අපි හදමු බෝට්ටුවක් !
෴ ෴ ෴
මං හැදුවා ඔරුවක්
මං විතරක් !
එක රුවලයි
එක කොල්ලෑවයි
ඒකත් කොට්ටම්බා කොටයකින්....
ඈ කිව්වා යමු කියා
ඒ ඔරුවෙන් හඳට
නෑ... ප්ලුටෝ වෙත
ප්ලුටෝගෙන් ඈත්ව
ඊරෝස් වෙත
අඩුම තරමින්
ඒ ළඟට...
ආලෝක වර්ෂ තුන්දාහක වේගෙන්
මං කඹරුවා හබලෙන්
පුරා අවරුදු හතරක් ...
බැලින්නම්
අවරුදු හතරකට කලින්
මගේ ඔරුවෙන්
කොල්ලෑව ගලෝගෙන
ඇ යන්න ගිහින් ...
කොල්ලෑව ගලවගෙන ගිහින් ...
මගේ ඇස් වූවා දීප්තිමත්
ක්ෂණික අකුණක් මෙන්...
වැටුණා ඇගේ ඔළුවට
ඒ අකුණේ උණු වතුර
පෙරලා ඒ මග දිග
ඇ එව්වා මට
වැරදුණු සූත්රයේ යතුර
s = U t + 1/2 a tª
s - ආදරයේ මාත්රාව
u - හැගීම්
t - කාමය
a - ප්රාග්ධනය