16.08.2013
කළු ගංමෝය...
රාත්‍රී 10.00
කළු ගංමෝය...
රාත්‍රී 10.00
තරු අඩු, කණාමැදිරියන් වැඩි රැයක්!
ඊයෙ අඳුර වැටීගෙන එන වෙලේ මං ගියා මුහුදු වෙරළට. අවුරුදු ගාණකට කලින් ඇය මා දමා ගිය තැනට. මං ගියෙ හිස් අතින්, කොන්ඩෙ පීරමින්. මුහුදු හුළං සැරට මගේ කෙස් එහෙ-මෙහෙ වෙන්න පටන් ගත්තා. එදා, ඈ මා දමා ගිය දවසෙ මට පේන පේන හැමදේම එහෙ-මෙහෙ වෙන්න ගත්ත. කෙස් කෙළින් වුණා. සම මතුපිට තිබුණ රෝම ස්තරය පිච්චෙනව වගේ දනුන. ඒ ගඳ ආව.
එදා, මහ මුහුදට හොඳටම තරහ ගියා. එකක්, එයාගෙ වතුරෙ ලුණු රහ ගැන එයාට ලැජ්ජ හිතුන හින්ද. අනික, වෙනද වගේ මං මුහුද දෙසට පීනගෙන ගිහින් එයාගෙ කන්‍යාභාවය අහෝසි නොකරපු නිසා. එදා, මහ රෑ වඩදිය ගලනකං මගේ ඇඟිළි තුඩුවල කන්‍යාභාවය නං අහෝසි වුණා.මගේ කටේ දත්වලින්. අන්තිමට අඟිළි තුඩු ඉදිමෙනකන්ම.
අවුරුදු 13ක් ගත වුණා. අද වනතුරුත් මහ මුහුද, එයාගෙ කොට සායවත් මගේ හංපඩ ඩෙනිමවත් දක්කෙ නෑ.
අදත් මුහුදට හොඳටම තරහ ගියා. මොකද, මං එයාව බලන්න හිස් අතින් කොන්ඩෙ කසකස ගිය නිසා. ඇය හිතුවෙ මං ගල් බෝතලයක් හරි මොනා හරි රට බීමක් අරන් එයි කියල. ඒ වැඩේ වැරදුනා. වෙනදට වඩා සැර රැළි මගෙ ඔළුවටත් උඩින් ගියා. කන් දෙකම වැලිවලින් පිරුණා. වෙනද කකුලෙ හැපිච්ච ගල් මාළු, සිප්පි වෙනුවට ඉකිරියොයි, බෙලි කටුයි මට වද දුන්නා.
කමක් නෑ...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...
මුහුද මගෙන් පළිගත්තෙ මට මගෙ අතීතය මතක් කරල දීල...