ඒක,
චීන මැටි බඳුනක්
ටැංග් රාජ වංසයට අයත්.
මට ලැබුණේ
කිමිදෙද්දි
මම රිංගපු
මුහුදුබත් වූ
බ්‍රාවෝ වර්ගයේ
නැවෙන්.
ලොකු කටගැස්මක් නෑ...
මහා ලොකු පෙනුමකුත් නෑ...
ඒත්,
සමහර තැන්
හරිම ගොරෝසුයි
සමහර තැන්
හරිම සුමුදුයි
බොහෝ තැන් හරිම සුමටයි...
ඇතීනා ගේ ද
දන්නේ නෑ.
මගේ අතපයට හරියන
හන්දිවලට දරා ගන්න ඇහැකි
උඩ දාල අල්ලන්න හැකි
බිම දිගේ රෝල් කරන්න පුළුවන්
අතේ එල්ලන් යන්න පුළුවන්
කරේ තියන් යන්න පුළුවන්
විදිහේ බඳුනක් ඒක.
ඇරත්,
මට හිතෙන්නේ
කකුල් දෙක මැද්දේ උනත්
තියාගන්න පුළුවන්.
නමුත්,
හරිම පුදුම වෙනසක්
ඒකෙ තියෙනවා...
අඳුරෙත් ඒක දිලිසෙනවා.
හරියට,
බැස්කවිල් දඩ බල්ලාගේ
ඇස්වල ගාපු
පොස්පරස් වගේ.
උඩ දාල අල්ලල
සෙල්ලම් කරන්න හිතෙනවා
බිඳුනත් කමක් නෑ කියල,
හැබැයි බිම වට්ටලා නෙමෙයි.
ඒක
වටිනවා...
ඊටත් වඩා
එක හරියට,
වේලාසනින් ආපු නැති
වසන්තයක් වගෙයි !
* * * * * * * * * * * * * * * * * * *
චෑහ් !
මං නැති ටිකේ චීනෙක් ඇවිත්
ඒ මැටි බඳුන
ගෙනිහින්...