Pages

Wednesday, July 10, 2024

දහදිය මතක

අතීතයේ එක්තරා දිනෙක ඈත
ගල්මල් මැරෙන වෙරළත ‌කොණක,
ජීවිතය නතරවන තැනෙක වංගුවක
මම් ඉන්නම්...

කඳුළු හංගං හිනා වපුරන ‌මෙකල
අපි හැදූ ‌කොළ කැඳ ‌පුස්තකාලයේ මුලුවල,
පළමු අකුරු ඇමිණූ හැට වියේ
මදින මාමලාගේ ‌තෙලිජ්ජ රහට
ඔය දහදිය බිදුවල රහ සමවිය,
පාට ද සමවිය...

තොල් පොටවල් මත රැඳුණු  
මුතුපාට දහදිය බිංදු 
හරියටම ඩිපෝ වත්තේ 
උදුපියලිය යාය මත පතිත
පිනි බිංදු වාගේමයි... 
සත්තයි,
ම'දිවට දැනුනේ ඒ් රසමයි...

අල්තාරය ඉදිරිපිට 
අපි පව් සමාකරන කොට 
වදින රෑ ‌දොළහේ කණිසමට 
පල්ලියම ‌දෙදරුම්කන ජාමේ
ඔය තොල්, කන්, ඇහිබැම, නළළතින් 
ගිලිහී වැටෙන දිහදිය බිංදු 
පරෙස්සමෙන් අල්ලන්න 
මං තතනපු තරමක්...

මතකද? නැද්ද? 
මතක නෑද? 
මතක නෑ වගේ ඉන්නවද? 
නෑ මතකද?

කමක් නෑ නොවැ! 
මතකත් හරියට දහදිය බිංදුමයි...
ඇඹුලයි... ලුණු රහයි... එක්කාසු වූ ගමන්
බිඳෙනවා සුටුස් ගා...

සමාකරගෙන කරගෙන ගිහින් 
ඒ් පව් ඉවර වුණාම
අනුලා නමැති සංකල්පය වෙනුවෙන් 
පියල් ද ජිනදාස ද ‌වෙහෙසුණේ වැඩිපුර
කියා නුඹ තර්කානුකූලව ‌සොයන අතරතුර
ස්ත්‍රී ලිංගය හා කාලය අතිශයින්ම සමබව
වැටහුණේ මට ‌බෝ කල් ගතවූ පසුය...

හදවතටම දැනෙන තරමට
බර අදින කොට මතක ස්වර බිඳෙන කොට 
දහදිය බිඳු නැගෙන ‌මේ ‌මොහොතෙ
කඩවසම් වැඩවසම් පුරුෂයකු ‌නොව
තැලුණු පිට ‌පෙන්වන
පෝටරයෙකි මම...

----------------------------------------------------------------------------------------------------------------------
138 බස්රථය වේගවත්ව තිරිංගය  තදකරද්දී මගේ පිටිඅල්ල එක්වරම සීතල විය.
-----------------------------------------------------------------------------------------------------------------------

කාගෙන් වැටුණ ද
මේ ගෑනු දහදිය බිඳුවේ රස්නය
හරියටම නුඹෙ වාගෙමය, හුරුය.
ඒ බිඳිති තුළ දියව ඇති
මහද ගැස්මක හුරුව
එලෙසමය... දුර්වලය... 

අතීතයේ එක්තරා දිනෙක ඈත
ගල්මල් මැරෙන වෙරළත ‌කොණක සීත,
පාලුව නළියන වැලිකඳු අතර
මම් මිදී ඉන්නම්...



Tuesday, February 13, 2024

ලතිකා ජෙරමියා වැන්දබෝනා රණසිංහ හෙවත් චප්ප කළ හද

හුස්ම අහුරක් එක්ක

විසි කළෙමි මම

කලුගං මෝයට

උලුප්පා ගලවා

පට්ට පතුරු ගසා

චප්පකර තුන්වරක් කෙළගසා  

මා හද ... 


සුළියකට හසුව

ගසාගෙන ගියත් 

මුහුදට ඒ් හද 

පෙරළි පෙරළී 

පිම්බි පිම්බී

එනවා නැවත

මැරුණු මුහුදු බෙල්ලන් පිරි

වෙරළට ඒ් හද...








Friday, February 9, 2024

සරුංගලය සහ උඩුකුරු තෙරපුම





සරුංගලයකි නුඹ

සිහින්ය හුයකින් මා අත රැඳුණු 

ඈත සිතිජයේ පාවෙන්ට ඉඩදී

මමද බලාඉමි

හුය තදින් අල්වාගෙන...


බියක් විය මට

සමබරව නොමැතියි

හැඩට ඇලවුවද

කුරුලු තුඩකින් 

බිඳී යායැයි...


හුළං වේගෙන් හමනවිට 

ම'අත කැපෙන්ට තරම් වෙයි

හුය කැඩෙන්ට නොදී

ඇඟිලි ලෙයින් පෙඟී යයි...


* * * * * * * * * * * * * * * *


ඇතැම් දිනවල

තද හුළං නොමැතිවද 

ම'ඇඟිලි කැපී

ලේ ගලායයි...

පදාර්ථිකයන්...

පදාර්ථිකයා...

My photo
Manoj is a copy based Creative Director, who brings over 15 years of experience in agencies such as Publicis Groupe-Saatchi & Saatchi, Leo Burnett, TBWA, JWT, Holmes Pollard & Stott with a background in Sociology, Philosophy, Communication, Psychology, and Film. Manoj has gained a unique perspective on brand building and creative effectiveness and is always in pursuit of real, local insights. Manoj’s strategy-led approach to creative has yielded impressive results for multinational brands such as Unilever, Nestle, P&G, MeadJhonson, Dulux, Burger King, HSBC, ITC, ABBOT, Dialog Axiata, and much-loved local brands such as Sri Lanka Eye Donation Society, Sri Lanka Cricket, Mawbima Newspaper, Wijaya Newspapers, Prima, Sri Lanka Telecom, SriLankan Airlines, Crysbro, DSI, Commercial Bank, Maliban and DFCC Bank. Manoj has represented Sri Lanka as a judge in various industry award shows, most recently Ad Stars. He has significantly impacted the industry, contributing to winning Sri Lanka’s very first metals in international award festivals such as Cannes Lions, Spikes Asia, LIA, D&AD, Ad Fest, Abby Awards, Effie Awards, and Cresta.