Pages

Monday, November 1, 2010

by product

Thursday, June 3, 2010

තැලෙන යකඩ

අඩක් ගිලුණු බෝට්ටුවේ
කෙළවර දැති අල්ලාගෙන
හද ගැඹුරින් හුස්මක්ගෙන
ගර්තවලට පුරවාගෙන
දියකාවට වැඩි වේගෙන්
පෙලිකනයට වැඩි ගැම්මෙන්
කිමිදී දිය යට
ගැල්වනයිස් පනිට්ටුවෙන්
වැලි හාරල උඩට අරන්
බෝට්‍ටුවට පුරවාලන
යකඩ ගැහැනියක්


දරැ පැටවුන් දිරවාලන
කුමක් නමුත් අහර කිසක්
ගං පතුළෙන්
කළු පාට මඩෙන් 
හාරාගෙන
කළතාගෙන
අනා කවන්නට තතනන
පීඩිත අම්මෙක්


කාටත් මතකයක් නොමැති
හිරැ පිනි බිදු දොවන උදේ
ගං පතුළේ තිරැවානා
ගල් අතරින් අහුලාගත්
මැණික් ගලක් ජනිත උනා


තව පනිට්ටු 
හතක් අටක්
ඇගෙ උරමත 
පතිත උනා


ගංදිය දහදිය බොනවිට
අමු මඩ නියමල් සේරම
කුණු කරවා හමාරයි
හවස ගෙදර එනවාට ඇගෙ
බල නහරය හරියට 
තප්පර කටුවක් වාගෙයි

ගං පතුළෙන් මඩට යටින්
විපුල බිජුවලින් මිරිකා
කිරි උගුරැ හත අටක්
ඇගෙ පියවුරැ පිස දැම්මා

වක ගැසුණු ගං දෑලෙ
ඉස්සො බිජු ලද්දි
ගං පතුළෙ ලූලන්ට
හුස්ම ගෙනිහින් දෙද්දි
මස්ලොඹු වැලි යට දා
වසර ගණං කල් තැබූ ඈ
උඩට ගෙනත් ඒ දෑ
බත්කර රසට දුන්නා


සැම දෙන නිදිගන්න රැයේ
සදපානට මොළොක් වෙමින්
ගං පතුළේ මුදු වැලි කැට
එක උඩ එක වැතිරෙනවා
හෙට උදේම ඇගෙ
පනිට්ටුවට ගොඩවන්නට



වහු පැටවුන් නැටි උස්සා

පුඩුවට නැහැයෙන් අනිනා
පිනි විසිරෙන හිමිදිරියේ
ගං දිය පෙරළෙයි හෙමිහිට


කිරි කට්ටිය මැද්දෙන්
පනිට්ටුවත් ඔලුවෙතියන්
දිය රැළි හා ඔට්ටුවෙන්න
ගං පතුළට හාදු දෙන්න
හුස්ම ටිකක් පුරවාගෙන
කිමිදි කිමිදි
දිය කරන්ට
රතු-සුදු රැධිරාණු
ඇට මිදුලුත් ලේත් පිතත්
ආම වාතයේ ඇඹුලත්


පහළට රෑටන විටදී


ගං දිය හිනැහෙමින් හිටිය
බෝඩ් ලෑල්ලක් එක්කල


තහනම් !
වැලි ගොඩ දැමීම


ලූලන් ඉස්සන් මගුරන්
ගං පතුළත් වැලි වෙනුවෙන්


නගරාධිපති.





Friday, April 30, 2010

ස්ත්‍රිය

Wednesday, April 21, 2010

ඔහු නිසා මම වෙමි









ඇලස්කාවේ හිම කදු වැටියෙදියි
මට ඔහු හමු වුණේ
දෙතුන්පැයක උණුසුම් ආදරය
හිම කදු මතයි දිය වුණේ

වේගවත් වූ ක්‍රියාශීලී වායු දියරයක

නොපෙනෙන සුසුම් රැළි මතයි
ඔහු පාවුණේ


ඉන්නේ කොහෙද
සුසුම් රැළි මතද
ගිනි කදු යටද
පිනිබිදු මතද
සොයනුයේ

ගිනි වළාකුළු, දේදුනු
හිරැ රැසින් තෙරපී
දින ගණන් සති ගණන්
ඔහු සොයන මොහොතෙදී
දේවදාර කැලෑවක කොළ පාට දලු යටදි
ඒ මොහොතෙ සිහි කරන ඔක්කාර රස දැනේ...




ඔහු නිසා මම වෙමි
ඔහු කොහේ සැගවුණත්
ඔහු නිසා මම වෙමි

Monday, April 5, 2010

ඒකාඅධිපති .....ද? නැද්ද?








ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඒකාඅධිපති ගැන මෙන්න මරැ අදහසක්.
අදහස කසුන්ගෙ.

'' ....අද ආඥාදායකත්වය පෙර පුරුදු විදියට රළු සහ නග්න
ස්වරූපයෙන් නැහැ. ඒ වෙනුවට ඒක මාර සූක්ෂමයි. දැන් experience දේ වෙන්නේ ඒක.
ඒත් ඒකාධිපති තුළ පෙන්වන ඒකාධිපතියා විහිළුවක්. ඒක යල්පැනල. මේක දේශපාලනික වශයෙන් වර්තමාන ක්‍රමයට කිසිම අභියෝගයක් නැහැ.මගේ අදහස - ඒ හින්දා නාට්‍යය ෆේල්.."
සංවාදයට විවෘතයි...


Friday, March 12, 2010

මගේ සරසවි ගමන





හිදැස් හිදැස් හිදැස්
සරසවියේ යකඩ වැටේ
කූරැ අතර හිදැස්


ජීවිතයේ හිදැස්
මකා දමන දිවැස්
තිබෙනවායි සිතේ මට
සරසවි භූමිය ඇතුළත


සරසවියට ආසාවක්
තිබුණායැයි මතකයි මට
කූරැ හිදැස් අතරින්වත්
රිංගන්නට තිබුණා මට


කාලය ගතවී ගියමුත්
තැවුණු වදන් නොලි වූ වෙමි
පොත් කන කාවුන් වනසා
මොළයට බෙහෙතක් දාලා
පෙල්ලෙන් පෙල්ලටම නගිමි
නොලැබුණු දේ ලබා ගන්ට


සරසවියයි මායි අතර
ලොකු පරතරයක්ද නොමැත
පොත් රාක්ක පහක් හයක්
අප දෙන්නා අතරින් ඇත


සිවු වැනි පොත් රාක්කයත්
පසු කරනා අතරතුරේ
වියරැ වැටී දොඩමළු වන
පිසාචයෙකි මුණ ගැසුණේ


ඇසට යටින් ලේ බැහැලා
ඇස් වටයත් පොඩි වීලා‍
ඇදුමක් නැති උරහිස්වල
කොදු ඇට පේළියෙ හරහට
සරසවියේ දොරවල්වල
තීන්ත පතුරැත් තිබුණා

" ආවා මං සරසවියට
පිකටින් ගහෙ මුල් අතරට
වැස්සෙන් නොතෙමී ඉන්නට
රතු පටි ඔළුවේ බැදගෙන"


මං ආවා සරසවියට
ඇරලවන්න පිසාච තෙම.

මටත් වඩා අඩු වයසින්
වල්මත් වුණු සොදුරැ මුගේ
ඔළුවේ රතු පටි ගලවා
තෙල් බැම්මේ හිදුවාලා
වඩේ එකෙන්
ප්ලේන්ටියෙන්
බඩගිනි නිවලා දැම්මා
= = = = = = = = = =


සරසවි පාරවල් අතරෙ
එළියෙ ඉදන් මං හිතාපු
හරිම තැනට මොහු යවන්න
තමයි හුගක් වෙර දැරැවේ


ඒ වුණාට ඔහුම තමයි
හරිම පාර පෙන්වූයේ.

Wednesday, March 10, 2010

නැවියා සහ රෝම

Tuesday, March 2, 2010

කුරැටු ගාන CRපොත


පිටු අංක 07

එච්. ආර් ජෝතිපාලයන්ගේ උපන්දිනය දවසේ මට මතක් වුණේ මර්වින් පෙරේරා. ඇයි දන්නෑ.. ඒත් එහෙම වුණා.

මේ මගේ කුරැටු ගාන CR පොතේ සුපිරි ගායකයෙක් නොවුණු අසහාය ගායක මර්වින් පෙරේරා ගැන කාබන් පෑනෙන් ලියවුණු අදහස් බිදක්. (ඔහුට කැමති අයට)

...සංගීතවේදියකු වෙනුවෙන් මගේ දෙනෙතින් කදුළක් වැටුණු, හිත දුකින් පිරැණු (ජීවිතයේ වසර 25කට) එකම අවස්ථාව වුණේ මර්වින් (පෙරේරා) සර්ගෙ මරණය අහපු වෙලාවට පැය 10-15ක් ගිය පසුවයි. නිදිය ගන්න ගිය මොහොතෙ මා හැගුම් බර වුණා.
මා කලක් විශ්වවිද්‍යාල සිහිනයක පැටලුණු කෙනෙක්. ඒ නිසාදෝ "මේ නගරය..." ගීතය මගේ හදවතේ ගැඹුරැම තැනෙක ඉදන් සතියකට වරක් දෙවරක් ස්පන්දනයකින් ගායනා කෙරෙනව. ඒ සිංදුවේ එකදු අත්දැකීමක්වත් යථා ජීවිතයේ මා විද නෑ. මා දන්නා තරමින් සර්ටවත් නෑ. මා ඔහුට සර් යැයි පවසන්නේ ඔහු ඥානෝදයේ සංගීත ගුරැවරයා වූ නිසා නම් නොවේ. මගේ ජීවිතයේ අපූරැ රසාලිප්ත මොහොතවල් හදුන ගන්න ඔහු මට බෙහෙවින් උදවු කළා. සංගීතයෙන්. මට වඩා ගව් ගණනක් දුර ඉදිරියෙන් සිටිමින්.
දවසක් අපේ නිවෙස ඉදිරිපිට තිබූ සුනාමි නිවාස පෙළේ වූ නත්තල් උළෙළකට ඔහු පැමිණියා.ඔහු බීගත් තරම, දෙදෙනකුගේ වාරැවෙන් තමයි වේදිකාවට නැග්ගේ.ඔහුගේ ගීත ආදරෙන් අසා සිටි මා ඔහුට දීර්ඝායු පැතුවා. එය සවිඥානකව වූ ප්‍රතීක ක්‍රියාවක් බව මට හොදට මතකයි.
පියවි ලොව තුළ කොපමණ ගීත ඇසුවත් නින්දත් අඩ නින්දත් අතරෙ අභූත ලොවේ මා තනිවෙද්දි මා වටා සිටින කලාකරැවන් පිරිසක් අතරින් ඔහුට නිතරම මුල් තැන ලැබුණා. මගේ ආදරය ඔහුට ලැබුණා. ම දන්නා තරමින් ඔහුට (සංගීතය කණට ඇසෙන පමණින්)මධුර හඩක් තිබුණේ නෑ. නමුත් ඔහුගේ හඩ තියුණුයි, පරිකල්පිතයි, හැගුම්බරයි.මුහුදු රළ වගේ නැගෙනවා.බිදෙනවා. මේ සියලු ගුණාංග අතරින් මා වැඩිපුරම කැමති වුණේ ඔහුගේ හඩේ තිබුණු හැගුම්බර ගතියටයි.ඒ හඩේ එල්ලුණු කිනිතුල්ලකු වගේ ලේ සුගාරියක් බීල වැටිල ඉන්න මට හිතුණු වාර අනන්තයි.
සර් ගැන බොහෝ දෙනා කීවේ "බෝතලයක් දුන්නම සිංදු කියන ගායකයා"කියලයි. ඒ සර්ව පිටින් බලල උත්තේජනය ලැබූ අය. එහෙම කියන අයම ඔහු "ඔබ දේදුන්න ආකාසයේ..." කියන විට ඉල ඇට කැඩෙනකම් නටන ආකාරය මම දැකල තියෙනව. ඔහු කිතුණුවකු වුවත් ඔහුගේ අදහස් තුළ නිවන ගැන මතයක් තිබුණා. හද සන්තානය තුළ කරැණා දයාව පීප්පයකටත් වැඩිය පුරවා ගෙන තිබුණා. සමහර දාට දුම්රියපොළ පාරේ රා පීප්පයක් පෙරළගෙන ටොක ටොක ගගා යන මිනිසකු කීවේ "සද මිදුලට එනවා" ගීතයයි.
ඔහු තමා වටා සංගීත අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තකු නොවේ.දක්ෂ ගිටාර් හා වයලීන් වාදකයකු වූ ඔහු මුදලට වහල් නොවූ බව නම් හැමෝම දන්නවා. බෝතලේට යනවා කියන්නේ බේබදුකම නොවෙයි ඔහු අවංකයි. ඒ අත්දැකීම මා විදල නෑ.
ඔහුගේ තනු නිර්මාණ තුළ මානව සංහතියට දැනෙන යම් යම් දේ තිබුණා. ඇතැම් ගීතයක සරල තනු අතරේ කැරොල් ගීවල රිද්මය රැදී තිබුණා.ඔහු හොද වාදකයෙක් නිසාත් පල්ලියේ සම්බන්ධතාව නිසාත් එසේ වන්නට ඇති.
මා දිනකට මුමුණන ගීත හත අටකින් අඩුම තරමින් තුනක්වත් සර්ගේ. ඒ ඇයි දැයි තාමත් නොතේරේ.ඔහුගේ ගීත වෙනස් කර ගයන්නටවත් හිත නොදේ.


ඔහු වාමාංශිකයකු බව ඔහු මිය යන තුරැම මා දැන සිටියේ නෑ.ඔහුගේ ඒ අදහස් හැගවෙන ගීතත් නැති තරම්. සුනිල් මාධවයන්ගෙ "ජීවිතය සුන්දරයි.." කොලමෙ දුටු පසුවයි ඔහු වමේ කෙනෙක් බව මා දැන ගත්තෙ. ඒකෙන් ඔහුට මගේ ආදරය තවතවත් වැඩි වුණා.


අහෝ! ඔබ තවත් වසර 6ක් වත් සිටියා නම් මගේ දරැවත් ඔබට ආදරය කරන්නට තිබුණා...

Tuesday, February 23, 2010

මගේ ළමා චිත්‍රපටය






හැදි මිටට ඇලුණු
පිටි බත් හූරං කන්න..

කොට්ටං ගහට වහන
වවුලන්ට ගල් ගහන්න..

කූචෙක් අල්ලල
වලිගෙ නූලක් ගැටගහල
උඩ අරින්න..

බල්ලො දෙන්නෙක්
ඇලිල ඉන්න කොට
පොල් කෝම්බෙකින් ගහන්න..

හරකගෙ නැට්ට
උඩු අතට නවල
පිට උඩට පනින්න..

වැලි අහුරක් ඔළුවෙ දාගෙන
ඇටෙන් ඇටේ පීරල ගන්න..

බාදුරා ගොට්ටක් පලල
කුරැමිණි ගණන් කරන්න..

කෙසෙල් ගුල්ලෙක්ව
ගිනි පෙට්ටියක දාල
දවස් ගණන් තියා ගන්න..

කලටි කෑල්ලක් ඇමට දාල
ඉරටු තොන්ඩුවෙන්
ඉස්සන් අල්ලන්න..

ලෙල්ලයි කැනයි ගහේ තියෙද්දි
ඇඹුලක්ම ඉවර කරන්න..

කිතුලට බඩ ගාල කකුල හීරැනම
කැටවල තෙල් ගාල ඇලේ පනින්න..

දඩොලකට ගිනි පිඹල
පැණි නැති වද ඉටි
රහම රහයි කියල කන්න..

අම්මට හොරෙන් බක්කියෙන්
කීරමින් කරවලයෙක්
අරං ලෙවකන්න..

රසකිද වැලක එල්ලිල
බරොස් ගේ ටාසන් වෙන්න..

කහ ගැරඩියෙක්ගෙ නැට්ටෙන් අල්ලල
කරකවල විසි කරන්න..

බට තුවක්කුවට හරංකහ අල දාල
රතූ ගෙ පස්සට වෙඩි තියන්න..

කුණුහරැපයක් පොඩියට ලියල
අතින් අත යවන්න..

බුරැල්ලට කට තියල
උණු කිරි අදින කොට
කන් රත්වෙන්න වැස්සිගෙන්
නැටි පාරක් කන්න..

මාඩසාමි නැතිකොට
රබර් ජොබ්බ එකතු කරල
හොරාට විකුණන්න..

ඊතල කපනකොට
පිහිය පොඩ්ඩක් ගැස්සිල
මාපටැගිල්ලෙන් පෙත්තක්
වෙන් කර ගන්න..

කැටපෝලෙන්
පලා කොට්ටෝරැවට විදින කොට
ගල ආපස්සට ඇවිත්
තොල පලා ගන්න..

අඹ කාපු හරක් රැළ
ගොම දාල ඉවර වූණාම
ඇට පලල මද බලන්න..

වලලපු බල්ලගෙ ඇටකටු
ගොඩ අරං හෝදල
සැකිල්ල හදන්න....

අනං මනං වෙන්න පටන් ගන්නකොට
කෙල්ලෙක් ගැන හිත හිතා
නිදිය ගන්න.....


හිතින් අපහු ටිකකට
ජීවිතේ ආපහු යැව්ව
චිත්තර පටියක් හදන්න......






Friday, February 19, 2010

ළසෝ දුකින් කකියන හද.......



හන්තානෙට පා නගනා
මගේ සොදුරැ ළදේ නුඹට
ළසෝ දුකින් මා ගයනා
සෝගී පද නොඇසේවිද...

ළසෝ දුකින් කකියන හද
වැළපෙයි නෙතු කදුලු උරා
මම නුඹ ගැන සිතූ සිතුම්
පාවී යයි සිහින පුරා...

සිහින ලොවින් එපිට ලොවට
පියඹා යන සොදුරැ නුඹට
කදුලු පෙරෙන මගේ හදින්
සසුම් සුළග පවන් සලයි..

සමනළියේ ඝනදුර තුළ
පියාසලනු හැකිද නුඹට...

Wednesday, February 3, 2010

දුරැතු මහේ පැතුම්


උදුපියලිය මත දුරැත්ත රදනා
මේ මීකිරි මාසේ
ගෙපැලට වඩනා මල් ගෝමරියේ
වහුං ගෙහුං මොකටෙයි බං

කුරහන් යායම රන්වන් ගැහිලා
ඉගිලෙයි සීපද පැලට උඩින්
වහෙන්ඔරෝවක් මොක‍ටෙයි පැටික්කි
යහමින් ලණු ඇද වියා තියන්

ලූලන් මගුරන් උඹට ගෙනෙඤ්ඤං
ඇල් හාලෙන් බත සුවද කරඤ්ඤං
ඊළග දුරැත්ත පුසුඹ කරාපන්
කිරි සුවදින් උඹෙ කිරි සුවදින්

Monday, January 4, 2010

කෙටි චිත්‍රපටය සහ premiere (vote 2010 season 3) කෙටි චිත්‍රපට උළෙළ

කෙටි චිත්‍රපටය හුදෙක් චින්තාවලියක් ෑපාවලියකට නැගීමක් පමණද? යන්න පදනම් කර ගනිමින් චිත්‍රපට සංස්ථාව මගින් සංවිධානය කළ premiere (vote 2010 season 3) කෙටි චිත්‍රපට උළෙළ පිළිබද විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
  • කෙටි චිත්‍රපටය සහ නිර්මාණකරැවා

කෙටි චිත්‍රපටයක් යනු පද්‍යමය කාව්‍යයක් හෝ ගද්‍යමය ආඛ්‍යාන
යක් හෝ නොවේ. එසේම හුදෙක් චංචල හෝ නිශ්චල ෑප රාමු පෙළක් සහ සංගීත රචනාවක්ද නොවේ.
කෙටි චිත්‍රපටයකට කාලය සීමාකාරී සාධකයක් වුව ද තීරණාත්මක සාධකයක් නොවේ. එහෙයින් නිර්මාණකරැවා කාලයට වඩා නිර්මාණශීලීත්වයට මුල් තැන දීම වැදගත්වේ.
කෙටි චිත්‍රපටය කෙටි කතාවකට ද්‍රව්‍යාත්මකව සමීපය. නමුත් ව්‍යුහයෙන් සහ වින්‍යාසයෙන් වෙනස් වෙයි. කෙටි කතා කරැවාගේ චින්තාවලිය කෙටි චිත්‍රපටකරැවාට ද පොදු ය. කෙටි කතාවක එන චරිත නි
පණය, සිද්ධිදාම යාන්ත්‍රණය සහ භාව ප්‍රකාශයන් ෑපමය ප්‍රකාශනයක් ‍ලෙස එළි දැක්වීමට කෙටි චිත්‍රපටකරැවා සමත් වෙයි. එහි කතා වින්‍යාසය තුළ ෑපයේ සහ භාවයේ උච්ඡාවචනයන් සහිතය. පොදු වින්‍යාසයක් දැකීමට අපහසුය.
පොදු වින්‍යාසයකින් තොර වීම ඔස්සේ ගුණාත්මක අතින් ඉහළ නිර්මාණශීලීත්වයක් කරා ගමන් කළ හැක.
කෙටි චිත්‍රපටකරැවා තමාට අවශ්‍ය ලෙස කතා වින්‍යාසයන් නිර්මාණය කර ගැනීම තුළින් වෙනස් නිර්මාණයකට යොමු විය හැකිය.
සම්මත වින්‍යාස සහ වට්ටෝරැ ගණයේ සංයෝග ක්‍රමයන්ගෙන් ඉවත්වීම ත ැණ නිර්මාණකරැවකුට වඩා වැදගත් වන ක්‍රමෝපායකි.
සෑම කෙටි කතාකරැ‍වෙක්ම කෙටි චිත්‍රපටකරැවකු ද සෑම
කෙටි චිත්‍රපටකරැ‍වෙක්ම කෙටි කතාකරැ‍වකු ද නොවේ. එසේම නිර්මාණ ශක්‍යතාව සහ ධාරිතාව මත යමකුට මේ දෙකම කළ හැකිය.( එවිට සාර්ථකත්වයේ මිනුම් දණ්ඩ පාඨකප්‍රේක්ෂකයා වේ.)
කෙටි චිත්‍රපටකරැවාට සිය නිර්මාණය දිවෙන සියලු අංශ පිළිබද මනා අවබෝධයක් තිබිය යුතුය. ඔහුගේ කතා වින්‍යාසය සහ කතාව හැසිර විය යුතු වපසරිය පළමුව ඔහු මනසින් තීරණය කොට ගතයුතු වෙයි. ඒ අනුව ගොනු කර ගත් ෑප රාමු පෙළ පයට නැගෙන ආකාරය ගැන ඊළගට සිතිය යුතුයි. ඒ සදහා අදාළ කැමරා කෝණ, සංස්කරණ ප්‍රයෝග, ආලෝකකරණය, පසුතල නිර්මාණ කටයුතු, සංගීත අධ්‍යක්ෂණය ආදියද චිත්‍රපටකරැවාගේ විඥානය තුළ එකිනෙකට සම්බන්ධව පැවතීම වැදගත් වෙයි.
කාලසීමාවේ දිගු හෝ කෙටි බව අනුව කථාඵලක (story boards) නිර්මාණය කර ගැනීම නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වෙයි. නිර්මාණයේ ව්‍යුහය පිළිබද දළ අවබෝධයක් ඉන් ලැබෙන අතර සාමාන්‍ය
ෑප රාමු වෙනුවට තීක්ෂණ අසාමාන්‍ය ෑප රාමු කරා යාමට ඇති හැකි, නොහැකියාව පිළිබද සිය නිර්මාණ ඔස්සේ විමසා බැලීමට නිර්මාණකරැවාට හැකි වෙයි.
උදාහරණයක් ලෙස, චිත්‍රපටයේ ආරම්භක
ෑප රාමුව - දෙපයින් ගමන් කරන්නකුගේ දණහිස් තෙක් පෙනෙන ෑප රාමුවක් ලෙසින් හසු කර ගන්නා විට කැමරාව 180' කරකවා උඩු යටිකුරැ කොට පෙන්විය හැකිය.
මෙවැනි
ෑප රාමු භාවිතයෙන් ප්‍රේක්ෂකයාට සිය නිර්මාණය ගැන තීව්‍ර ඉගියක් ලබා දිය හැකි වෙයි.
(මෙහිදී තමන්ගේ නිර්මාණය හා අදාළ වන ෑප රාමු කැමරා කෝණ භාවිතයට සැලකිලිමත් විය යුතුය.)
සම්මතයෙන් අපගමනය වීම කලාවේ අභිවෘද්ධියට හේතුසාධකයක් බව පෙන්වාදිය හැකිය.

කෙටි චිත්‍රපටකරැවාට සිය නිර්මාණ කාර්යය සිදු කිරීමට අංශ දෙකක් තිබේ.
පළමුවැන්න, තිර රචකයකු විසින් රචනා කළ තිරපිටපත පයට නැගීම.(අධ්‍යක්ෂණය)
දෙවැන්න, තමා විසින්ම තිරපිටපත රචනා කොට අධ්‍යක්ෂණය කිරීම
බොහෝවිට කෙටි චිත්‍රපටයක දී තිර රචකයාත් අධ්‍යක්ෂවරයාත් එකම පුද්ගලයකු වෙයි.

  • කෙටි චිත්‍රපටයක ගුණාංග
  1. කෙටි චිත්‍රපටයක මූලික ගුණාංගය ලෙස සංස්නීකරණය හ‍‍දුන්වාදිය හැකිය. එනම් දිගුත් නැති කෙටිත් නැති ප්‍රශස්ත බවය‍. සමස්ත කාලසීමාව පුරා ෑප රාමු වැඩි ගණනක් භාවිතයෙන් කතාව විකාශනය කිරීමට නිර්මානකරැ උත්සාහ දැරිය යුතු වෙයි. අවශ්‍ය කරන වස්තු බීජ ප්‍රසාරණයට උපරිම ලෙස ෑප රාමු යොදා ගත්ත ද අනවශ්‍ය ලෙස ෑප රාමු යෙදීමත් අවම ලෙස ෑප රාමු යෙදීමත් එකම ෑප රාමුව තුළ වැඩි වේලාවක් තබා ගැනීමත් සාමාන්‍යයෙන් කෙටි චිත්‍රපට සදහා උචිත නැත.
  2. නිර්මාණශීලීත්වය ලෙස රැසියන් මාක්ස්වාදය අර්ථ දක්වන ආකාරයට යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම යන කාරණය කෙටි චිත්‍රපටකරැවාගෙන් ඝෘජුවම බලාපොරොත්තු නොවේ.
    කෙටි චිත්‍රපටය යථාර්ථවාදීම විය යුතු නැත. නමුත් නිර්මාණයක් ලෙස යථාර්ථය ස්පර්ශ කිරීම එකී යථාර්ථය වෙත ගමන් කිරීමට මාර්ගය පෙන්වීම වඩා වැදගත් වේ. ඒ සදහා යථාර්ථවාදී ‍‍ නොවන සංඥා හා සංකේත භාවිතය කෙටි චිත්‍රපටකරැවාගේ නිර්මාණ ශක්‍යතාවේ වර්ධනීය අවස්ථාවන්ය. (සමාජ ජීවිතයේ සත්‍ය චරිත - real characters නළු නිළීයන් ලෙස යොදා ගැනීමත් ස්වාභාවික පරිසරය භාවිතයත් නිර්මාණාත්මක කටයුත්තකදී යථාර්ථය ප්‍රති නිර්මාණය කිරීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය)
  3. ආලෝකකරණය, පසුතල නිර්මාණය, වෙස් ගැන්වීම, කෙටි චිත්‍රපටයක අවශේෂ අංගෝපාංග ලෙස දැක්විය හැකි වෙයි. යම් හෙයකින් අත්‍යවශ්‍ය කාරණයකදී හැරෙන්නට මේවා ගැන දැඩි එල්බ ගැනීමක් අවශ්‍ය නැත.
  4. කෙටි චිත්‍රපටය නව්‍යතාවකින් යුතු වීම හා නවෝත්පාදන හැකියාවකින් හෙබි වීම යොවුන් නිර්මාණකරැවන්ට සිය ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට හොද පදනමකි. සිය නිර්මාණය තුළ ප්‍රේක්ෂයාට නොපෙනෙන නොදැනෙන ඉසව් සොයා යෑමේ ඉවක් හා හැකියාවක් විශේෂයෙන් කෙටි චිත්‍රපටකරැවා සතු වීම යෙහෙකි. පවතින දෙයක් වුවදව දෘෂ්ටිකෝණයකින් විග්‍රහ කිරීමට ඔහුට හැකි විය යුතුය. එලෙස විනා විවිධ කැමරා කොණවලින් යුතු ෑප පෙළක් පෙන්වීම කෙටි චිත්‍රපටයකින් බලාපොරොත්තු වන කාර්යට පටහැනිය.
  5. කෙටි චිත්‍රපටයක එන චරිත සහ ෑප අතර සංකථනය අවියෝජනීයව පවත්වා ගැනීම අතිශය වැදගත් ගුණාංගයකි. චිත්‍රපටකරැවාගේ වස්තුබීජය මුදා හරින චරිත රෑපයට නැගූ විට අදාල චරිතය ඝෘජුවම සම්බන්ධ සාධක සහ චරිත හුවා දක්වන, පෝෂණය කරන සහ කපා පෙන්වන සාධක කෙරේ අවධානය යොමු කළ යුතුය. එසේම චරිතයේ සාරය ෑප රාමු තුළින් මිරිකා හැරිය යුතුය. දෙබස්, හඩ හා සංගීතය චරිත නිරෑපණය ට ඇති උපයෝගිතා සාධකයන්ය. ෑප රාමු භාවිතයේ දී ඇස්මට්ටමින් ඔබ්බට ගිය high angle, low angle, long shot, close ups, pan, till, over the shoulder වැනි ෑප රාමු භාවිතය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය වර්ධනීය අවස්ථාවක පවත්වා ගැනීමට අධ්‍යක්ෂවරයාට හැකිවේ. මේ ඔස්සේ චරිතයේ පෞරැෂය, ස්වාභාවික වර්ණනාව සහ හැගීම් උද්දීපනය වැනි අංශ කෙරෙහි වැඩි අවකාශයක් ලැබේ.
  6. නිර්මාණශීලීත්වය සහ නැවුම්බව - මොනයම් හෝ වස්තුබීජයක් මත කෙටි චිත්‍රපටයක් නිපද වුව ද එය ඇස් පනාපිට සිදුවන දෙයින් ඔබ්බට ගිය එකක් නොවූ විට එහි වටිනාකමක් (අවධානය දිනා ගැනීමක්) නැත. එනම් කෙටි චිත්‍රපටය තුළ නිර්මාණශීලීත්වය හා අපූර්වත්වය අඩංගු විය යුතුවේ.

මේ අනුව බලන විට ‍කෙටි චිත්‍රපටය යනු කුමක්දැයි නිර්වචනයක් ගොඩ නැගීමට අපට පුලුවන
කෙටි චිත්‍රපටය යනු නිර්මාණකරැවකුට විශද වන කිසියම් සමාජ අත්දැකීමක් ප්‍රසාරණය කරමින් සහ වාර්තාකරමින් නැවුම්(පෙර නොවූ විරෑ) ලෙස, උත්තේජනයක් ලෙස සහ ග්‍රාහකයා තුළ අභිප්‍රේරණයක් ඇතිවන ලෙස එක්කෝ රෑප, සංගීතය, හඩ සහ වචන භාවිතයෙන් නැත්නම් ෑප පමණක් භාවිතයෙන් ග්‍රාහකයා තුළ පරිකල්පනයක් මෙන්ම චිත්ත රෑප මාලාවක් මැවෙන ලෙස සිය වස්තුබීජය අවම කාලයකින් උපරිම ලෙස විදහා දැක්විය හැකි ශ්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍යයකි.

සිනමාව (චිත්‍රපට කලාව) යනු රසාලිප්ත ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් බැවින් සන්දේශයේ ත්‍රීව්‍රතාව අතිශය ප්‍රබලය.
ශ්‍රී ලංකාව තුළ කෙටි චිත්‍රපට නිර්මාණය කරන බොහෝ නිර්මාණකරැවන් සමාජ ප්‍රශ්න, ආදරය, හුදෙකලාව, ජීවිතය, වාර්ගිකත්වය, මානුෂික අවශ්‍යතා(ලිංගිකත්වයද ඇතුළුව) ආදිය මාතෘකා කර ගන්නා බව පෙනේ.
නිර්මාණකරැවන් ස්වල්ප දෙනෙක් පමණක් පෘථුල දේශපාලන කථනයන්, ගැඹුරැ මනෝවිද්‍යාත්මක සංකල්පයන්, ස්වාභාවිකවාදී සංකල්පයන්, දාර්ශනික ගැටලුවක් වැනි ප්‍රකාශනයේ අසීරැ මාතෘකා කෙරෙහි නැඹුරැ වනු දැකිය හැකියි.

ඇතැම් අය කෙටි චිත්‍රපට විචාරයේදී '' මෙය තේරැම් ගන්ට බෑ. තව ටිකක් සරල වූවා නම් හොදයි '' යැයි පවසනු ඇසේ. (premiere (vote 2010 season 3)හිදී ද ඇසුණි.)
මේ සදහා හොද පිළිතුරක් සදගෝමී කොපරහේවා ශූරීන් විසින් සිය 'යුරෝපා කලා සසදුව' ග්‍රන්ථයෙන් ලබා දී ඇත.


'' කවර කලා කටයුත්තකදී වුව ද කිසියම් නිනවුවක් දීමට පොදු මහජනයා නොපොහොසත් වෙති. කිසියයම් දෙයක් නොතේරෙනවා යැයි ඔවුන් කියනවා නම්, එයින් ඇගවෙන්නේ එහි කිසියම් අලුත් දෙයක් තිබෙන බවයි. එය නරක යැයි ඔවුන් පවසනවා නම් එයින් සැලකෙන්නේ එයින් කිසියම් ඇත්තක් මතු වන බවයි.''

  • කෙටි චිත්‍රපටකරැවා කළ යුත්තේ කුමක්ද?
සරලවම තම සිත තුළ කැකෑරෙන වස්තුබීජය පෝෂණය ‍කොට ෑප රාමු අනුසාරයෙන් නිර්මාණාත්මකව (එසේම කලාත්මකව) සන්නිවේදනය කිරීමයි.
ඒ අනුව බලන විට සිත තුළවන් සෑම වස්තු බීජයක්ම ප්‍රසාරණය කිරීම තුළින් නිර්මාණයක් බිහිවේද යන්න විමසීම වටී.
නිර්මාණකරැවා යනු සමාජය දෙස පියවි ඇසින් බලන නමුත් සාමාන්‍ය මිනිසකුගේ පියවි ඇසට එපිට ගිය විඥානක තෙවැනි ඇසක් ඇති යම් සමාජ සිදු වීමක හෝ සමාජ
ගැටුමක අභ්‍යන්තරය සහ යථා තත්ත්වය මනෝ මූලික නිර්මාණ ප්‍රවාහයක් තුළට ගොනු කරන්නෙකි.

සමාජය යන පද්ධතිය ගත් විට, අන්තර් සම්බන්ධතා ජාලයකි.
මැක් අයිවර් කියන්නේ,

" society is a web of relationship. it is always changing "




මෙවැනි ආකාර සම්බන්ධතා ජාලයක හෙවත් සම්බන්ධතා ජල්ලියක ගිලී සිටින චිත්‍රපටකරැවාට මෙම අන්තර් සම්බන්ධතාවල ස්වරෑපය, වෙනස්වීම, පැවැත්ම, පරිණාමය, යන කාරණා සුපර්ශ කරමින් සිය නිර්මාණ කාර්යය දියත් කළ හැකිය. මන්ද, දර්ශනය, මනෝවිද්‍යාව, කාය විච්ඡේදනය හා වෛද්‍ය විද්‍යාව, තර්කය, කළමනාකරණය, සාහිත්‍ය කලා, රසාස්වාදය, ස්වාභාවිකත්වය, අධි යථාර්ථය, අධි මානුසිකත්වය, පරාරෝපණය, වාර්ගිකත්වය, ලිංගිකත්වය ආදී විෂය කාරණා සියල්ල උක්ත අන්තර් සම්බන්ධතා ජාලයට අන්තර්ගත වෙයි. එසේම ඔහු සිය වස්තු බීජය අදාල වන උක්ත සමාජ ප්‍රවාහයන්ගෙන් එකක් හෝ කීපයක් තෝරාගත යුතුය. මෙයට හේතුව වන්නේ උපතේදී ස්වාභාවික මිනිසකු වන ප්‍රාණියා සමාජ මිනිසකු වනවිට ඔහුගේ චින්තනය හා (කපාලයේ අන්තර්ගත සෛල හැඩගැස්වීම) ප්‍රකාශනය සමාජීය චින්තනය හා සමාජීය ප්‍රකාශනයක් ලෙස හැඩ ගැසෙන නිසාය.

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සංවිධානය කළ premiere (vote 2010 season 3) කෙටි චිත්‍රපට උළෙළ පිළිබද විමසා බැලීම මීළගට සිදුවේ. එක් එක් නිර්මාණය වෙන වෙනම විමසීමට වඩා සියල්ල එකට ‍ගෙන ලක්ෂණානුකුලව විමසා බැලීම වඩා සාර්ථක බව මාගේ හැගීමයි.
කෙටි චිත්‍රපටකරැවාගේ සූක්ෂම නිර්මාණශීලීත්ව‍යේ සහ ප්‍රතිභාවේ සාර්ථකත්වය මනිනු ලබන වැදගත් සාධකයක් ලෙස සංඥා හා සංකේත භාවිතාව පෙන්වාදිය හැකිය.
මෙම උළෙලේ ප්‍රදර්ශනය කෙරැණු චිත්‍රපට අතර ප්‍රබල සංඥා සහ සංකේත භාවිතයක් දැක ගැනීමට නොතිබුණි. ඇතැම් තැන්හි බංකුවක්, ගොලුබෙල්ලෙක්, කඩදාසි බෝට්ටු ආදී සංකේත ස්වල්ප ප්‍රමාණයක් පමණක් යොදා ගෙන තිබේ.

කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන විට සුරැ විරැකම් පෑ හැකි අංශයක් ලෙස කැමරා භාවිතය පෙන්වා දිය හැකිය.

නමුත් මෙම චිත්‍රපට අතර කැමරා භාවිතයේ දස්කම් දකින්නට නැත. රෑප රාමු බොහෝමයක් එකම තලයේය. ත්‍රිමානත්වයක් නැත. ඇතැම් චිත්‍රපට පමණක් ('the snail') විවිධ කැමරා කෝණ වෙත යාමට උත්සාහ දරා ඇත. නමුත් ගොලුබෙල්ලා නමැති සංකේතාර්ථය කතාව තුළ මධ්‍යස්ථ චරිතයක් විනා මුඛ්‍ය සන්නිවේදන සංඥාවන් නිකුත් නොකරයි.

එකම රෑප රාමුව බොහෝ වේලාවක් රදවා ගැනීමේ පොදු දුර්වලතාව ‍මෙම නිර්මාණ රැස සදහාද එසේම බලපා ඇත. 'ශෝධක' වැනි නිර්මාණයක් උදාහරණයට ගත්විට අනවශ්‍ය අන්දමින් රෑප රාමු එකතැන තබා ගෙන තිබෙන ආකාරය පැහැදිලිවම පෙණුනි.

සාමාන්‍ය කතා අන්දරයම දිගහරිමින් ගෙතුණු කතා බොහෝමයක් නැරඹීමට තිබුණි.

ආරම්භය, උපරිමය, අවසානය යන තෙවැදෑරැම් ආකෘතිය නිතරම රදවා ගෙන තිබුණු නිර්මාණ බොහෝ වීය. උදා, 'ඉරි සහ කොටු', 'ශෝධක'
ඇතැම්වා කලින් අප ඇසූ දුටු කතාන්දරයන්ය. එනම් නැවුම්බවක් නැත උදා - 'ශෝධක'

කිසිදු නිර්මාණයක් සමාජය දෙස තෙවැනි ඇසකින් බලා තිබුණේ නැත. සමාජයේ මතුපිට පෘෂ්ටය පමණක් ස්පර්ශ කරමින් සිදු කර තිබූ මෙම නිර්මාණවල ('endless noon')වැනි

සමාජ - දේශපාලනික
සමාජ - සංස්කෘතික
සමාජ - මනොවිද්‍යාත්මක
සමාජ - දාර්ශනික සංකථනයන් දකිනු තබා අහලකටවත් පැමිණ තිබුණේ නැත.

පරිකල්පනය නමැති අතිශය වැදගත් සංකල්පය අමතක කර නිමවා තිබුණු බොහෝ නිර්මාණ ඔස්සේ නව මතවාද, නව සංලක්ප බිහි නොවන බව පැහැදිලිවම පෙනුනි. නවෝත්පාදන හැකියාවක් ඇති නිර්මාණ මෙම උළෙළට අන්තර්ගත වී නොතිබුණු අතර 'උණු හිම' කෘතිය යම් පමණකට සාර්ථකය.
....කුඩා පිරිමි දරැවාට අයිස් කැටය රැගෙන ඒමට තිබුනු අවශ්‍යතාව කුමක්ද? නැගනියට අයිස් කැටයක් පෙන්වීමට අවශ්‍ය වූවා නම් ෆැක්ටරිය වෙත ඇය කැදවා ගෙන යාමට අවස්ථාව ඔහුට තිබුණි.

මෙම චිත්‍රපට, ආරම්භක රෑපරාමු කිහිපයකින් ජව නැංවෙන ප්‍රාණය අවසන් රෑපරාමු දක්වා පවත්වා ගැනීමට අපොහොසත්වීමේ දුර්වලතාවක් පෙන්නුම් කරයි.

කෙටි චිත්‍රපටයකට ශිල්පීන්ගේ රංගලන කුසලතාව වැදගත් නැත. එය වස්තු බීජය ප්‍රරෝහණය කිරීමට මහෝපකාරී වෙයි.


මෙම චිත්‍රපට තුළ සිනමා ව්‍යාකරණ නිවැරදි වුව ද ''සිනමා බස'' තීව්‍ර ලෙස, සූක්ෂම ලෙස ප්‍රයෝජනයට ගෙන නැත. කියැවීමට ඇති සිනමා භාවිතාවන් සීමාසහිතය.



මේ අනුව බලන විට තරැණ ‍නිර්මාණකරැවන් වර්ධනය කරගත යුතු නිර්මාණ ශක්‍යතාවන් රැසක් තිබේ.
එසේම තත්කාලීන සමාජ විපර්යාස පිළිබදව පියවි ලොවේ වෙසෙමින් අධ්‍යනය කිරීම, ජනශ්‍රැතිය අධ්‍යනය , සතථ අභ්‍යාසයේ නියැළීම, කලා කෘති ඇසුරැ කිරීම සහ අධ්‍යනය, විචාර සමාචාර බුද්ධිය වර්ධනය කර ගැනීම, කියවීම ආදී නනාප්‍රකාර මාධ්‍ය ඔස්සේ සිය නිර්මාණශීලීත්වය ඉහළ තලයකට ගෙන ඒමට තරැණ නිර්මාණකරැවා නිරන්තරව උනන්දු විය යුතුය.


Blog Archive

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.