Pages

Friday, March 12, 2010

මගේ සරසවි ගමන





හිදැස් හිදැස් හිදැස්
සරසවියේ යකඩ වැටේ
කූරැ අතර හිදැස්


ජීවිතයේ හිදැස්
මකා දමන දිවැස්
තිබෙනවායි සිතේ මට
සරසවි භූමිය ඇතුළත


සරසවියට ආසාවක්
තිබුණායැයි මතකයි මට
කූරැ හිදැස් අතරින්වත්
රිංගන්නට තිබුණා මට


කාලය ගතවී ගියමුත්
තැවුණු වදන් නොලි වූ වෙමි
පොත් කන කාවුන් වනසා
මොළයට බෙහෙතක් දාලා
පෙල්ලෙන් පෙල්ලටම නගිමි
නොලැබුණු දේ ලබා ගන්ට


සරසවියයි මායි අතර
ලොකු පරතරයක්ද නොමැත
පොත් රාක්ක පහක් හයක්
අප දෙන්නා අතරින් ඇත


සිවු වැනි පොත් රාක්කයත්
පසු කරනා අතරතුරේ
වියරැ වැටී දොඩමළු වන
පිසාචයෙකි මුණ ගැසුණේ


ඇසට යටින් ලේ බැහැලා
ඇස් වටයත් පොඩි වීලා‍
ඇදුමක් නැති උරහිස්වල
කොදු ඇට පේළියෙ හරහට
සරසවියේ දොරවල්වල
තීන්ත පතුරැත් තිබුණා

" ආවා මං සරසවියට
පිකටින් ගහෙ මුල් අතරට
වැස්සෙන් නොතෙමී ඉන්නට
රතු පටි ඔළුවේ බැදගෙන"


මං ආවා සරසවියට
ඇරලවන්න පිසාච තෙම.

මටත් වඩා අඩු වයසින්
වල්මත් වුණු සොදුරැ මුගේ
ඔළුවේ රතු පටි ගලවා
තෙල් බැම්මේ හිදුවාලා
වඩේ එකෙන්
ප්ලේන්ටියෙන්
බඩගිනි නිවලා දැම්මා
= = = = = = = = = =


සරසවි පාරවල් අතරෙ
එළියෙ ඉදන් මං හිතාපු
හරිම තැනට මොහු යවන්න
තමයි හුගක් වෙර දැරැවේ


ඒ වුණාට ඔහුම තමයි
හරිම පාර පෙන්වූයේ.

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj Dharmawardhane is an Associate Creative Director based in Colombo. With experience in various agencies, Manoj leads creative campaigns driven by grassroots, ground-level local observations and insight-led strategy. With professional education in Sociology, Philosophy, Film and Communication and experience handling a multitude of brands, Manoj brings a unique perspective to creative campaigns and pushes to create inspiring, insightful work.