
ඇලස්කාවේ හිම කදු වැටියෙදියි
මට ඔහු හමු වුණේ
දෙතුන්පැයක උණුසුම් ආදරය
හිම කදු මතයි දිය වුණේ
වේගවත් වූ ක්‍රියාශීලී වායු දියරයක
නොපෙනෙන සුසුම් රැළි මතයි
ඔහු පාවුණේ
ඉන්නේ කොහෙද
සුසුම් රැළි මතද
ගිනි කදු යටද
පිනිබිදු මතද
සොයනුයේ
ගිනි වළාකුළු, දේදුනු
හිරැ රැසින් තෙරපී
දින ගණන් සති ගණන්
ඔහු සොයන මොහොතෙදී
දේවදාර කැලෑවක කොළ පාට දලු යටදි
ඒ මොහොතෙ සිහි කරන ඔක්කාර රස දැනේ...
ඔහු නිසා මම වෙමි
ඔහු කොහේ සැගවුණත්
ඔහු නිසා මම වෙමි