Pages

Wednesday, December 30, 2009

මහින්දාගමනයට පෙර ඉතිහාස තොරතුැ, පෙර යුගයක ඉගි සපයයි

රාවණ යුගය ගැන අදහස් පළ කරන විද්වතුන් පෙන්වා දෙන්නේ,

සෛද්ධාන්තික නිගමනයන් මත සිටිමින් මහින්දාගමනයට පෙර බුදු දහම ලංකාද්වීපයට ආගන්තුක දෙයක් වූ බව සහ ලේඛනය හෝ වාස්තු විද්‍යාව ගැන ලක්වැසියෝ කිසිවක් නොදත්යැයි පැවසීම සාධාරණ නොවන බවයි.
විශේෂයෙන්ම ඉංගිරිසි ඉතිහාස ගුැ කොඩ්රිංටන්ගේ ඉගැන්වීම් මත පමණක්ම පදනම් වන විට මෙවැනි සාධාරණ නොවන ප්‍රකාශ මතු වෙයි.

මේ පිළිබද අදහස් දක්වන රාවණ යුගය ගැන පැතිැණු අදහස් රැසක් ඉදිරිපත් කළ විද්වතකු වන ආරියදාස සෙනෙවිරත්නයන් සිය 'ශ්‍රී ලංකා රාවණ රාජධානිය' කෘතියෙහි පෙන්වා දෙන්නේ,
සිදුහත් කුමරා පාසල් යන අවදියේ දී පවා බ්‍රහ්මී ලිපි, යක්ෂ ලිපි, නාග ලිපි ආදී හෝඩි හෙවත් අක්ෂර සංකේත වර්ග 64ක් පැවති බව ලලිත විස්තරයේ එන මහායානික බුද්ධ චරිතයෙහි දැක්වෙන බවයි.

එසේම පාලි ත්‍රිපිටකය පෙන්වා දෙන්නේ බුදු සමය පැවති කාලයේදී පවා දියුණු ලේඛන කලාවක් පැවතුණු බවයි.

හෙළ ඉතිහාසයේ සුවිශේෂී නරේන්ද්‍රයකු වූ පණ්ඩුකාභය රජු ශ්‍රී විභූතියෙන් සපිැණූ, දියුණු, සර්ව නගරාංගයගෙන් සැදුම්ලත් අනුරාධපුරය කර වූයේ මහින්දාගමනයට පෙර බව පාලි වංස කතා පෙන්වා දෙති.

මේ අනුව පෙනී යන්නේ ඉතිහාසයේ පැටලිලි නිසා අලු යටින් මතු විය යුතු කාරණා රාශියක් සැගව ඇති බවයි.

(මූලාශ්‍ර- මහාවංසය, ලංකා පාලි සාහිත්‍ය, ශ්‍රී ලංකා රාවණ රාජධානිය, අසිරිමත් ඉන්දියාව)

Wednesday, December 23, 2009

රාමායනය හැබෑවටම සිදු වූවක්ද?

රාමායනයේ තතු විස්තර කරමින් ඒ ගැන අදහස් පළ කළ පුරාවිදැදුැ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් 1946දී පළ කළ අදහස් පළමු කොට විමසා බලමු.

'' රාමායනයෙන් ඓතිහාසික කරැණු සොයන්ට යාම නිශ්ඵලය. රාමායනය දේව කථා ගණයට අයත් මහා කාව්‍යයකි. ඒ කාව්‍යයෙහි චරිත නායකයන් වශයෙන් දැක්වෙන සීතා, රාමා, රාවණා, හනුමන් යනාදීහු මනසින් මැවූ ෑපයෝය. ස්වාභාව ධර්මයේ ජීවන පැවැත්ම ස‍දහා නිරතුැව සිදුවන සටනක් ලක්ෂණානුසාරයෙන් එහි දක්වා තිබේ. සීතා-ජානකී වනාහි නගුල් පාරය. රාමා ශස්‍ය වෘක්ෂලතාවන්ගේ වැඩීම හා ඵල දැරීමයි. රාවණා වනාහි නියගයයි. හී සා බිජු වපුරා පැලවෙන කල නියගය එය පාලු කරීමට එයි. එවිට වැසිවලාවලින් ගුවන වැසේ. ඒ හනුමන්තා තම පිරිවර සමග පැමිණීමයි. එවිට වනුයේ සටනකි. ගෙරවීම, විදුලි කෙටීම, ආදිය සිදු වෙයි. මේ සටන රාමායනයෙහි විස්තර වේ. එහෙයින් මනඃකල්පිත රාවණා රජකුගේ සමයේ සිට පැවත එන මිනිසුන් පිළිබ‍‍ද ක ැණු කිව නොහැකියි.''

මේ කතන්දරය අපට අවශ්‍ය ලෙස නිර්මාණය කළ හැක. වේද ග්‍රන්ථ උපනිෂදය වැනි ඉන්දීය දාර්ශනික ග්‍රන්ථ ගුැ කර ගෙන නව මත බිහි කළ හැක.

මේ සියල්ල මහින්දාගමනයෙන් පසු ලියැවුණු සෙල්ලිපි මත පදනම්ව පැමිණි නිගමනයන්ය. එසේම ඔහු මෙසේද පවසා තිබේ.

'' මහින්දාගමනයට පෙර වූ කිසිම ගොඩනැගිල්ලක නටබුන් මෙතෙක් සොයා ගෙන නැත''

නමුත් කාරණා කාරණා විමසීමේදී මෙය මෙසේ නොවන බව පැහැදිලිය.
ඒ ගැන ඉදිරියේදී...

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...