Pages

Wednesday, December 28, 2011

ඝනකම (thickness)



බැඳලා අවුරුදු තිස් පහකට පස්සෙ
(තාත්ත මැරිල පෝය තුනක් ගෙවෙන අස්සෙ)
අපේ අම්ම කිව්ව
අහපු කතාවක්
තාත්ත එයාගෙන්
හම්බවෙච්ච පළමු දවසෙ....

"ඔයා කෙල්ලෙක්ද ?
        ගෑනියෙක්ද ?"

අම්ම දුන්නෙ කෙටි-පටු උත්තරයක්,

"දෙන්නම එකයි.
වෙනස
අත්දැකීමෙයි
වින්දනයෙයි! "

සති දෙකක්වත් ගියේ නෑ,
අපේ තාත්ත,
          අම්මව බැන්ද ෴

Wednesday, November 9, 2011

block






  බ්ලොක් කරනවා
විකුණනවා... විකිණෙනවා...

බ්ලොක් කරනවා
නිදියනවා... නිදිවදිනවා...

බ්ලොක් කරනවා
හිඟනවා... යදිනවා...

බ්ලොක් කරනවා
හැමෝම
එනවා... යනවා...
මදිවට,
හැමිනෙන්නත් එනවා


මහපාරේ




Monday, November 7, 2011

Friday, October 28, 2011

 නොරිස්සීම



ඈත සීතල
ගිරි මුදුනක
උසම උස වනස්පතියක
තැනූ නිවසක
පාලු බව නැති,
මෘදු වදන් ඇති,
දිවිසැරිය සරිකළා
කුරුලු ජෝඩුවක්...

නිදහසේ සුවසේ
තුඩින් තුඩග
පිනි බිඳිති තවරමින්...

උඳුපියලි, මල් පෙති
නිදිකුමුදු මල් රේණු
රැගෙනවිත් දෙදෙනාම
තැනූහ මල් මාල...

වසත් කාලය සමරමින්
කුරුලු තෙම පිබිද
කිරිලියට දුනි
දිවියට අරුත...

තුන් මසකින් පමණ
කූඩුව පුරාම
කිචි බිචි හඬින්
පිරුණා මුළු නිම්නයම...

සතුට ඉතිරෙයි
හිම කැබිලිති මෙන්...

කුරුලු ජෝඩුවට
වැඩද වැඩි විය,
බරද වැඩි විය.

යාලු යෙහෙලි - පුංචි පැංචි
පැටවුන් දඟ කරනා හැඩ
රස වින්දහ සියලු සත්තු...

කාලය ගත වී යද්දී 
වැසි වැටුණා මොර සුරන
පැරණි නිවස අබලන් වී
හොඳටම ලං වුණි කැඩෙන්ට...

කිරිලිට බිය පැංචා ගැන
කුරුලු තෙමෙත් බියෙන්ම හිඳ
නව නිවසක් තනනා හැටි
කතිකා කර ගති දෙදෙනම...

හිමිදිරියෙම වටකුරු වුණු
පිනි බිඳුවක් බීගන්නට
මල් රොන් පිස ගෙන එන
ඉල් වැස්සෙන් පණක් ලැබූ
සුළඟට පිටුපා යන්නට
සිද්ධ වුණා කුරුල්ලාට
නිවෙසක් හදනට
තැනක් සොයන්නට...

එදා රෑත් වැසි වැටුණා
කූඩුව තව තව බිඳුණා
කිරිලිට ඉවසුම් නැතිවී
කුරුලු තෙමේටම කෙටුවා...

කුරුලු තෙමේ පිටව ගියා
පසුදින උදයෙම එන්නට...

සැම තැන වතුර පිරී
පැලුණු ඉරි පිරී ඉතිරී
වැව් දිය, ගං දිය ඉතිරී
සැම සතුන්ම ප්‍රබෝධවී...

පසු දිනයේ වනය පුරා
තුරු හිස් ගස් බෙනද පුරා
නිවහනකට තැනක් සෙවූ
කුරුල්ලාට මග වැරදුන...

දින හතරක් දෙනෙත් ආයා
පුංචි එකා දෙස බලලා
කඳුළු බිංදු දහස් ගණන්
ඇගේ නෙතින් ගලා ගියා...

කුරුල්ලාට සිදු වූ දෙය
කිසිවකුවත් දන්නේ නැත,
ගස්වැල් සුළඟට කිව්වා
සුළඟට අමතක වූවා...

කෙසේ නමුත් ගෙයක් හොයන්
කුරුල්ල පැමිණේවී කියා
නිවසක් තනලා දෙන්නට
අරන් යන්න ඒවි කියා
සිතා සිටිය හැටි එනකොට
මතකය අමතකව ගියා...

෴    ෴     ෴  ෴    ෴     ෴ 

වනය පුරා හැමතැනකම
නිවෙසට තැනකුත් හොයනව
කුරුලු ගොයෙක් ඒ අතරෙදි
තටුවක් ඉරලා දානව...

තටුවට බරපල හානි
සිදු වූවද ආපසු එන
අදහස ඇත නෑරම ඔහු
සෙමෙන් සෙමෙන්
තුරු මුදුනින්
ලතාවලින් ජවය අරන්
ගමන් කළා අහස කුසින්...

දින සති ගෙවිලාම ගියා
තමුන්ට හුරු සුවඳක් වෙත
කුරුලු තෙමේ කිට්ටු වුණා...

කඳු මුදුනේ ඇති ගහ යට
පරඩෙල් ගොඩකුත් තියෙනව
ගහ මුදුනේ පොඩි කූඩුව
කලින් ලෙසම සිනහ වෙනව...

රූං කියා යන්න ඕන
නමුත් අතක් බිඳ වැටිලා
සෙමෙන් සෙමෙන් කඳු මුදුනට
සේන්දු වනාවා දැනුනා...

පාළු සුවඳ පමණක්මයි
ඉතිරිව තිබුණේ නිවසේ
දරුවයි ඇයගේ රුවමයි
දෙනෙත් නිතර සොය බැලුවේ...

සුසුම් හුඟක් උණුසුම් වී
දෙනෙත් නිලංකාර වුණා
ඈත අහස දෙස බලමින්
දුක දෙවියන් හට කීවා...

ඈත අහසෙ ඈතම තැන
දෙදෙනකු පියඹා යනවා
පුංචි තිතක් කොමා දෙකක්
ලෙස දෙන්නව පේනව....

කුරුලු තෙමේ කඩා වැටුණ
දෙනෙතින් ගලනා කඳුලැලි
කඩා වැටෙන්නේ කොහෙදැයි
දකින්නට කියා සිත්වී
සෙමෙන් සෙමෙන් බිම බැලුවා...

උඳුපියලිය පිළිස්සිලා
මල් සියල්ල මිලිනවෙලා
දිය සීරාවට මොනවද
බොර පාටක් එකතුවෙලා...

දැස තෙමිල හින්දාදැයි
තෙමෙන දෙනෙත් පිස දැම්මා
පිස දාන්න පිස දාන්න
කඳුලැලි තව තව ගැලුවා...

සිරුරේ බර නිදහස් වනු
එකවර ඔහුහට දැනුණා
පරිසරයේ සියලු සද්ද
එක මොහොතක් නතර වුණා.












 


Friday, October 21, 2011


Monday, August 15, 2011

                                         " මා තේරුම්ගත නොහැකි  වූ හැම කෙනාටම මා මැජික් ය. "

                                           එමනිසා    මම,
                                           මැජික්කාරයෙක්මි.
                                           මායාකාරයෙක්මි.
                                           පිසාචයෙක්මි.
                                           තොරොම්බල්කාරයෙක්මි.
                                           විකටයෙක්මි.
අවසාන වශයෙන්,
..... ඇඳගත්තෙක්මි.
ඇන්දීමට යටත්වන්නෙක්මි.

            + + + + + + + + + + + + ++ + + + + + + + + + + + ++ + + + + + + + + + + + ++

                                           මාව ඇන්දුවා කියල
                                           ඔයාට ලැබුණේ මොනවද?
                                           මේ දවස් ටිකට.


 

          ෴෴      ෴෴      ෴෴      ෴෴   ෴෴      ෴෴  

තව විදිහකට කියමි
මෙයම,


 
 
 
 
 
මෘත ක්ලේබර  =  රැවටීම

(අ)පිරිසිදු කතුන්ගේ ලිංගය
නොහොත්
පපු කැවුත්තක් නැති
ගෑනියෙක සමග ධාතු හුවමාරුව
හෙවත්
මෝචරිය !









 




 

Tuesday, August 9, 2011



                       පාගලා පාගලා
                       ගිය පසු
                       පොළොවෙන් නැගෙන
                       සුසුම් ගඳ රසමුසු
                       දැනගන්න විඳගන්න
                       නිදිවැරිය  යුතුවේ.......


                                                    පෑගුණ පොළොවටම 
                                                    හඳ එළිය වැටුණාම
                                                    නැගෙන තද රස්න
                                                    සිරුරක් තුළින් විඳගන්න
                                                    නිදිවැදිය යුතුවේ.......


හෝටන් තැන්න !
 










Tuesday, August 2, 2011


Friday, July 22, 2011

රෑබදුල්ලා


හරියටම හඳෙන්
කපා දැමුවා සේය අඩක්...

ගාටමි, පයින් ගාටමි.

යකඩ යකාගේ කළු දුම් වැදී
ගුඩු පොලක් වූ මම
ගාටමි, පයින් ගාටමි
නිවහනට...

මුළු රාත්‍රියම හා වටපිටාවම
වවුලන්ට - කිරි, මා, කොටිකන්
හිමිය
අයිතිය...
හැම කෙහෙල්මලකම
හැම කතුරුමුරුංගා මලකම
හැම කොට්ටම්බා ගෙඩියකම
හැම පලයකම
අයිතිය
උන්ටය, උන්ගේ බිරින්දෑවරුන්ටය, දරුවන්ටය.

රැයේ ඇවිදින මගේ
හැඳුනුම්පත විමසන්නේ
ගොළුබෙලන්ය,
හන්ගොල්ලන්ය,
කුණකටුවන්ය.

තරු රෑට නිදතියි කියන්න්නෝ
මුසාවාදයෙහි ගැලෙති...

තරු පාර නොපෙන්වති.
බලාගෙන මහා පොලොව දෙස,
අහර බුදිති.
නිදති.
තව තව දේ කරති.

ඔවුන් විඳින්නේ දිවියකි.
එහෙයින්,
නිනව්වක්  නැත අප ගැන.


+ + + + + = + + + + + + +

මහා පොළොවේ භුමි ගඳ (ඇතෙමෙකුට සුවඳ )
සැබවින් දැනෙන්නේ
රෑටය...
සැබෑම සොහොන් ගඳ ( මට නම් සුවඳ )
නියමෙට දැනෙන්නේ
රෑටය.

Tuesday, July 5, 2011

Tuesday, June 21, 2011

පහතරැටියාගේ උඩරට සිතුවිලි

කුරුටු ගාන C R  පොත
පිටු අංක 22




පහතරැටියාගේ  උඩරට සිතුවිලි
 


කුමක් හෝ කාරණයක් උඩ මා උඩරට රාජධානියට අතිශය සමීප බව මගේ මස්තිෂ්ක තරලවලට හොඳින් දැනේ. 
 එනමුත්, මා උඩරැටියන්ට විහිළු කරන්නේ 
" උඹල තමයි සිංහල ජාතිය පාවා දුන්නේ " යනුවෙනි. 
මඟුල් මඩුව අශික්ෂිත තැනක් සේ මට හැඟුණත් මට එය බලන්නට ආසය.
කෘත්‍රිම බෝගම්බර වැව අපේ කරපික්කඩ වැවට සාපේක්ෂව ශිශුවකු වුවත් එය බැලීමට ආසය.
වැවේ බැම්මෙන් හැරී උඩහට යද්දී අමුතු හැගීමක් දැනෙන්නේ. හරියට කාලෙක ඉඳන්  හුරුයි  වගේ.
ඇතැම් අවස්ථාවල උඩරටට ඇතුළු වන ඇතැම් කපොලු ළඟදී මගේ රෝමෝද්ගමනය වෙයි.


මේ විරුද්ධාභාසය කුමක් දැයි තෝරා බේරා ගන්න නොහැකි වූ තැන මාගේ උපකල්පනය වූයේ, එක්තරා ජන්මයකදී මා උඩරට රාජධානියේ වාසය කර ඇති බවයි.
ඇතැම් දිනවල කඩුගන්නාව පහුකරන විට දකින කඳු වලල්ල උඩරට ශ්‍රී විභූතිය මගේ රස නහරවලට කාවද්දයි. ඒවා මට හුරුවාක් මෙනි. කඩු සටන් මතක් වෙයි. දුනු හී  මතක් වෙයි. උඩු කය නිරුවත් යෝධ මස්පිඩු ඇති සිරුරක් මතක් වෙයි. ප්‍රතිකාලුන්ගේ තොප්පි හා තුවක්කු බට මතක් වෙයි.


 කෙසේ නමුත් මේවනවිට මම උඩරැටියන් සමග ලෙයින් මිශ්‍ර වී හිඳිමි.


මේ හැමදේමත් එක්ක දෙවැනි රාජසිංහ රජුගේ ප්‍රශස්ති ගායනා ද මට මතක් වෙයි. ඔහුගේ ශ්‍රී විභූතිය සහ තේජස වර්ණනා කිරීමට ලියූ "ශ්‍රී නාමය" හි සඳහන් මේ ගායනා අපූර්වත්වයකින් මා ප්‍රහර්ෂයකට ගෙනයයි.
(මේවා ගායනයේදී ගස් ගල් පවා සන්සුන්ව රජු වෙත පක්ෂපාතී වුයේ යයි උඩරට වැසියෝ කියති.)



සීත සුළං සමගින් පිපි මල් ලොව
මිහිරි සුගන්ධ ඔතා සුවසේ
ඇත වනන්තරයේ සිට පාවෙන
ගීත අසා කොවුලා සුවසේ...



දෑත වනා ලෙලවා බඳ කෝමල
ලාලනයෙන් ඇදෙමින් සුවසේ
ගීත ගයන්න ගයා සැනසෙන්න
වසන්තිය ලාලනියේ සඳසේ...



චන්දනා ගරු පංක විලේපන
වීන්දනා නාමෙන් කියතා පා
බන්ධනා නිල්වන් දද  මින්සිරි
නන්දනා විඳිමින් සුරකී පා... 





පුංචි විස්තර ටිකට මගේ නෝනට ස්තුතියි !

Monday, June 20, 2011

s = U t + 1/2 a tª

 අපි හදමු බෝට්ටුවක් !

෴    ෴     ෴ 

මං හැදුවා ඔරුවක්
මං විතරක් !

එක රුවලයි
එක කොල්ලෑවයි 
ඒකත් කොට්ටම්බා කොටයකින්....

ඈ කිව්වා යමු කියා
ඒ ඔරුවෙන් හඳට
නෑ... ප්ලුටෝ වෙත
ප්ලුටෝගෙන් ඈත්ව
ඊරෝස් වෙත
අඩුම තරමින්
ඒ ළඟට...

ආලෝක වර්ෂ තුන්දාහක වේගෙන් 
මං කඹරුවා හබලෙන්
පුරා අවරුදු හතරක් ...

බැලින්නම්
අවරුදු හතරකට කලින්
මගේ ඔරුවෙන්
කොල්ලෑව ගලෝගෙන
ඇ යන්න ගිහින් ...
කොල්ලෑව ගලවගෙන ගිහින් ...

මගේ ස් වූවා දීප්තිමත්
ක්ෂණික අකුණක් මෙන්...

වැටුණා ඇගේ ඔළුවට
ඒ අකුණේ උණු වතුර
පෙරලා ඒ මග දිග
ඇ එව්වා මට
වැරදුණු සූත්‍රයේ යතුර

s = U t + 1/2 a tª


s -  ආදරයේ මාත්‍රාව
u -  හැගීම්

t -    කාමය
a -  ප්‍රාග්ධනය
 

Thursday, June 16, 2011

ආටිමිස්



ආටිමිස්


වරක් පොසොන් සඳ
රත්තිගේ ගොම ගොඩට
එළිය දෙන විට
මා  නුඹේ ගැබේ සිටියා
තුන් මස්ව...

ගිං  ගඟේ පතුලට වැදී
එ'සඳ කිරණ පරාවර්තනය වී
පැමිණ දැවටුණාදෝ මන්දා
කටු අකුලක
හිතෙනවද නුඹට....

කහට අඹ මල්
නිමක් නැතිව පා කරන
බෝල් හුළං පහරක
රැඳුණු මගේ ඇසේ තෙත
කණාමැදිරි එළියට
දිළිසෙනවාද නුඹට...

දිය බන්ඩි දණ්ඩට 
ගල් කූර පැරදෙන විට
කළු ගඟ පාමුල
කිරල මුල් අතරෙ හිඳ
අයෙත් දෙවරක් චක්කරේ උගන්වන්නට
ඕනෙද නුඹට....

වාරකන් කාලෙටත් ලැබෙන
කාසිපෙත්තන් බැදල
හබුරු දලු මාළුවක් එක්ක
අනල කවන්නට
ආසයිද නුඹට...

දැදුරු ගංතෙර මෙපිටට
කොටු වුණු අපේ රොටිතැටි ලොවට
උඩින් වැනෙමින් තිබු
හද්දින්නත්  තරු
ගණන් කර කර 
ගණන්  කර කර
හතෙන් වැඩ්  කර
හිතෙන් රත් කර 
මම  තනපු
මගේ ඇමීබා ලොව
තෙවැනි ඇටිකිත්තාගේ කටින් 
අච්චාම්මා.. අච්චාම්මා... යි ඇසෙනවාට
කැමතියිද නුඹ...

කාසි ඇලුණු ලෑන්මාස්ටරයේ
කටු කටු රෝදවලට
තැලී පොඩිවී යන
නුඹේ නිදිකුම්බා ලොව මත
ටයර් කට්ට විතරක්මයි
හිතෙනවාද  නුඹට...

ගෙන්දගම් ගඳට විරුද්ධව
දුම් ගසමින් පදම් කළ
රබර් රොටි නැති
හඳේ ආවටවල
නුඹ ඉන්නවා ඇතියි
හිතෙනවා මටද

හැකරල්ලකුටවන් කකුල් දාහක් ඇති
නුඹේ හිතුවක්කාරකමට
ගිගුරුම් දුන්නත් මම

   ආදරෙයි ! ආදරෙයි ! මැරෙනකම් නුඹට ......   


                

Wednesday, May 25, 2011

Monday, May 23, 2011

Collision by Manoj Dharmawardhane

Collision

The typical organism inhabits a material world that is abounding with collisions.
Collisions, between the attraction of energy and the release of energy, and collisions between the living and the non-living.

Life is a gel (mixture) that is made up of these collisions. It begins as a collision. And ends as a collision. And in between these two collisions, is a collection of even more collisions.

In other words, in a material world brimming with collisions, begin and end periods of living collisions.

Even though these collisions can be clearly seen to be happening on a surface level, and below, we don’t see them. Though they are countless in number, we don’t give them any attention at all.

The Buddha has said “ siyalu sanskara dharmayo nasena suluya”

It’s normally known as  “Anathmawadha” . It says that everything is changed. Nothing imortal.
It is the core of this deep philosophy which he explained.

“Collision” attempts to demonstrate this philosophy.

The philosophy of collisions that occur in the material world.
If an individual understands this phenomena, he will begin the first actions that will reduce his journey in Sansara. 

 

Thursday, January 20, 2011

Woman at Kinsey Road

Blog Archive

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.