Pages

Monday, December 24, 2012

Between pushing cement sales and causing a lifetime of tears



Between pushing cement sales and causing a lifetime of tears

  • By  Dilshan Boange
  • Sunday, 23 December 2012 00:00
Manoj Dharmawardhane Manoj Dharmawardhane
A pioneer of modern advertising David Ogilvy says that advertising is a business of words. Therefore writers are spinal to the industry that ‘creates’ communication for the purpose of selling products. The designation given to a person who writes lines for a press advertisement or scripts a TV advertisement is ‘copywriter’. The copywriter is a person who no doubt needs to bank on creativity to make the product appealing while knowing what facts need to be conveyed to the potential buyer.

Writing can be both for the purpose of art as well as commerce. A ‘writer’ who works as a copywriter surely can have a duality in this sense when he reaches inwards to tap his creative pulses and create expression that serves the respective purposes. “A good copywriter can, with a single line, sell a ton of cement. Still, a good writer by putting to words a chain of emotions can make a sensitive person cry a lifetime.” This was how the difference between the two roles of ‘scripting’ was illustrated to me by Manoj Dharmawardhane, a copywriter at Leo Burnett Solutions, who has worked as a copywriter for the past five years, but found his drive for creative expression that serves commerce, rooted in his passion- a writer, an artiste of words. Having worked at the agencies ‘Clinch’, ‘Cameron Pale and Medina’ and ‘Holmes Pollard’ before joining his present place of work, Manoj now feels that he is at a point in his career where the scope of exposure to brands and the diversity of experience in working with products are at a peak.

Having read Mass Com for his BA from Kelaniya University, Manoj also holds diplomas in journalism and electronic media and started his career as a journalist and has explored his inner passions to become a writer although he is yet to achieve the status of a published writer and qualify as an ‘author’ in the realm of literature.

“As school kids we have ambitions of becoming doctors, engineers accountants, but not many really think of a career related to an artistic field at that point. While I had those ideas I also had a dream of becoming a writer someday. There is that inner passion and dream in kids as they grow up to become a writer someday.” This was how Manoj spoke of his career choices. His passions to become a writer, in terms of fiction writing, propelled him to write short stories and make a submission in 2007 to the competition held by the Sri Lanka Writers Association. The result had been the first attempt and saw his short story ‘Ruhunu Kumari’ being nominated simply to be critically struck down by the judges as an example of what a short story should not be! Some of the observations made by the panellist had been as Manoj recalled that writers need not force themselves to find plots, because stories can be seen around us in the world we inhabit.
Manoj believes a writer must be attentive and sensitive to the world around and find creative ways to recreate the world through writing. Perhaps his senses were better honed afterwards because his entry ‘Nawathumakin arambi kathawa’ (The story that began from an ending) was adjudged the best short story by the Sri Lanka Writers Association in 2010.  A personal milestone surely in his journey in authoring, he said, he has presently a collection of short stories he has readied for publication, but still hasn’t set himself to the process of taking it from a manuscript to a book.

“No one specifically taught me to write in a certain way or how to become a writer. Our lecturers at campus shared their experiences and outlooks as writers, and that of course helped. The other thing is reading. I’m an avid reader. It’s almost like an obsession for me.” Russian, African, Indian, Latin American fiction has had an impact on him. Manoj believes that any writer, be if for art or commerce must diversify in reading, and see the difference of expression across cultures.

What marks the differences between a writer and a copywriter, seeing as how Manoj occupies both these spaces? His answer was that a writer develops and brings forth expression more philosophically as opposed to a copywriter who must look at aspects of psychology. “A copywriter’s work is supposed to offer a solution to a specific problem in marketing. A writer sees his writing as something that transcends the immediate present and looks to the future.” Manoj observed while giving an illustration to show how the thinking and output of a writer and a copywriter works. “A writer’s thinking and output is like what happens when light goes through a concave lens. It expands and spreads to a vast distance. The writer analyses intensely and elaborates. The copywriter gives a line for a campaign. He condenses and brings things to one crucial pinpoint. It’s like what happens with a convex lens.”

Listening to Manoj it was clear to me that what defines him is the pulse of the writer, more than the designation he bears. And he fully acceded to it. “We are all born with a certain stock of creative ideas. But it runs out at some point unless we regenerate it through new experiences. I believe it applies to both writers and copywriters. Watching films, theatre, enjoying nature is essential for this purpose. But I also believe that not every writer can become a copywriter while not every copywriter can be a writer.” There is in those words an indication of how the two roles serve ends that are moulded with different ‘character substance’, and decide the degree and limit of the ‘individual’s vision’ allowed in the final outcome.

Monday, December 17, 2012









ලෝක විනාශය

ඔයත්, ඔයාගේ වැඩත් හරියට
හඳුනා නොගත් ආකාශ වස්තු වගේ මට !















Thursday, November 22, 2012



උද්ධමනය
මට
දැනෙන හැටි ...


ඉස්සර
වඩේ

දහයට පහයි !
දැන්
විස්සට පහයි  !

Wednesday, September 26, 2012

විප්ලවය


හඳ ගිහින්
ගෙවීගෙන ගෙවීගෙන
ආවත්
ආපහු වටකුරුවට...
මගේ සෙරෙප්පුව
යනව විතරයි 
ගෙවීගෙන ගෙවීගෙන...



Tuesday, September 11, 2012

විමුක්තිය !

ආහ් !
මකා දැමුවා මං
දිව කකාරවන
නුඹේ නමේ අවසන් අකුරත් !

පුදුමයි,
ඇදිල කියවෙන
ඒ මහප්‍රාණ අකුර
මකා දමන්නට
සොයමින් සිටි යතුර
කියා දුන්නෙත්
ඒ අකුරු ඇමින වූ
"ලුනා" මයි !




lunatic

  

Tuesday, August 14, 2012


පාන්



නුඹ ඉල්ලන්නෙ පාන්
මගේ කඩේ නැත්තෙත් පාන්
එසේනම්  කළ යුත්තෙ තමන්
තියෙන තැනකින් ගැනීමයි පාන්...

හැබැයි,

අර කඩේ නෑ පාන්
කියන එක නවතපාන් !



මනාපයි !



කපන්න කපන්න
මල ලියලන්නෙ
උඹටමයි
රා මදින්නෝ...












Friday, July 27, 2012

ගැහැනිය සහ පිරිමියා


පිරිමියා සහ ගැහැනිය
ස්වාභාවිකව වෙන් කළ නොහැකි
පරමාදර්ශ දෙකකි.

අස්වාභාවිකව

වෙන් කළ හැකි
පදගතාර්ථ හෝ
පද දෙකකි.

පිරිමියා මහෞෂධය.

ගැහැනිය ද්වඟුල ප්‍රඥාය.

නමුත්,

ඉංගිලිසියේ ඇත්තේ
අකුරු දෙකක
වෙනසකි.

කිසි දිනෙක,

ගැහැනිය තම ඇස්
තම ඇසින්ම
නොදකින්නීය.
පිරිමියා
තම ඇස්
සියැසින් තියා මනසින්වත්
නොදකින්නේය.

උහු ඒවා වනති, හදති.

විඳිති, රස බලති.
නමුත්
ඒ සියල්ල කැටපතකිනි.

පිරිමියා වරදක් කළොත්

එය තිලකයකි.
උදාහරණ බොහෝය;
තහනම් ගසේ ගෙඩි කෑම,
ජීවියකුට වෙඩි තැබීම හෝ ඝාතනය ,
හුඹස් කැඩීම,
නූපන් දරුවන් මැරීම
ඉන් සමහරකි.

ගැහැනිය වරදක් කළොත්

එය කැළලකි.
සුදු සමේ රතු බිබිලි වැනිය,
මුහුණ මැද වූ තඩි ඉන්නෙකු වැනිය.
උදාහරණ බොහෝය;
තහනම් ගස සොයා ගැනීම,
එහි ගෙඩි කැඩීමට පෙළඹවීම,
සර්පයින් සමග සෙල්ලම් කිරීම,
ආසාවකට දරුවෙකු වැදීම,
උන් තිඹිරිගෙයි අතරමං කිරීම
ඉන් සමහරකි.

ගැහැනිය තමා ගැහැනියකැයි

තවම නොදනී.
පිරිමියා තමා පිරිමියෙකැයි
තවම නොදනී.
දෙබිඩි දිවියකට තුරුල්ව
ගැහැනිය පිරිමි වැඩත්,
පිරිමියා ගැහැනු වැඩත්
කරනුයේ එබැවිනි.

Wednesday, July 25, 2012

කෙටි වචන සහ දිගු අරුත්





අල්තාරයට...   








මා
සෑහෙන්න
විශ්වාස කළා
නොසෑහෙන්න
ආදරේ කළා

ඒ ඔක්කොටම වඩා
ඔබෙන් පිට වූ හුස්ම
මා උරා ගත්තා

ජමීලා
මැටි අශ්වයයි පන් මිටියයි
ළඟ තාම හුමිටි තබනවා
මා



Tuesday, June 5, 2012

මායාවතියේ...










ඉර හඳ ඉරා දමන්නට
වෙර දරා ස්නායු  සිඳගත්
හද සිත්තරාගේ සායම් බඳුන
පෙරළා එකවර හද වර්ණ කරගත්
මායාවතියේ...


මන්නාරම් පතොක් පඳුරක
දළඹු  කටු අතරෙ
සැරිසරන කළු කුහුඹුවන්
ගන්නට නොහැකිසේ නිය'ගින්
ගල්පිළිමයකි ඔබ
ඉර හඳ මැරෙනකල්


දළ සටහනේ ඇඳි හදවත් සැකිල්ල
වාත්තු කරන තුරු  ලොමින්
හදට නිස්කලංකව කම්පන ගලා එයි
ඔබ කොහේ හෝ සුවෙන් නම්
මායාවතියේ ...

Thursday, May 3, 2012

පුන්සඳ
හරියට
ගෑනියෙක්ගේ
උඩු තොලේ හරි
යටිතොලේ හරි
කොහේ හරි තොලක
උපන් ලපයක්
තියෙනවා වාගේ...

Monday, March 26, 2012

අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණය - [ඇලෙක්සි අර්බුසෝෆ්]






වාල්යා- සර්ජී....

සර්ජි- ඇයි?

වාල්යා- ඔයා ලෝකෙ ඉන්න හැම මිනිහටම වැඩිය හොඳයි.

සර්ජි- (ඈ වැළඳගනිමින්) වාල්යා... ඔයාට ජීවිතේ අලස බවක් එහෙම දැනෙනව ද? එහෙම නැත්නම් ජීවිතේ පාලුයි කියල හිතෙනව ද?

වාල්යා- පිස්සු කතා කරනව. මට එහෙම දෙයක් දැනෙන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙලා නෑ.

සර්ජි- තව ටික කලක් ඔහොම ගියාවෙකො. පොඩ්ඩො දෙන්න ටිකක් ලොකු වුනාට පස්සෙ අපි ඒ දෙන්නව ළමා පාසලකට දාමු. ඊට පස්සෙ ඔයාට වැඩිදුර ඉගෙන ගන්න හරි රස්සාවක් කරන්න හරි යන්න පුළුවන්.

වාල්යා- (විරාමයකට පසු අලසව) මම මොන වගේ රස්සාවක් කරනවටද ඔයා කැමති?

සර්ජි- කොන්ක්‍රීට් දානව වගේ වැඩක්. මේ කාලෙ ඉතාම වැදගත් වෙන්නෙ කොන්ක්‍රීට්.

වාල්යා- (එය පහත් කොට සලකමින්) කොන්ක්‍රීට්? මට ඕනෙ වෙලාවක කැෂියර් වැඩේ කරන්න පුළුවන්.

සර්ජි- එපා වාල්යා. ඔයා හිතන හැටි වැරදියි. (හැඟීමෙන්) මිනිහෙක් සන්තෝස වෙන්නෙ මොකක් හින්දද? තමුන් වැදගත් වැඩක් කරනව, තමුන්ට වඩා විශාල දේක තමුන් කොටස් කාරයෙක් වෙලා ඉන්නව කියන හැඟීම තමයි මිනිහෙකුට සතුට ලබා දෙන්නෙ.

වාල්යා- ඔයා අදහස් කරන දේ මට තේරෙන්නෙ නෑ.

සර්ජි- මට හරියට තේරෙන්න් නෑ ඒක විස්තර කරන්නෙ කොහොමද කියල. සමහර රස්සාවල් තියනව ඒවයින් මිනිස්සු ඉස්සර හිටියට වඩා ලොකු, වඩා හොඳ මිනිස්සු බවට පත් වෙනව. (මුදු ලෙස) ඔයා කොන්ක්‍රීට් වැඩ කරන්න අකමැති නම් ඔයාට පුළුවන් පස් හාරන යන්ත්‍රයෙ වැඩ කරන්න. ඉස්සෙල්ල අත් උදවු කාරයෙක් හැටියට පටන් අර ගන්නව. ඊට පස්සෙ රාත්‍රී පාසලට ගිහින් පුහුණු වෙනව. මම හිතන්නේ මේ වගේ වැඩකට ඔයාට හැකියාවක් තියනව කියල. ඒක නිසා ඔයාට පුළුවන් වෙයි සහකාර ෆෝමන් කෙනෙක් වාගෙ තත්ත්වයකට උසස්වීමක් ලබන්න. මට දැන ගන්න ලැබුණා වොල්ගා වේල්ලෙ වැඩ කරනවලු තරුණ ගෑණු ළමයෙක්. එයා තමයිලු පස් හාරන යන්ත්‍රය සම්පූර්ණයෙන් ම භාරව ඉන්නෙ. ඒක පුදුමයක් නෙවේ ද?

වාල්යා- (තරහෙන්) හොඳයි මගෙ වියදම් හොයාගන්න මා ලව්ව රස්සාවක් කරවන්න. ඕනෙ නම් මං කෙලින් ම යනවා සාප්පුවට. එතන හැමෝම මාව අඳුනනවා. මට තනියකුත් නෑ.

සර්ජි- වාල්යා!

වාල්යා- කෑ ගහන්න එපා. ළමයි දෙන්න ඇහැරෙයි.

සර්ජි- එහෙනං නවත්තගන්න ඔය කතාව.

වාල්යා- හොඳයි. සාප්පු රස්සාවෙ ඇති වැරැද්ද මොකද්ද? මම කැමතියි ඒක දැන ගන්න. මම ඒ රස්සාවෙන් හොඳ සල්ලියක් හොයා ගත්තා.

සර්ජි- (පුදුම වී) මොනව කිව්ව?

වාල්යා- ඔයා හිතුවද මම ලැබෙන පඩියෙන් ජීවත් වුනා කියලා. පිස්සු! එක එක්කෙනාගෙන් ඉතුරුවෙන කොපෙක්ස් දෙක තුන එකතු උනාම හවස් වෙන කොට හොඳ ගානක් මගෙ සාක්කුවට වැටෙනව.

සර්ජි- (කෑ ගසමින්) වාල්යා! (හඬ බාලකරමින්).. වාල්යා (ඇගේ හිස පිරිමදී) (තැන්පත් වෙමින්) වාල්යා!

වාල්යා- මට සමා වෙන්න සර්ජි. (ඈ දණින් වැටේ) මට සමාවෙන්න....

සර්ජි- එපා වාල්යා (ඈ නඟා සිටුවා ආදරයෙන් වැළඳ ගනිමින්) ඔය වගේ වැරදි වැඩ කරන්න හිතන්නවත් එපා.

වාල්යා- මට හරිම මහන්සියි සර්ජි. මට දවස තිස්සෙම ළමයි දෙන්නගෙ වැඩ කරන්න තියෙනව. ඊට පස්සෙ රෑ කෑම උයන්නත් තියනව. පිඟන් කෝප්ප හෝදන්න, ගෙවල් ශුද්ධ පවිත්‍ර කරන්න තියනවා. ඉතින් ඔයා වොල්ගා නදියෙ ඉන්න ගෑණියක් අගය කළාම... මට හරියට හිත රිදුන....

සර්ජි- (හිස පිරිමදිමින්) ඇති. ඇති. මම ආයෙන් වචනයක් කතා කරන්නෙ නෑ. ඉතින් අඬන්න එපා. මම මෝඩයෙක් කියල මට හිතෙනව. ඒත් මම ඔයාට කොච්චර ආදරේ ද කියල කියන්න බෑ වාල්යා. ඒක පුදුමයි.

වාල්යා- (කඳුළු අතරින් සිනාසෙමින්) පුදුමයි.

[-අන්ගාරා ගඟ ගලා බසී]

සෝවියට් නාට්‍ය රචක ඇලෙක්සි අර්බුසෝෆ් ගේ "It Happened in Irkutsk" නමැති නාට්‍යයේ පූර්ණ පරිවර්තනය- "අන්ගාරා ගඟ ගලා බසී" (2005- රන්ජිත් ධර්මකීර්ති- සරසවි ප්‍රකාශන) නාට්‍ය පිටපතෙන් උපුටා ගත් කොටසකි. මෙම නාට්‍යය මගින් පශ්චාත් විප්ලවීය රුසියානු සමාජය විවරණය කෙරෙන අතරම යොවුන් ප්‍රේමය පිළිබඳ දයාර්ද්‍ර බැල්මක් හෙලයි.

මෙම පරිවර්තිත පෙළ ඇසුරින්, රන්ජිත් ධර්මකීර්ති නිෂ්පාදනය කළ "අන්ගාරා ගඟ ගලා බසී" නාට්‍යය මුල් වරට 1978 වසරෙ දී වේදිකා ගත කෙරිණි. වාල්යාගේ චරිතය සුනේත්‍රා සරච්චන්ද්‍රත් සර්ජිගේ චරිතය නිශ්ශංක දිද්දෙණියත් රඟ පෑ අතර අන්ගාරා ගඟබඩ ප්‍රේම ත්‍රිකෝණයේ අනෙක් මුල්ල වූ වික්ටර්ගේ චරිතය නීල් අලස් රඟපෑවේය. මියැසි මෙහෙයුම ප්‍රේමසිරි කේමදාසගෙනි. ප්‍රේක්ෂකයන් විසින් ආදරයෙන් වැළඳගන්නා ලද මෙම නිෂ්පාදනය ඉමහත් ප්‍රතිචාර ලබමින් වාර ගණනාවක් ලංකාව පුරා රඟහල් වල වේදිකා ගත කෙරිණි.


ඇලෙක්සි අර්බුසෝෆ්
පරිවර්තනය - රන්ජිත් ධර්මකීර්ති












Blog Archive

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.