කුරුටු ගාන C R පොත
කුමක් හෝ කාරණයක් උඩ මා උඩරට රාජධානියට අතිශය සමීප බව මගේ මස්තිෂ්ක තරලවලට හොඳින් දැනේ.
එනමුත්, මා උඩරැටියන්ට විහිළු කරන්නේ
" උඹල තමයි සිංහල ජාතිය පාවා දුන්නේ " යනුවෙනි.
මඟුල් මඩුව අශික්ෂිත තැනක් සේ මට හැඟුණත් මට එය බලන්නට ආසය.
කෘත්‍රිම බෝගම්බර වැව අපේ කරපික්කඩ වැවට සාපේක්ෂව ශිශුවකු වුවත් එය බැලීමට ආසය.
වැවේ බැම්මෙන් හැරී උඩහට යද්දී අමුතු හැගීමක්ය දැනෙන්නේ. හරියට කාලෙක ඉඳන් හුරුයි වගේ.
ඇතැම් අවස්ථාවල උඩරටට ඇතුළු වන ඇතැම් කපොලු ළඟදී මගේ රෝමෝද්ගමනය වෙයි.
මේ විරුද්ධාභාසය කුමක් දැයි තෝරා බේරා ගන්නට නොහැකි වූ තැන මාගේ උපකල්පනය වූයේ, එක්තරා ජන්මයකදී මා උඩරට රාජධානියේ වාසය කර ඇති බවයි.
ඇතැම් දිනවල කඩුගන්නාව පහුකරන විට දකින කඳු වලල්ල උඩරට ශ්‍රී විභූතිය මගේ රස නහරවලට කාවද්දයි. ඒවා මට හුරුවාක් මෙනි. කඩු සටන් මතක් වෙයි. දුනු හී මතක් වෙයි. උඩු කය නිරුවත් යෝධ මස්පිඩු ඇති සිරුරක් මතක් වෙයි. ප්‍රතිකාලුන්ගේ තොප්පි හා තුවක්කු බට මතක් වෙයි.
කෙසේ නමුත් මේවනවිට මම උඩරැටියන් සමග ලෙයින් මිශ්‍ර වී හිඳිමි.
මේ හැමදේමත් එක්ක දෙවැනි රාජසිංහ රජුගේ ප්‍රශස්ති ගායනා ද මට මතක් වෙයි. ඔහුගේ ශ්‍රී විභූතිය සහ තේජස වර්ණනා කිරීමට ලියූ "ශ්‍රී නාමය" හි සඳහන් මේ ගායනා අපූර්වත්වයකින් මා ප්‍රහර්ෂයකට ගෙනයයි.
(මේවා ගායනයේදී ගස් ගල් පවා සන්සුන්ව රජු වෙත පක්ෂපාතී වුයේ යයි උඩරට වැසියෝ කියති.)
පිටු අංක 22
පහතරැටියාගේ උඩරට සිතුවිලි

සීත සුළං සමගින් පිපි මල් ලොව
මිහිරි සුගන්ධ ඔතා සුවසේ
ඇත වනන්තරයේ සිට පාවෙන
ගීත අසා කොවුලා සුවසේ...
දෑත වනා ලෙලවා බඳ කෝමල
ලාලනයෙන් ඇදෙමින් සුවසේ
ගීත ගයන්න ගයා සැනසෙන්න
වසන්තිය ලාලනියේ සඳසේ...
චන්දනා ගරු පංක විලේපන
වීන්දනා නාමෙන් කියතා පා
බන්ධනා නිල්වන් දද මින්සිරි
නන්දනා විඳිමින් සුරකී පා...
පුංචි විස්තර ටිකට මගේ නෝනට ස්තුතියි !