සෛද්ධාන්තික නිගමනයන් මත සිටිමින් මහින්දාගමනයට පෙර බුදු දහම ලංකාද්වීපයට ආගන්තුක දෙයක් වූ බව සහ ලේඛනය හෝ වාස්තු විද්‍යාව ගැන ලක්වැසියෝ කිසිවක් නොදත්යැයි පැවසීම සාධාරණ නොවන බවයි.
විශේෂයෙන්ම ඉංගිරිසි ඉතිහාස ගුැ කොඩ්රිංටන්ගේ ඉගැන්වීම් මත පමණක්ම පදනම් වන විට මෙවැනි සාධාරණ නොවන ප්‍රකාශ මතු වෙයි.
මේ පිළිබද අදහස් දක්වන රාවණ යුගය ගැන පැතිැණු අදහස් රැසක් ඉදිරිපත් කළ විද්වතකු වන ආරියදාස සෙනෙවිරත්නයන් සිය 'ශ්‍රී ලංකා රාවණ රාජධානිය' කෘතියෙහි පෙන්වා දෙන්නේ,
සිදුහත් කුමරා පාසල් යන අවදියේ දී පවා බ්රහ්මී ලිපි, යක්ෂ ලිපි, නාග ලිපි ආදී හෝඩි හෙවත් අක්ෂර සංකේත වර්ග 64ක් පැවති බව ලලිත විස්තරයේ එන මහායානික බුද්ධ චරිතයෙහි දැක්වෙන බවයි.
එසේම පාලි ත්‍රිපිටකය පෙන්වා දෙන්නේ බුදු සමය පැවති කාලයේදී පවා දියුණු ලේඛන කලාවක් පැවතුණු බවයි.
හෙළ ඉතිහාසයේ සුවිශේෂී නරේන්ද්රයකු වූ පණ්ඩුකාභය රජු ශ්‍රී විභූතියෙන් සපිැණූ, දියුණු, සර්ව නගරාංගයගෙන් සැදුම්ලත් අනුරාධපුරය කර වූයේ මහින්දාගමනයට පෙර බව පාලි වංස කතා පෙන්වා දෙති.
මේ අනුව පෙනී යන්නේ ඉතිහාසයේ පැටලිලි නිසා අලු යටින් මතු විය යුතු කාරණා රාශියක් සැගව ඇති බවයි.
(මූලාශ්‍ර- මහාවංසය, ලංකා පාලි සාහිත්‍ය, ශ්‍රී ලංකා රාවණ රාජධානිය, අසිරිමත් ඉන්දියාව)