීමි.
* * * * * * * * * * * * * * *
කාලයාගේ අවෑමෙන්
නිතර නිතර ප්‍රශ්න තුනක්
අහන්නට වීමි ඇගෙන්...
"අඳුරත්, තෙරක් නොපෙනෙන අහසත්
හඬ ගසන්නේ
මට ද? නුඹට ද ? "
"හඳත්, ගැඹුරු ළිං පතුළත්
හඬ ගසන්නේ
මට ද? නුඹට ද ? "
"ඉක්කාවත්, ඔක්කාර රසයත්
වෙන්කළ හදවත ඉකිගසන්නේ
මට ද? නුඹට ද ? "
අදටත් පිළිතුරු නොදුන්
මේ නටබුන් ප්‍රශ්න
බොහොම සංයමයෙන් යුතුව
හදවත කනිනවා
දැනේ තදට මට...
එක හුස්මට
පොත් කියවන කාලෙක
රතු පොත් රාක්කයක්
තුරුලු කරගෙන
මියගිය තාත්තගේ
ඇඳ පුලුස්සන්නට පෙර,
පුතකු ලෙස ඒ මත
අවසානයට වතිරුනෙමි...
මුදුන් වහලයේ
මුදුන් උළුකැටවල
කුමේර බිඳී ඇති ගුල්වලින්
අහස මට දිස් විය...
එවෙලේ මට තුන්වැනි
සිතුවිල්ල පහල විය...
"උඹට පිස්සුද?
ද්‍රව්‍යාත්මක සංකල්පයක බරට එරෙහිවන
ගර්ෂණය සොයන්නේ?
මුලාව සහ වංචාව
භෞතිකව සූත්‍ර ගත කරන්නට
පුළුවන් උපායක්
ඉගෙන ගන්නේ !"
ද්‍රව්‍යාත්මක සංකල්පයක බරට එරෙහිවන
ගර්ෂණය සොයන්නේ?
මුලාව සහ වංචාව
භෞතිකව සූත්‍ර ගත කරන්නට
පුළුවන් උපායක්
ඉගෙන ගන්නේ !"
අහම්බෙන් මතුවුණ
තරු තුනක් වගේ
සිතුවිලි තුනත්
ම'සිතින් දරාගෙන
කම්හලේ දොරටුව මුලදී
ඔබ මා ද
මා ඔබ ද
මග හැර ගියෙමු.
Friday, May 31, 2013
සිඹින්නට ඕනෙමයි
ඔබේ ඔය
නිදිකුම්බා නෙතු යට රත...
පෑලදිග දිගහැරෙන
රත් පැහැයට
ම ගේ මුවේ ගුරු පැහැය
එක්කොට
සංකලනයෙන් එන පාටින්
නුඹට තියමි තිලක...
වැහි පොදටවත් නොසේදෙන
ඒ තිලකය නුඹ
ඈත විල්ලුවේ උසම තැන හිඳ
තෙත මාත්තු කරන'යුරු
මේ දැනුත් දැනේ මට...
ඒ තිලකය නුඹ
ඈත විල්ලුවේ උසම තැන හිඳ
තෙත මාත්තු කරන'යුරු
මේ දැනුත් දැනේ මට...
හැමවෙලේම ම' වටේ කැරකෙන
නුඹේ රවුම් රවුම්
රස්නෙ හුස්ම ටික
හදවතේ සීතල හර්ත් පේෂීන්
තව තවා පණපවන අපූරුව.
* * * * * * * * * * * * * * * * * * * *
අනේ බිරින්දේ !
උඹේ සිනිදු හා ලොම් ටික
කොයිවෙලෙත් කිතිකවනවා
මගේ සියොළඟ...
Monday, December 24, 2012
Tuesday, August 14, 2012
Friday, July 27, 2012
ගැහැනිය සහ පිරිමියා
පිරිමියා සහ ගැහැනිය
ස්වාභාවිකව වෙන් කළ නොහැකි
පරමාදර්ශ දෙකකි.
අස්වාභාවිකව
වෙන් කළ හැකි
පදගතාර්ථ හෝ
පද දෙකකි.
පිරිමියා මහෞෂධය.
ගැහැනිය ද්වඟුල ප්‍රඥාය.
නමුත්,
ඉංගිලිසියේ ඇත්තේ
අකුරු දෙකක
වෙනසකි.
කිසි දිනෙක,
ගැහැනිය තම ඇස්
තම ඇසින්ම
නොදකින්නීය.
පිරිමියා
තම ඇස්
සියැසින් තියා මනසින්වත්
නොදකින්නේය.
උහු ඒවා වනති, හදති.
විඳිති, රස බලති.
නමුත්
ඒ සියල්ල කැටපතකිනි.
පිරිමියා වරදක් කළොත්
එය තිලකයකි.
උදාහරණ බොහෝය;
තහනම් ගසේ ගෙඩි කෑම,
ජීවියකුට වෙඩි තැබීම හෝ ඝාතනය ,
හුඹස් කැඩීම,
නූපන් දරුවන් මැරීම
ඉන් සමහරකි.
ගැහැනිය වරදක් කළොත්
එය කැළලකි.
සුදු සමේ රතු බිබිලි වැනිය,
මුහුණ මැද වූ තඩි ඉන්නෙකු වැනිය.
උදාහරණ බොහෝය;
තහනම් ගස සොයා ගැනීම,
එහි ගෙඩි කැඩීමට පෙළඹවීම,
සර්පයින් සමග සෙල්ලම් කිරීම,
ආසාවකට දරුවෙකු වැදීම,
උන් තිඹිරිගෙයි අතරමං කිරීම
ඉන් සමහරකි.
ගැහැනිය තමා ගැහැනියකැයි
තවම නොදනී.
පිරිමියා තමා පිරිමියෙකැයි
තවම නොදනී.
දෙබිඩි දිවියකට තුරුල්ව
ගැහැනිය පිරිමි වැඩත්,
පිරිමියා ගැහැනු වැඩත්
කරනුයේ එබැවිනි.
ස්වාභාවිකව වෙන් කළ නොහැකි
පරමාදර්ශ දෙකකි.
අස්වාභාවිකව
වෙන් කළ හැකි
පදගතාර්ථ හෝ
පද දෙකකි.
පිරිමියා මහෞෂධය.
ගැහැනිය ද්වඟුල ප්‍රඥාය.
නමුත්,
ඉංගිලිසියේ ඇත්තේ
අකුරු දෙකක
වෙනසකි.
කිසි දිනෙක,
ගැහැනිය තම ඇස්
තම ඇසින්ම
නොදකින්නීය.
පිරිමියා
තම ඇස්
සියැසින් තියා මනසින්වත්
නොදකින්නේය.
උහු ඒවා වනති, හදති.
විඳිති, රස බලති.
නමුත්
ඒ සියල්ල කැටපතකිනි.
පිරිමියා වරදක් කළොත්
එය තිලකයකි.
උදාහරණ බොහෝය;
තහනම් ගසේ ගෙඩි කෑම,
ජීවියකුට වෙඩි තැබීම හෝ ඝාතනය ,
හුඹස් කැඩීම,
නූපන් දරුවන් මැරීම
ඉන් සමහරකි.
ගැහැනිය වරදක් කළොත්
එය කැළලකි.
සුදු සමේ රතු බිබිලි වැනිය,
මුහුණ මැද වූ තඩි ඉන්නෙකු වැනිය.
උදාහරණ බොහෝය;
තහනම් ගස සොයා ගැනීම,
එහි ගෙඩි කැඩීමට පෙළඹවීම,
සර්පයින් සමග සෙල්ලම් කිරීම,
ආසාවකට දරුවෙකු වැදීම,
උන් තිඹිරිගෙයි අතරමං කිරීම
ඉන් සමහරකි.
ගැහැනිය තමා ගැහැනියකැයි
තවම නොදනී.
පිරිමියා තමා පිරිමියෙකැයි
තවම නොදනී.
දෙබිඩි දිවියකට තුරුල්ව
ගැහැනිය පිරිමි වැඩත්,
පිරිමියා ගැහැනු වැඩත්
කරනුයේ එබැවිනි.
Wednesday, July 25, 2012
Tuesday, June 5, 2012
මායාවතියේ...
ඉර හඳ ඉරා දමන්නට
වෙර දරා ස්නායු සිඳගත්
හද සිත්තරාගේ සායම් බඳුන
පෙරළා එකවර හද වර්ණ කරගත්
මායාවතියේ...
මන්නාරම් පතොක් පඳුරක
දළඹු කටු අතරෙ
සැරිසරන කළු කුහුඹුවන්
ගන්නට නොහැකිසේ නිය'ගින්
ගල්පිළිමයකි ඔබ
ඉර හඳ මැරෙනකල්
දළ සටහනේ ඇඳි හදවත් සැකිල්ල
වාත්තු කරන තුරු ලොමින්
හදට නිස්කලංකව කම්පන ගලා එයි
ඔබ කොහේ හෝ සුවෙන් නම්
මායාවතියේ ...
වෙර දරා ස්නායු සිඳගත්
හද සිත්තරාගේ සායම් බඳුන
පෙරළා එකවර හද වර්ණ කරගත්
මායාවතියේ...
මන්නාරම් පතොක් පඳුරක
දළඹු කටු අතරෙ
සැරිසරන කළු කුහුඹුවන්
ගන්නට නොහැකිසේ නිය'ගින්
ගල්පිළිමයකි ඔබ
ඉර හඳ මැරෙනකල්
දළ සටහනේ ඇඳි හදවත් සැකිල්ල
වාත්තු කරන තුරු ලොමින්
හදට නිස්කලංකව කම්පන ගලා එයි
ඔබ කොහේ හෝ සුවෙන් නම්
මායාවතියේ ...
Monday, March 26, 2012
අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය - [ඇලෙක්සි අර්බුසෝෆ්]
සර්ජි- ඇයි?
වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.
සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ අලස බවක් එහෙම දැනෙනව ද? එහෙම නැත්නම් ජීවිතේ පාලුයි කියල හිතෙනව ද?
වාල්යා- පිස්සු කතා කරනව. මට එහෙම දෙයක් දැනෙන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙලා නෑ.
සර්ජි- තව ටික කලක් ඔහොම ගියාවෙකො. පොඩ්ඩො දෙන්න ටිකක් ලොකු වුනාට පස්සෙ අපි ඒ දෙන්නව ළමා පාසලකට දාමු. ඊට පස්සෙ ඔයාට වැඩිදුර ඉගෙන ගන්න හරි රස්සාවක් කරන්න හරි යන්න පුළුවන්.
වාල්යා- (විරාමයකට පසු අලසව) මම මොන වගේ රස්සාවක් කරනවටද ඔයා කැමති?
සර්ජි- කොන්ක්‍රීට් දානව වගේ වැඩක්. මේ කාලෙ ඉතාම වැදගත් වෙන්නෙ කොන්ක්‍රීට්.
වාල්යා- (එය පහත් කොට සලකමින්) කොන්ක්‍රීට්? මට ඕනෙ වෙලාවක කැෂියර් වැඩේ කරන්න පුළුවන්.
සර්ජි- එපා වාල්යා. ඔයා හිතන හැටි වැරදියි. (හැඟීමෙන්) මිනිහෙක් සන්තෝස වෙන්නෙ මොකක් හින්දද? තමුන් වැදගත් වැඩක් කරනව, තමුන්ට වඩා විශාල දේක තමුන් කොටස් කාරයෙක් වෙලා ඉන්නව කියන හැඟීම තමයි මිනිහෙකුට සතුට ලබා දෙන්නෙ.
වාල්යා- ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ.
සර්ජි- මට හරියට තේරෙන්න් නෑ ඒක විස්තර කරන්නෙ කොහොමද කියල. සමහර රස්සාවල් තියනව ඒවයින් මිනිස්සු ඉස්සර හිටියට වඩා ලොකු, වඩා හොඳ මිනිස්සු බවට පත් වෙනව. (මුදු ලෙස) ඔයා කොන්ක්‍රීට් වැඩ කරන්න අකමැති නම් ඔයාට පුළුවන් පස් හාරන යන්ත්‍රයෙ වැඩ කරන්න. ඉස්සෙල්ල අත් උදවු කාරයෙක් හැටියට පටන් අර ගන්නව. ඊට පස්සෙ රාත්‍රී පාසලට ගිහින් පුහුණු වෙනව. මම හිතන්නේ මේ වගේ වැඩකට ඔයාට හැකියාවක් තියනව කියල. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි සහකාර ෆෝමන් කෙනෙක් වාගෙ තත්ත්වයකට උසස්වීමක් ලබන්න. මට දැන ගන්න ලැබුණා වොල්ගා වේල්ලෙ වැඩ කරනවලු තරුණ ගෑණු ළමයෙක්. එයා තමයිලු පස් හාරන යන්ත්‍රය සම්පූර්ණයෙන් ම භාරව ඉන්නෙ. ඒක පුදුමයක් නෙවේ ද?
වාල්යා- (තරහෙන්) හොඳයි මගෙ වියදම් හොයාගන්න මා ලව්ව රස්සාවක් කරවන්න. ඕනෙ නම් මං කෙලින් ම යනවා සාප්පුවට. එතන හැමෝම මාව අඳුනනවා. මට තනියකුත් නෑ.
සර්ජි- වාල්යා!
වාල්යා- කෑ ගහන්න එපා. ළමයි දෙන්න ඇහැරෙයි.
සර්ජි- එහෙනං නවත්තගන්න ඔය කතාව.
වාල්යා- හොඳයි. සාප්පු රස්සාවෙ ඇති වැරැද්ද මොකද්ද? මම කැමතියි ඒක දැන ගන්න. මම ඒ රස්සාවෙන් හොඳ සල්ලියක් හොයා ගත්තා.
සර්ජි- (පුදුම වී) මොනව කිව්ව?
වාල්යා- ඔයා හිතුවද මම ලැබෙන පඩියෙන් ජීවත් වුනා කියලා. පිස්සු! එක එක්කෙනාගෙන් ඉතුරුවෙන කොපෙක්ස් දෙක තුන එකතු උනාම හවස් වෙන කොට හොඳ ගානක් මගෙ සාක්කුවට වැටෙනව.
සර්ජි- (කෑ ගසමින්) වාල්යා! (හඬ බාලකරමින්).. වාල්යා (ඇගේ හිස පිරිමදී) (තැන්පත් වෙමින්) වාල්යා!
වාල්යා- මට සමා වෙන්න සර්ජි. (ඈ දණින් වැටේ) මට සමාවෙන්න....
සර්ජි- එපා වාල්යා (ඈ නඟා සිටුවා ආදරයෙන් වැළඳ ගනිමින්) ඔය වගේ වැරදි වැඩ කරන්න හිතන්නවත් එපා.
වාල්යා- මට හරිම මහන්සියි සර්ජි. මට දවස තිස්සෙම ළමයි දෙන්නගෙ වැඩ කරන්න තියෙනව. ඊට පස්සෙ රෑ කෑම උයන්නත් තියනව. පිඟන් කෝප්ප හෝදන්න, ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන්න තියනවා. ඉතින් ඔයා වොල්ගා නදියෙ ඉන්න ගෑණියක් අගය කළාම... මට හරියට හිත රිදුන....
සර්ජි- (හිස පිරිමදිමින්) ඇති. ඇති. මම ආයෙන් වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින් අඬන්න එපා. මම මෝඩයෙක් කියල මට හිතෙනව. ඒත් මම ඔයාට කොච්චර ආදරේ ද කියල කියන්න බෑ වාල්යා. ඒක පුදුමයි.
වාල්යා- (කඳුළු අතරින් සිනාසෙමින්) පුදුමයි.
[-අන්ගාරා ගඟ ගලා බසී]
සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සි අර්බුසෝෆ් ගේ "It Happened in Irkutsk" නමැති නාට්‍යයේ පූර්ණ පරිවර්තනය- "අන්ගාරා ගඟ ගලා බසී" (2005- රන්ජිත් ධර්මකීර්ති- සරසවි ප්‍රකාශන) නාට්‍ය පිටපතෙන් උපුටා ගත් කොටසකි. මෙම නාට්‍යය මගින් පශ්චාත් විප්ලවීය රුසියානු සමාජය විවරණය කෙරෙන අතරම යොවුන් ප්‍රේමය පිළිබඳ දයාර්ද්‍ර බැල්මක් හෙලයි.
මෙම පරිවර්තිත පෙළ ඇසුරින්, රන්ජිත් ධර්මකීර්ති නිෂ්පාදනය කළ "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යය මුල් වරට 1978 වසරෙ දී වේදිකා ගත කෙරිණි. වාල්යාගේ චරිතය සුනේත්‍රා සරච්චන්ද්‍රත් සර්ජිගේ චරිතය නිශ්ශංක දිද්දෙණියත් රඟ පෑ අතර අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණයේ අනෙක් මුල්ල වූ වික්ටර්ගේ චරිතය නීල් අලස් රඟපෑවේය. මියැසි මෙහෙයුම ප්‍රේමසිරි කේමදාසගෙනි. ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලද මෙම නිෂ්පාදනය ඉමහත් ප්‍රතිචාර ලබමින් වාර ගණනාවක් ලංකාව පුරා රඟහල් වල වේදිකා ගත කෙරිණි.
Subscribe to:
Posts (Atom)
People may come,people may go, but I have to continue
idearavan
- Manoj Dharmawardhane
- Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.

































