" අනේ නුඹ මට හිමි වුණා නම්..."මම එහෙම කිව්වොත්
ඒක හරියට
"ශේක්ෂ්පියර්ගේ නාට්‍ය දෙබසක් " වැනියි
නුඹ කීවා....
" හැමෝටම, දැනෙන්න ආදෙර් කරන්න බෑ..."නු ඹ එහෙම කිව්වොත්
ඒක හරියට
" ගාර්ෂියා ලෝකාගේ නාට්‍ය දෙබසක් " වැනියි
මං කීවා....
ඉල්ලීම සහ දැනීම
අතර දෝලනය වන
ආදරය නමැති
ඔරලෝසු බට්ටා
වෙන්වීම නමැති එලාම් එක
වදින විදිහට වැඩ සැලැස්වූවා...
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
නුඹ මාකොළ වත්තට ගියා...
මං කිවුලවත්තට ගියා...
ඒ තොප්පිගල කොටි හිටපු කාලෙ....